Wednesday, January 31, 2024

ත්‍රස්තවාදී ත්‍රස්තවිරෝධි පනත

Share it Please

  


රටේ මිනිස්සු පාරට බහින එක පෙලපාලි යන එක නවත්තන්නට පොලිසිය වනන සුද්දාගේ කාලේ පොලිස් ආඥා පණත ඉතාමත් දුර්වල එක්ස්කියුස් එකක් වී ඇති නිසා, බල්ලන් මරණ අළුත් පොල්ලක අවශ්‍යතාවය ඉතා තදින්, සද්ගුණවත් සාරධර්මාහිදාන පාලක පරම්පරාවන්ට දැනෙන්නට පටන් ගෙන තිබේ.

තරිඳු ඩබල ගේ මේ කතාබහ අහාන ඉද්දී අසූඅටේ නවයේ දවසකට මතකය ඇදී ගියේය. ඒ කාලේ අපේ ධර්මචක්‍රාධිපති ජයවඩ්ඩනයන්, පුතාණන්ගේ පියාණන්ට පුටුව බාරදුන්නු අළුතය. උතුරේ එල්ටීටීයත් දකුණේ ජේවීපීයත් අවි අමෝරා සිටි, එහෙයින්ම, පීටීඒය බයිබලය වූ කාලයකි.

මට මතක එවක ආණ්ඩුවේ නීති කකුල වූත් අසා ඇති පරිද්දෙන් පීටීඒයට වින්නඹුකම කලාවූත්, ලලිත් ඇතුලත්මුදලි ගුවන්විදුලියෙන් කල ප්‍රකාශයකි. එදා, ඇමනස්ටි ඉන්ටර්නැෂනල් එක, ලංකාවේ මානව විරෝධී වැඩ ගැන කතාබහ කිරීමගැන ඇතු-ලත්-මුදලි මයාට මල පැනලා තිබුණේය.

එහේ මෙහේ කට වාචාල කතා නොකියා මෙහේ ඇවිත් පුළුවන්නම් සිරි ලංකා උසාවියක සිරිලංකා ආණ්ඩුවට විරුද්ධව නඩු පවරන්නැයි එතුමා ඇමනස්ටියට අභියෝග කළේය.

වීඩියෝව බලන්න. තරිඳුලාගේ කතාබහ ගැන හිතන්න.



2 comments:

  1. රනිලුත් එයාගේ මාමණ්ඩියගේ අඩිපාරේ යමින් මර්ධනයට අවශ්‍ය වටපිටාව හදාගෙන යනවා.
    ඊයේ පෙරේදා සම්මත උන ඔන්ලයින් පණත එහෙම එකක්. ඔන්ලයින් ඔස්සේ සිදුවන විවිධ අකටයුතුකම් ගැන ක්‍රියාකරන්න නීතී ගේන එක අවුලක් නෑ.. ඒත් රනිල් ගෙනාපු පණත මිනිස්සුන්ට වෙන ඇත්ත ආසාධාරණය නවත්වන්න ගෙනාපු එකක් නෙමේ. ඒක පැහැදිලිවම ආණ්ඩු විරෝධී ප්‍රකාශණ මර්ධනය කිරීමේ අරමුණින් උඩින් අයිසින් දාලා ගෙනාපු පණතක්..මේ පණතේ හැටියට ඔන්ලයින් පල වන දේ වල ඇත්ත ද බොරුද කියලා තීරණය කරන්නේ 5 දෙනෙකුගෙ කමිටුවක්..මේක ඇත්ත නැත්ත කමිටුව.

    ඊලඟට එන්නෙ නව ත්‍රස්ථ්වාදී පණත..

    රනිල් මර්ධනයට අවශ්‍ය වටපිටාව වේගයෙන් හදමින් යනවා.

    දැන් නීතී ටික සම්මත කර ගත්තට පස්සේ, ඒ පිටින් දාලා තමන්ගෙ විරුද්ධවාදින් අත් අඩංගුවට ගන්න සිදූවීමක් විතරයි ඕනේ..

    ජේ ආර් ගේ කාලේ නැක්සලයිට් කුමන්ත්‍රණ, ගොඨගෙ පාස්කු ප්‍රහාරය වගේ සිදුවීම එන්නෙ ඉස්සරාට...දඩයම කරේ තියාගෙන යන එක්කෙනා බැලුවම තුවක්කුව බැදපු එකා තේරේනවනෙ

    ReplyDelete
    Replies
    1. මට පේන හැටියට නම්, අඩි පාරේ යනවාම නෙවෙයි. මතක්කෙන මතක්කෙන වෙලාවට මාමා දාපු එකේක සෙල්ලං දාලා බලනවා. අච්චාරු කරාන ඉන්නේ කියලා මට නම් හිතෙන්නේ.
      දුකත් හිතෙනවා එක වෙලාවකට.

      Delete

Blogroll

About