Wednesday, December 28, 2016

මයි ලව්ලි ඩාලිං කුමුදු [මහ ගෙදර ඇත්තෝ ]



ඔයා නැතුව
හරිම හරීම පාළුයි
චූටියන් දෙන්නා
මතක් වෙද්දි නම්
වෙලාවකට I feel like
Run and catch a plane


බෑනේ ඉතින් කරන්න ඔව්වා
හිතුණ තරමටම ඔහොම

How is your mother in law
Getting enough
බණ දහම්?
මං කිව්වනේ ඔයාට ඕක
මට ලියපු ගමන්
අනේ ඩාලිං
නිමල් පොලිෂ් කෙනෙක් උණත්
අම්ම තාම ගමේ අම්මණ්ඩිනේ

ඩැඩීත් කිව්වා ඔයා නම්
ඕනෙ නැති කරදරයක්
කරගන්නෙ කියල
මිසිස් වීරසේකර
මෙහෙ ඇවිල්ලත්
අපට හරියට
අහගන්න උනානේ

ඒත් මයි ඩාලිං
You have to be patient
Marriage life is
Like that putha

‍ඩැඩී කියනවා
අද හෙටම‍
අපිත් ඔහෙ සති දෙකකට විතර
යන්න පුළුවන් නම්
හොඳයි කියල
එතකොට පුළුවනිනේ
මිසිස් වීරසේකරවත්
තියන්න ටිකක්
Occupy කරලා

එයා කොහොමටත්
ඩැඩීට ටිකක්
Respectful නේ....

However my darling
All depends on
Which way
The election will turn
Daddy will find a way
To hang on for sure
But he cannot get
Any leave right now


ඕක තමයි ඉතින්
රස්සාවල් කර කර
බිස්නසුත් කරන එකේ
ලොකූම පාඩුව
No time for home
No time for kids

No putha I am not
Complaining again
No matter what
He did a lot
For your trip
 


නිමල් උනත් අප් දෙයාර්
බිකෝස් ඔෆ් හිම් නේ...

නිමල් ගේ බ්‍රදර්
ගැමුණු came here
To meet wijedasa
They are looking for a
Servent girl no…
It is not like those days anymore
All estate people
Are in those unions


අපේ ගවර්න්මන්ට්ස් වල
වැරැද්දනෙ ඉතින්
They should have kept
These people
At their levels
At the end we all suffer
No one to get any work done


ඒත් we have to help නේ
I asked Wije to talk to
රත්නපුර වත්තෙ අයට
Tsunami affected
ගොඩක් අය ගිහිල්ල
වැඩ නැතුව ඉන්නවා
දැන් ඒ පලාත්වල
ගුඩ් දෙයක් නේ මෙයා
එහෙම ළමයෙකුට
කරන එක හෙල්ප් එකක්

At the bank the other day
I met Devika too
She is a biggy there
නේ...

ඒත් ඉතින්...
පොලිෂ් නම් මදි ටිකක්
And it show Darla…
That is one reason
I always insisted
That you go
To a good school
Now you see
What I meant…


So my darling
Keep things tight
Let the
ළමාතැනී alone
And look after your kids
මට හරිම බයයි මෙයා
That the old lady
Will teach ගොඩේ things
To
චූටියාස් darling

So keep on guarding
Keep them occupied
I went to bamba
And visited the curtain place
Darling you better
Measure the windows
And send me the notes
I am sending
The samples here
Think the pink one
Goes very well

අයියෝ.... ඩාලිං ඩාක් කලර්ස් නම්
හරීම කෝවිල් පාටයි
Horrible and horrible

So my darling kiss my Chutiyas

කියන්න ඒක නනා ගෙන්
ඔයා එල්ලුවද ඩැඩීගෙ ෆොටෝ එක
චූටියන්ගෙ කාමරේ....?
Daddy was really proud
මම ඒක කිව්වම

Pass my love to Nimal too
Tell Mrs Weerasekera
That we are planning a visit

Darling so I will
Stop it now
Love you darling from Daddy too

Yours lovely

Mummy


http://kusumrenu.blogspot.com/
Continue Reading...

