Thursday, February 15, 2024

නිදිහස.....

Share it Please


 අද උදේ යූටියුබ් එකේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ මාධ්‍ය සාකච්ඡාවක වීඩියෝ එකක් දැක්කා. එතුමා ආණ්ඩුව පැත්තේ දේශපාලන තක්කඩිකමක් ගැන සෑහෙන විස්තරයක් කරනවා අහගෙන හිටියා. 


මේක බලාන ඉඳිද්දී, ඒකේ පසුබිමේ එතුමාග‌ේ අලුත් එකමුතුවේ ලාංඡන පේලි පේලි ඇඳලා තියන දිහා බලාන ඉඳිද්දී.... මේ ලියලා තියෙනෙක කියවන්නේ කොහොමද කොහොමද හිත හිතා ඉඳිද්දී තමයි... ඩාම් වෙලා ඩූම් වුනේ.... සන්තෝ... 'නිදිහස' නේ ද?

නිදිහස කියන්නේ ඉතින් නින්දෙන් හිනාවෙන එකනේ.... ටක් ගාලා ඔළුවේ ඇහෙන්න ගත්තේ මාලිනී බුලත්සිංහලගේ ගීතය.... දැන් කාලේ දේශපාලන වේදිකාවලත් කවි ගීත වල වචන කියලා යථාර්ථයට ගලපන වැඩේ සෑහෙන්න වෙනවා නේ ද?

එක එක පදේ අරන් විස්තර ලියන්න කම්මැලියි අප්පා.... ගැලපිල්ල ගලපලා හිතලා බලන්න.

රජ මැදුරක ඉපදී හිටියා නම්‌
නුඹත්‌ රජෙකි පුතුනේ..
හිරිකඩ බාගෙන පොල්‌ අතු ඉගිලෙයි
අද නුඹ‍ෙ සිරියහනේ..
හීනෙන්‌ හිනා නොවී..
මා හඬවාපන්‌ මේ රෑ යාමේ..

පුංචි පැටික්කන්‌ මග දිග හඬවන
සිල්ලර රසකැවිලි..
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්‌
යානා පෙනී පෙනී..
අහක බලාගෙන මග දිග යනවිට
නෑ මට වාවන්නේ. .
හීනෙන්‌ හිනා නොවී..
මා හඬවාපන්‌ මේ රෑ යාමේ..

ඉඳහිට මොලවන ලිපත්‌ දනී පුත
කැඳ රස සුනු සහලේ..
දිව බොජුනක්‌ සේ දිව ගා ඇල්මෙන්‌
අකුරට දිව යන්නේ..
ඇඳලා කල්‌ ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ. .
හීනෙන්‌ හිනා නොවී..
මා හඬවාපන්‌ මේ රෑ යාමේ..






4 comments:

  1. මහින්ද චින්තනේ හැදුවේ ඩලස් කියනවනේ...
    ඒකාලේ හැමදාම ඇම්බියුලන්ස් එකේ හවසට ගෙදර යන ඩලස් වගේ දේසපාලුවෙක් හම්බුනොත් අටපට්ටමට කියන්න....

    ReplyDelete
    Replies
    1. චින්තනේ කිව්වේ පොත විතරයි නේ ද?

      Delete

Blogroll

About