Tuesday, January 16, 2024

සත් පියුම්

Share it Please

 


ලුම්බිණියේ සිදුහත් කුමරුන් උපන් විගස සත් පියුම් මතින් පා නගා වැඩියා ද නැද්දැයි කුකුසක් සිත ඇති කරගන්නෙක් වේ නම්, ඒ අම්මෙකුගේ සිතිවිලි විමසිලි සිතින් විමසා දැන හැඳිනුවෙක් නොවේ යැයි මට සිතෙයි.

සිය දූ දරුවන් පා තබන හැම තැන, පියුම් පිපෙනවා දකින, පියුම් පුබුදුවන්නටම සිතන පතන අම්මලා දැන හැඳිනීමද ජීවිතයේ මහඟු සම්පතක්ම වෙයි.

අපේ ලොකු පුතා, දැනමුතු වී, විශ්ව විද්‍යාල පිවිසුමට සැරසෙන කාලයේ එයාගේ අම්මාගේ හැඟුම් සිතිවිලි දැන හැඳිනූ නිසාම ලියවුනු ඉහත වචන පෙල, එයින් හත් අට වසරකට පසුව, පූජ්‍ය බිබිලාදෙණියේ මහානාම හිමියන්ගේ ගී තනුවට ගැලපෙන්නට සකසැවී, ගීතයක් වී ගැයුනේ ද ඒ අම්මාගේ මුවින්මය.

පහත සබැඳිය ඒ ගැයුමටය.






ඒ කාල වකවානුවේම, දර්ශන වික්‍රමතුංගයන් අතින් තනු නිමැවී සංගීතවත් වුනු ඇගේ අනිත් ගැයුමුත් එකතු කෙරුනු ගී එකතුව 'සත් පියුම්' වූයේ ද එහෙයින්මය.

මානෙල්ගේ ගී එකතුවට සබැඳිය:
සත්පියුම් ගී එකතුව

10 comments:

  1. Replies
    1. හරි හරි, හම්බවුනා. ධනාත්මක වැඩි හින්දා බ්ලොගර් කාරයා හංගලා තියලා වගේ.
      තුති.

      Delete
  2. ගීතය ඇසුවා...ඇත්තටම හරි ලස්සන ගීතයක්....එහි එන බටනලා වාදනය ( ඔගන් එකෙන් උනත්) හරිම ලස්සනයි.....ගීතයේ ආරම්බය ඉතා හොදයි...එය දිගටම අසන්නාව රදවා ගැනීමට සමත්....ඔබගේ බිරිදගේ කට් හඩත් ඉතා මිහිරියි...

    ReplyDelete
    Replies
    1. ඇගයීමට ඉත සිතින් තුති.

      Delete
    2. මෙහි බටනලා වාදනය ඕගන් එකෙන් නොවේ. මෙහි බටනලා වාදනය සිදුකළේ ප්‍රවීණ බටනලා වාදක ඉන්දික රජින්ත විසිනි....

      Delete
    3. විස්තර ලිව්වාට තුති.

      Delete
  3. ඔව් ගීතය ලස්සනයි. මම කලින් ඇවිත් කොමෙන්ට් එකක් කොටලා ගියා.

    ReplyDelete
    Replies
    1. කලින් කෙටූ එක නම් හොයාගන්න නැහැ. අතුරුදහන්වීම් තවමත් වෙනවා නේ ද?
      හැමදාම වගේ කියවනවාට, අගය කරනවාට ඉත සිතින් තුති.

      Delete
  4. නැවත අහද්දි ඇත්ත බටනලා වාදනයක් බව තේරුනා..සින්දුවෙ අගින් එන බටනලා වාදනය ටිකක් ඕගන් මියුසික් එකක් වගේ දැනුනු නිසා තමයි මම මුලු සින්දුවම ඕගන් බටනලා වාදනයක් කියලා හිතුනේ...මුල හරියේ බටනලා වාදනය ඒ විදිහට ඕගන් එකෙන් ගන්න අමාරු තමා...බටනලාව ගොඩක් දිග මහත එකක් බව තේරේනවා...

    සින්දුවේ පදමාලාවේ ආකෘතියත් සාමාන්‍ය සින්දු වලට වඩා වෙනස්....කොටස් හතරම ගැයේනෙනේ එකිනෙකට වෙනස් වචන වලින්....

    බිරිදගේ කටහඩ මට මතක් කලේ නිරංජලා සරෝජනී මහත්මියගේ මුල් කාලේ ලයාන්විත කටහඩ....
    වෙනත් අලුත් සින්දු වලට වඩා කීප පාරක් අසමින් රසවිදින්න පුලුවන් අගනා සින්දුවක්

    ReplyDelete
    Replies
    1. පුනරුච්චාරණය වෙන කෝරස් කෑල්ලක් නැතුව මුලින්ම වගේ ගැයුනු ගීතයක් හැටියට මතක, පතිරාජගේ අහස්ගව්වේ සනත් නන්දසිරි ගයන ඉරා අඳුරුපට ගීතය.

      https://www.youtube.com/watch?v=TEGdAXpUJZs

      Delete

Blogroll

About