Monday, December 26, 2016

අම්මේ, එකම එක වරක්...!



අහස් නිල්ල මුහුද සිඹින
ඈත ඈත කෙළවරේ
ඉන්නවාද නුඹ තවමත්
හැංගිලා බලන්
මට කෑ ගසා කියන්...

රැල්ල බිදී පිපෙනා පෙණ
දෝතට ගෙන නුඹව සොයමි
හඬා වැටෙන මාරුතයේ
නුඹේ සුවද ඇද්ද බලමි

වැලි කැට යට කවඩි අතර
දිවා රැයේ නුඹව සොයමි
ගල් කුළු මත දිය රැලි තුල
නුඹේ මුහුණ ඇද්ද බලමි

විහාර මහ දේවි වගේ
රත්තරනෙන් කල ඔරුවක
පාවෙලා ඇවිත්
මුහුණ මගෙ සිඹින්
ආයෙත් එකම එක වරක්...

අම්මේ, එකම එක වරක්...!

(2004)


Continue Reading...

Sunday, December 25, 2016

HAPPY BIRTHDAY JESUS - Original by BROOKLYN TABERNACLE CHOIR


  
Happy birthday, Jesus
I'm so glad it's Christmas
All the tinsel and lights
And the presents are nice
But the real gift is You

Happy birthday, Jesus
I'm so glad it's Christmas
All the carols and bells
Make the holiday swell
And it's all about You

Happy birthday, Jesus
Jesus I love You

Happy birthday, Jesus
I'm so glad it's Christmas
All the tinsel and lights
And the presents are nice
But the real gift is You

Happy birthday, Jesus
I'm so glad it's Christmas
All the carols and bells
Make the holiday swell
And it's all about You

Happy birthday, Jesus
Jesus I love You
I love You Jesus

Mattie Corbin Solo with the Children's Choir. First Baptist Panama City - 2009

Continue Reading...

Saturday, December 24, 2016

ලංකාව, යුද්ධය, නත්තල සහ කිතු දහමේ නව අරුත් - [2008 නත්තල් සිතුවිලි]

