Saturday, March 23, 2024

නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගා‌තේ යන මිනිහෙක් වන්නෙහි ය

Share it Please


 

එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට

"නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ"යි ඇසූ සේක. 

කායින් ද උත්තර දෙමින්,

 "මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ"යි ඇසීය.

සමිඳාණන් වහන්සේ ද,

"නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි. මින් මතු නුඹ පොළෝ තලය මත සාප ලද්දෙක් වේවා! නුඹ අතින් හෙළූ නුඹේ සහෝදරයාගේ ලෙය උරා බීමට මෙන් පොළව කට අයාගෙන ඇත. එම පොළොවෙන් නුඹ නෙරපා දමනු ඇත. මෙතන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට ඵලදාව‌ නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගා‌තේ යන මිනිහෙක් වන්නෙහි යැ"යි වදාළ සේක.

-උත්පත්ති 4: 9-12 (ශුද්ධවූ බයිබලය)



ගින්දරත් අලුත් වෙන දවසක
ගල්ලෙනක දොර ඇරුණු උදයක
ජීවිතය අරන් ගිය යකඩ ගුලි
කුරිසියක ඇණ ගැලවු මොහොතක

පියාඹා ඉගිල ගිය අත්තටුය
තටු සිඳී ඇද වැටුනු සමනලුය
හිස නවාගෙන ගලන කඳුලකට
බර තබන නොනිමෙනා ගිනි දළුය

මළවුන්ගෙ මොරගැසුම් හඬ වසා
මුසා බස් අතුරනා ලියවිලිය
ලේ වලින් ලියාගෙන සඟවනා
රහසකට මිල හොයන මිනිසුන්ය

2024 මාර්තු 22




4 comments:

  1. එතකොට පාස්කු සිද්ධිය කලේ මුස්ලිම් මිනිස්සු නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. හිටපු ජනාධිපතිතුමා කියන්නේ එයාලා නෙවෙයි වගේ කතාවක් නේ ද? හැබැයි එයා කවුද කියලා කියන්නේත් නෑ කියනවා නේ.

      Delete
  2. තවත් වරක් රබර් බෝලය දිය යට ගිල්වන, මතුවෙන හැඩකි. චරිතය හා රැඟුම චන්දයට හුරු වූවකි. වේදිකාව මත දසුන කුමක් වුවද පිටුපස රූකඩය මෙහෙයුම පුරුදුම එකක් සෙයකි. තවත් ජවනිකාවක්!

    ReplyDelete
    Replies
    1. තිරේ හෙල්ලුවා විතරයිනේ තවම. ඇත්තටම, කවුරු කවුරු හෝ වේවා, යම් දායකත්වයක් තියෙන අය සේරම ඉස්සරහට ඇවිල්ලා, වෙච්ච දේ හරියාකාරව පැහැදිලි කලා නම්... ??

      Delete

Blogroll

About