රතුපාට පැල්ලමක්
හෙමි හෙමින් මෝදුවෙයි
සුදුපාට වෙළුම් පටියේ
හරි මැදින් පටන් ගෙන
නූල් පට දිගේ විත්
නැවතිලා මොහොතකට
හරස් නූලක් දිගේ
ගලා යයි රතු පාට
ගැට ගැසුණු දෙකෙලවර
කතුරු තුඩගින් කපා
ලිහා ගලවා මුදා
විසි කරමි වෙළුම් පටි
සෝදා ගලන ජලයෙන්
පිසදා ගිනි වතුර පෙඟි පුළුනෙන්
මාත්තු කොට තෙත
වෙළමි මම නැවතත්
සුදෝ සුදු වෙළුම් පටි
රතුපාට පැල්ලමක්
හෙමි හෙමින් මෝදුවෙයි
සුදුපාට වෙළුම් පටියේ
හරි මැදින් පටන් ගෙන
නූල් පට දිගේ විත්
නැවතිලා මොහොතකට
හරස් නූලක් දිගේ
ගලා යයි රතු පාට...!
2014 නොවැම්බර
ඇති යන්තං ආයෙමත් රන්සිරිව මුණගැහුනේක .
ReplyDelete