Friday, January 5, 2024

හුම්මානය

Share it Please



පෙනෙන තෙක් මානයට ඈතින්
අහස ඇවිදින් පහතට
මුහුදු වතුරට ගෑවෙන
සක්වල ගලට එපිටින්

උදේ හවසට ගිනි දැලින් දැල්වී
දේදුන්නෙ පාට කැලතෙන
ඉසව්වේ මෝදුවෙන
නා නා වර්ණ සියුමැලි
සුසිනිඳු කුසුම් සුවඳැති

එකතු කරගෙන දෝතට
තුරුළු කරගෙන ලමැදට
සඟවාන නොපෙනෙන්න
රහසින්ම සිපගන්න

නග නගා විත් සරැලි මැසිවිලි
දණ නවා සීරුවට වෙරලස
අතුරලා වැලි තලාවක
පුබුදුවන මල් මල් ලතාවක
බලන හැඩ වැඩ
නිමේෂය ගැන 
දරා සිත සිතිවිලි

හිස නගා අහසට
ගත නවා ගැඹුරට
අත යොමා අහුලා
සුසුදු බෙලිකටු
සයුරු පතුලත

දුව දුවා ආවත් වෙරළස
ගල් කුළක බිම්ගෙයක සැඟවෙන
වෙරළ විසිරී
පලසක්ව ඇතිරී
මල් පිපෙන
වරම් නැති
වෙස්සන්තරය මුමුණන
මුහුදු රළ

මිහිකතගෙ ගිනිගැනුනු හදවත
දියව වැගිරුනු රුහිරු වියැලී
ජනිත වූ ආග්නේය පාෂාණ
ඇතිරුණු මළුව සලපතල
සිඳ බිඳ කීතු කීතු කර
පිපිරවිය නොහැක්කෙන්
ගිරි බෙයද අතරින්
හිරව තෙරපී වැර නගා රිංගා

නැගී අහසට
බිඳු බිඳුව විසුරයි
කරිජ්ජ දිය මල් පොකුර
පෙති පෙති කඩා කුඩු කර
නොහැකියෙන් ගැයුමට
සොඳුරු ගී පද බැඳ
හූම් ගා... හූම් ගා...
මොරදේය හුම්මානය

ජනවාරි, 5, 2024

9 comments:

  1. මේ ළඟදි ඔතනට ගියා...ඇත්තටම අපූරු චමත්කාර තැනක්.කොකොච්චර බල්න් හිටියත් එපා නොවෙන..

    ReplyDelete
  2. කවි සිතක් දකින සොබාදම් මවිතය!

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ තුල බොහෝ දේ දැකීම එක අතකින් වාසනාවක් මෙන්ම ශාපයක් ලෙසත් දකින්නට පුළුවන් නේ ද?

      Delete

Blogroll

About