නත්තල් සිතුවිලි - 2008 දෙසැම්බර් මස 25 වැනිදා

පුංචි දරුවෙක්ව ඉඳිද්දී වත්ත පහල වැටේ කිරි ගහක් කපාගෙන ඇවිත් අපේ අයියා ගෙදර සාලය මැද හැදූ නත්තල් ගහක් මට මතකයි. දවස් දෙකකට විතර පසුව දඬු විතරක් ඉති‍රි වෙන්නට කොල හැළුණු අපේ නත්තල් ගහ දිහා බැළූ තාත්තා කොච්චික‍ෙඩ් ඩී. ටී. අප්පුහාමි සාප්පුවෙන් නු‍වර එළිය, බණ්ඩාරවෙල හිඳ ගෙනෙන, සයිප්‍රස් අත්තක් අරන් ආයේය. සයිප්‍රස් අත්තේ කොල නොහැලෙයි. ඊටත් සයිප්‍රස් අත්ත නත්තල් සුවඳය. ඒ නිසාම ගෙදරත් නත්තල් සුවඳය.
මේ හිතුවිල්ල පසුපස එදාත් නත්තල මගේ සිතට ආගන්තුක, විදේශීය හිතුවිල්ලක් වූවාය යන සැකය රැඳී තිබේ. සයිප්‍රස් සුවඳ මෙන්ම කළුකොල උඩ පුළුන් අලවා අපේ ගවලෙන වටේ අප මැ‍වූ හිමත්, නත්තල් කාඩ් වල දුටු හිමෙන් වැසුණු බිම් යාය‍වලුත් මට ආගන්තුක අමුතු දේ විය. එදා එසේ වුණත්, එදා අවුරුදු හතලිහකටත් එහා වුනු අද, ජනේල‍යෙන් ඔබ්බේ හිම යාය කෙලවර සයිප්‍රස්, මේපල් ගස් පෙනෙන මානයේ හිඳගෙන මේ නත්තල් සටහන මා මෙසේ ලියාවිය යන්න යාන්තමින් වත් හිතේ ගෑවී නොතිබුණු බව නම් මම දනිමි.
හි‍මෙත්, සයිප්‍රස් ගස්වලත්, අපට නත්තල් ගස්, නත්තල් කාඩ් වලින් නොපෙනෙන බොහෝ දේ තිබේ. සීතල එකකි. සීතල නැත්නම් හිමත් නැත. ඒත් සීතල ආදරයෙන් වැලඳ ගත හැකි දෙයක් නම් නොවේ. නත්තලේ ලස්සණ පිටුපසද බොහෝ සීතල දේවල් නොතිබේද? සීතල, හිම හා දීර්ඝ ශීත කාලයන් ඇති මේ රටවල සයිප්‍රස් ගස් සාමාන්‍ය ගස්ය. අපේ වැටේ කිරි ගස්, ‍එරඬු ගස්, සූරිය ගස්, ගිනිසීරිය ගස් වගේමය. එහෙම උනත් කොල නොහැලෙන සයිප්‍රස් අත්තේ හීනි කාරම් සුවඳ මෙහේ මිනිසුන්ගේ හිත්වලත් නත්තල් මතක අවුස්සයි. නත්තලත්, හිමත්, සයිප්‍රස් සුවඳත් මේ රටේ සාමාන්‍ය දේවල්ය.
සයිප්‍රස් ගස් හැම කැලෑරොදකම ඇති නමුත්, ඒවා නත්තල් ගස් වෙන්නේ, සරුව පිත්තල කඩදාසි සැරසිලිත්, නා නා වර්ණ විදුලි බුබුළුත් එකතු වූ කල පමණි. කැලෑ රොදක ඉබාගාතේ වැවෙන ගහක අත්තක් නත්තල් ගහක් කරන්නට අපේ සරුව පිත්තල සැරසිලි වලට පුළුවන.
ගලීලයේ වඩුවෙකුගේ බිරිඳකට බෙත්ලෙහෙමේ ගවහලක උපන් බිලිඳාගේ උපන් දිනය සමරන්නට ගස් අතුවල පාට කඩදාසි එල්ලන අපි නූතන යුගයේ ගවහල් දිහා නිකමටවත් එබී බලමුද? එක එල්ලේ මතකයට ආවේ උතුරේ මානුෂික මෙහෙයුමටත්, ප්‍රභාකරන්ගේ ඊලාම් දර්ශනයටත් අතරමැදිව, අද, හෙට, ඇහිපිය ගහන්නට කෑගසා අඬන්නට තතනන සිඟිත්තන් කී දෙනෙක් ඇද්ද කියායි.
ගේ දොරින් දොට්ට බැස, අටවාගත් මඩු කූඩාරම් තුල පහුගිය වැහි කුණාටුවෙන් දියබත් වුනු මේ මරිය අම්මලාගේ ගව ඔරු අහල දණ ගහන උන් ‍සුවඳ තුවරලා කෙසේ වෙතත්, ගිනි අවිත් බෝම්බත් නම් අත දරා සිටිනවා ඇත. උන්ගේ වැරදි වලට අපි මක් කරන්නද? උන්ගේ කැරලි වල පලය උන්ම විඳගත යුතුයි. නොදැක විශ්වාස කරන්නන්ට වඩා නොදැක ඉන්නෝ භාග්‍යවත්යැයි මට සිතෙයි.
ලඟදී තිරගත වුනු 'අබා' ගැන වාද විවාද කොතෙකුත් ඇහැ කන ගැවසුණත්, 'මචං' ගැන වැඩි යමක් නොඇසෙන්නේත් මේ නිසාමදැයිත් සිතෙයි. උතුරේ වෙඩි උණ්ඩ මැදට සාමය ගෙනයන්න තතනන රටට,‍ මෝදර මට්ටක්කුලිය පැත්තේ ගවහල් උඩින් පායන වල්ගා තරු දිහා බලන්නට කාලයක් නැත. බැළුවත් උන්ගේ තක්කඩි කම් හා උන්ගේ වැඩ නිසා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සිදුවන කිච වීම මිස අනෙක් කාරණා කිසිම දෙයක් හරිහමන් ඇහැකට පෙනේද, කනකට ඇසේද යන්නත් සැකයි.
අපේ මානුෂික මෙහෙයුමේ ත‍වත් මානුෂික පැතිකඩක් ඉන්න හිටින්නට බිම් අඟලක් නැති, රට වෙනුවෙන් ගිනි මැලයට පනිනා 'රණ විරුවන්' ගැන රටේ ඇස් ඇරීම තුලින් මම දකිමි. චිරන්තන සම්ප්‍රදාය එවන් සා රූ හ‍ඳේ සිතුවම් කිරීම මිස, උන්ගේ ‍නෑ පියඹු කාරකාරාදීන්ට දරුපැටවුන්ට සෙතක් සහනයක් කිරීම නම් නොවේ. මේ ඇස් ඇරිල්ල අඩ සිය වසරකට කලින් සිද්ධ උනා නම්, බළල් පැටියාගේ පිටේ පුල්ලි මතු නොවී වලක්වා ගන්නට පුළුවන් වෙන්නත් තිබුණා නේදැයි තවත් පැත්තකින් හිතෙයි. ඒක ඒ හැටියෙන් දුටු උන්ට වූ දේවල් මෙනෙහි කරන විට නම්, විශ්වාසය කෙසේ වෙතත් දකින්න පුළුවන් කම නම් අභාග්‍යයක්මයැයි සිතෙයි.
කෙසේ වෙතත්, දකින දේ විශ්වාස නොකරන එකාත් භාග්‍යවත් විය යුතුය. එහෙම නැත්නම් අප දකින අහන බොහෝමයක් කතා කියන උන්, මමත් ඇතුළුව, මේ තරම් සුව පහසුවට ඉඳීමේ වෙන මොකක් හෝ රහසක් තිබිය යුතුය.
දැකීමත්, දැනීමත්, විශ්වාස කිරීමත් කාරණා තුනක් මිස එකක් වෙන්නට වුවමනාම ‍නොවේ. මවා පෙන්නූ දේ විශ්වාස කල, කරන උන්, ඕනෑ පදම් ඉන්නා නිසාම භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය චිත්ත ධෛර්යයෙන් යටපත් කල නිසා භාග්‍යවත් වූ පිරිසකුත්, විශ්වාසය කොතරම්ද යත් පෙරා මැන අනුපාතිකව බෙදෙන්නාවූ අභාග්‍යයත් භාග්‍යයක් කොට හිතන්නාවූ පිරිසකුත් මම දකිමි. මේ පිරිස් තුනම උන් උන්ගේ හිත් ඇතුලේ නම් භාග්‍යවන්තයෝමය.

