Tuesday, October 31, 2017

පියාඹන හඳ

පියාපත් නැත්තං හඳට අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද? ඉර බහින හැන්දෑවෙ ඇවිල්ලා හිත ගාව හිනැහෙන්නෙ කොහොම ද? රතු පාට කහපාට  මල් පිපෙණ දවාලේ හැංගිලා හොරකමට  වහං වී ඉන්නවා... ගොම්මනේ පාට හත  දියවෙද්දි ලුණු වතුරෙ මෙන්න ඇවිදන් ඇවිත් සුදුම සුදු මල් පොකුරු  මගෙ අතේ තියනවා... පියාපත් නැත්තං හඳට අර වාගෙ ඉගිලෙන්නෙ කොහොම ද? ඉර...
Continue Reading...

Monday, October 30, 2017

කින්නර ගීතය

ගයනු මැනවී ඉතින් ගයනු මැනවී ඔබේ ප්‍රේම ගීතය කින්නරාවියනේ... උච්ච ස්වරයෙන් දැදුරු කර ලය සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා ගයනු මැනවී ඉතින් ප්‍රේම ගීතය ගයනු මැනවී කින්නරාවියනේ... ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ අන්ධකාරයේ ස්වර සත ගලගා කණට නෑසෙන උච්ච සරයෙන් ගයනු මැනවී ඉතින් ප්‍රේම ගීතය ගයනු මැනවී කින්නරාවියනේ... තාරකා...
Continue Reading...

Sunday, October 29, 2017

තාත්තා....

"උදාසන හදිසියේම වාගේ මම අවදිවීමි. ජනේල වීදුරු සඳ එළියෙන් බබලයි. අඳුර කාමරයේ අහුමුළුවල සැඟවී සිටී. කාලාන්තරයක් යැයි හැ‍‍ඟෙන කාලයකට පසුව මම කල්පාන්තරයක් තිස්සේ හුරු පුරුදු වූ ස්ථානයක සිටින්නේ ය යන හැඟීම දිය බුබුලකින්  මතුවන ජලය සේ ගලාවිත් සිත පුරවා ගනී. ඒ සිතිවිල්ල සිසිලසක් සැනසීමක් සමගම අව්‍යාජ වූ සතුටක් සිතට ගෙනෙයි. කණ්ණාඩි...
Continue Reading...

සුබ උපන්දිනයක්.....!

තාත්තලා දැකීම තාත්තලාට සතුටකි. සුබ උපන් දිනයක් මියුරු පුතා. ...
Continue Reading...

Friday, October 27, 2017

රතු සේද....!

දණ ගගා ලපැටි දඬු මත ලෑටි ගා මල් බෙරි කොල තැනූ දා සුසිනිදු නූල් ඇද සංක්‍රාන්ති කෝෂය තටුගසා ඉගිලෙන  දවස ගැන හිතිවිලි පණ ගසා පිපෙන්නට ඇති පට පණු සිතේ පතුලක.... පියාඹන ජීවිතයසොයා තැනු සේද නූලම ලියා ඇත මරණයේඅවසාන සහතිකය බුබුළුලන දඟලනඋණු දිය කටාරම තුල දියව ගිය නිදහසේඅවසාන මුණු මුණුව තටු සලන කොඩියක රතු සේද නූලක්වනැගි නැගී අහසට ගයයි...
Continue Reading...

Wednesday, October 25, 2017

මගේ සිහිනය

මගේ සිහිනය POSTED BY KOOMBIYA 4.16.2008  මගේ මිතුරන්ට බොහෝ බරැති හීන පෙනේ. ඒ හීන වල තිබූ කාර්, ලොරි, ගෙවල් සහ ඉඩම් වල බරට උන්ගේ ඇඳන් නිතර ජර-බර ගා හඬ නැගුවා. දහදියෙන් නැහැවී ගිය උන්ගේ ඇහි දාර ද නළල් තල ද පෙනෙන හීනයේ් බරින් ඇකිලී ගොස් තිබූ හැටි මට මතකයට නැගේ. කිසිදු හීනයක් නොපෙනීම ගැන මට තිබුණේ මහා මදිකමක්, ලැජ්ජාවක්...
Continue Reading...

