ගේබ්‍රියල් ගේත් මගේත් යාළුකම පටන් ගත්තේ නවවැනි පංතියේ දී විතර විය යුතුය. මා පොට්ටයා වූ අතර ගෙබ්බා උතුර බලන්නට දකුණට ඔළුව හරවන වපරයෙකි. පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම සඳහන් කර කියවෙන ඇනුම් පද වලට ගෙබ්බාගේ මුහුණට නැගෙන්නේ අසරණ හිනාවකි. ඒ හිනාව එදා අපි දෙන්නාටම පොදු වූයේයි දැන් මට හිතේ.
ගෙබ්බාගේ තාත්තා දැල් පන්න කාරයෙකි. වැල්ලේ මාළු ලෑල්ලේ රේන්දය කලේ ලොකු අයියාය. දෙවෙනි අයියා මහ විසාල ඇල්බීසියා කඳන් පොරෝ තලයෙන් ලෑටි ගා තෙප්පං කැපුවේය....
වැල්ලේ ගෙබ්බලා ගේ ගෙදර පොල් ගහක් යට වාඩිවී ඉස්සර වාගේ කතා කර කර ඉන්නට ආසාව තිබුණත්, ගේ තිබුණු ඉසව්ව පුරාම ගෙවල් යායක් වෙලාය. මූදත් ගෙවල් මණ්ඩියත් අතර අඩි සීයක් දෙසීයක් තිබුණු තඹ පාට වැලිතලාව වෙනුවට දෙන්නෙකුට අත් අල්ලාගන යන්න ට පුළුවන් වැලි තීරුවක් ඉතිරි වී තිබේ.
රැල්ල බිඳෙන්නේ එහෙන් මෙහෙන් ගෙනත් පරිස්සමට අඩුක්කල කළුගල් කොන්ක්‍රීට් ඇතිරිල්ලක් තෙමාගෙනය. සුනාමිය අරන් ඇවිත් මුරණ්ඩු වූ මූදට දැන් හැමදාම ඒ ගල්වල ඔළුව ගහ ගන්නට සිද්ධ වී තිබේ.
මූදට බය නැති ගෙබ්බලාගේ පරපුරේ මිනිස්සු, ඇල්බීසියා කොට අතහැර දමා දැන් ෆයිබර් ග්ලාස් තෙප්පං වල මූදු යති. හුලං බදන රුවල වෙනුවට පැට්රල් පුච්චන අවුට් බෝඩ් මෝටර උන්ගේ ජීවිත වලට හුළං පිඹියි. ලුණට කර වී අපාට වූ කොහු ලණුවලින් එකට පිරිද්දූ ඇල්බීසියා ලී තෙප්පම මෙන් නොව ෆයිබර් තෙප්පම වර්ණවත්ය... පැස්ටල් පාටය... ලස්සණය....

ලස්සන ලියවිල්ලක්. ලස්සන යෙදුම් !
ReplyDeleteඅල්ලන මාලු දාන්නේ කොතැනට ද?
ReplyDeleteතෙප්පං පිටත් වෙන්නේ රෑ පාන්දරට. උදේ දහය එකොලහ වෙද්දි ගොඩ. දැල් එලලා, එහෙමම එකතු කරාන අැවිත් මාළු බේරන්නේ වෙරලේ. බිලි බෑවොත් ලොකු මාළුත් ගේනවා දැල් පන්න එක්ක ගැටගහලා මං හිතන්නේ.
Deleteවැල්ලට අාවාම නං ඉස්සර ලෑල්ලට දාලා වෙන්දේසි කරනවා.
පහු කාලේ මං දැක්ක හැටියට, තෙප්පං බෝට්ටු ගොඩ එන වෙලාවට ගෙදර කට්ටිය තරාදිය අරන් වැල්ලට අැවිත් තෙප්පමෙන්ම කිරලා විකුණනවා.
හොඳ පෝස්ට් එකක්
ReplyDeleteතුති
Deleteඕකට පටවන ඒවා වතුරට වැටෙන්නෙ නැද්ද
ReplyDeleteඅපොයි නෑ...! හැබැයි රැල්ල ගැහුවාම තෙමෙනවා.
Delete######
ReplyDelete