Sunday, March 31, 2024

එන්න....

Share it Please






පාවහන් ගලවා ඇතුළු වෙන්න
පාත් වී සිඹගන්නම හිතෙන
ඔය දම්පාට පුංචි මල්වලට
අකුළුවාගෙන සියළු පත්
ඔය සිනිඳු යටිපතුල් වල
පුංචි කටු අනින්නට ඉඩ දෙන්න

සියළු තැනිතලා නග්නව
කාෂ්ඨක හිරු රසින් ගිනියම්ව
වාලුකාවන් බවට පෙරලෙයි
තව ටිකක් දුර තැනක

ඒ වැලිම ගිනිගෙන
රක්ත තප්තව ගලාගොස්
මිදුණු කදා විල දෙදරා
තියුණු උල්කටු විදා
යටි පතුල් හාරන දවසට

යාන්තං හිනාවී සිනාසෙන්නට
පුළුවන්ය ඔබට එතකොට
පාත්වී සිඹගන්නම හිතෙන
ඔය දම්පාට පුංචි මල්වලට
අකුළුවාගෙන සියළු පත්
ඔය සිනිඳු යටි පතුල්
කිති කවන්නට ඉඩ දුන් දවස ගැන....

ඉතින්, පාවහන් ගලවා ඇතුළු වෙන්න.


#rsmpoems

2 comments:

Blogroll

About