Sunday, October 22, 2017

හිත ඇත්නම් පත කුඩා ද?

කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ. මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ...
Continue Reading...

Friday, October 20, 2017

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා

අපි පුංචි කාලේ පී.ජී. මාටින්ස් සමාගමේ, ඩී.අයි. ලෙදර් සපත්තු ජෝඩුවක් ගත්තාම තරමක කාඩ්බෝඩ් පෙට්ටියක් ලැබුණි. මේ පෙට්ටියකින් මං හදාපු රේඩියෝවක් අපේ ගෙදර ජනෙල් උළුවස්සක් උඩ සෑහෙන කාලයක් තිබුණා මට මතකය. අපේ අම්මාට මං කරාපු ඔය වගේ දේවල් ඉතාම අගේ විය. මේ රේඩියෝවේ, ඩයල් එක, ස්විච් යතුරු ආදී අංගෝපාංග සේරම ලස්සණට අමුණා තිබුණ ද, ඒක වැඩ කරන්නේ නැත....
Continue Reading...

Tuesday, October 17, 2017

පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම

ගේබ්‍රියල් ගේත් මගේත් යාළුකම පටන් ගත්තේ නවවැනි පංතියේ දී විතර විය යුතුය. මා පොට්ටයා වූ අතර ගෙබ්බා උතුර බලන්නට දකුණට ඔළුව හරවන වපරයෙකි. පොට්ටයා ගේත් වපරයාගේත් යාළුකම සඳහන් කර කියවෙන ඇනුම් පද වලට ගෙබ්බාගේ මුහුණට නැගෙන්නේ අසරණ හිනාවකි. ඒ හිනාව එදා අපි දෙන්නාටම පොදු වූයේයි දැන් මට හිතේ. ගෙබ්බාගේ තාත්තා දැල් පන්න කාරයෙකි. වැල්ලේ මාළු ලෑල්ලේ...
Continue Reading...

Tuesday, October 10, 2017

පිණි බිංදු අවුණන සුරඟන

කඳුළු කඳු මුදුනත දැවටෙන සිහින හිම මත සුළැඟිලි අගින් මම ලියන්නෙමි ඔබේ නම අහස් ගඟ ඉවුර මල් මත හෙමින් පා තබ තබා ඇවිදින සිහින් විල්ලූද තටුවල පිණි බිංදු අවුණන සුරඟන පුංචි පොඩි තරු කැට ඔය මුදු පා පොඩිති යට කිති කැවී හිනාවෙන හඬ ඇහෙනවා ඇහෙනවා මට ලපැටි සමනල් තටුවක පාට කුඩු ඇඟිලි තුඩගට අරගෙන හෙමින් පිඹ එවනවද කියා සුළඟට නිසංසල සිහින අරගෙන මද...
Continue Reading...

Sunday, October 8, 2017

පහන් සිලක් ලඟ සුලං රලක්

පහන් සිලක් ලඟ සුලං රලක් නැවතී ගිමන් නිවන්නට නවාතැනක් අයදී... අැඟිලි අගිස්සක පිණි බිඳුවක් තැවරී කපොල් තලාවක නෙළුම් මලක් පිබිදී... විලක් නොවේ නම් ගඟක් වෙලා අවුදින් ගලා නොයන්නම් ලඟටම වී ඉන්නම් ඉරත් මලානික හැන්දෑවක රහසින් හීන් හිනාවක පිපී සුවඳ වෙන්නම් පියෙන් පියවරට හැරී බලා යා නම් හෙටත් අද වගේ මෙතැනම හමු වෙන්නම් අදක් හෙටක්...
Continue Reading...

Blogroll

About