Friday, August 26, 2016

ද ලිවින් වෝල් ඔෆ් ලුණුගල

Share it Please

“අම්මා, මේ තාප්පෙ වවල තියන පැල අම්මා හිටවපුවා ද?“

“කොයි පැල ද පුතා... ඔය රතු පාට එව්ව ද?.... කොච්චර ගැලෙව්වත් ආයෙත් වැවෙනවනෙ පුතා...!“

මේ සජීවි තාප්පය තියෙන්නේ ලුණුගලය.

අපේ මානෙල්ලාගේ ගෙදර වත්ත මායිමේය. කන්ද කපා ගෙපල හැදෙන කඳුකරයේ බොහෝ ගෙවල් වල වැට මායිම කළුගලෙන් බැඳි මේ වාගේ සීමා තාප්පය.

මේ තාප්පයේ තැන තැන ඉඩ තියා තියෙන්නේ උඩහ ගෙපලේ එකතු වන වැහි දිය නිදහසේ බැස යන්නට විය යුතුය. ඒ කුරස් හොයාගෙන ඇවිත් වැවෙන මීවනත් අනෙක් ශාකත් නිසා මේ තාප්පය ස්වභාවිකවම සජීවී වී තිබේ....

අර කොළඹ තාප්පයක යකඩ කොකු ගහලා මල් පෝච්චි එල්ලලා වතුර වක්කර ගන්න අමාරු හින්දා අයින් කල එකේ, ඔය මන්දිරේ ලුණුගලට ගෙනාවා නං, අදටත් තාප්පේ මල් පිපෙනවා නේ ද හිතුණා ඉතින්.....!!

කන්ද කපා ගෙපල හදා ගෙවල් හදන්නට බලාපොරොත්තු වන යාළු මිත්‍රයින්ගේ අවධානය පිණිසයි.









2 comments:

  1. ලුණුගල විජය චිත්‍රාගාරය මතකද?

    ReplyDelete
  2. මමත් ලුණුගල කාලයක් ජිවත් වුණා . සුන්දර සුළු නගරයක්. ඇවිත් කියවන්න. රසිකගේ ඔත්තුවකට ආවේ.
    https://kolambagamaya.blogspot.co.uk/2017/01/blog-post_11.html

    ReplyDelete

Blogroll

About