http://boondionline.blogspot.ca/2008/12/blog-post_29.html

පින්තූරය -
http://www.aljazeera.com/indepth/features/2016/12/world-tallest-christmas-tree-unites-sri-lanka-161218102212553.html
Continue Reading...

Thursday, December 22, 2016

කොළඹ නගරය - [ඉස්සර කතාවක්]

[මුණු පොතේ තැබූ සටහනකි;

අපේ හතර පංතිය භාරව සිටියේ මිස් මාජිය. පංතියභාර කියන්නේ මිස් සිබිල් ඉගැන්නූ ඉංග්‍රීසි පාඩම හැර අනික් හැම විෂයයක්ම ඉගැන්නුවේ ඈ නිසාය. මිස් මාජි පාසල් ආවේ ගියේ බක්කි කරත්තයකිනි. ඒ තනිවම නොවෙයි, තවත් ළමයින් හා ටීචර්ලා කීප දෙනෙක් සමගය. බක්කියේ ඇඳි දෙක දිගට එක පැත්තක තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් වාඩිවී ගියායි මගේ මතකයයි. ගොනාගේ කරේ ඇති ගෙජ්ජිවල සිංදුවත්, කරත්ත පට්ටමට පෑගෙන වැලිකැට අඬන සිරි සිරි සද්දයත් ඔය කරත්ත පස්සේ පයින් ගෙදර ගිය අපේ කන්වල තවමත් ඇසේ. රූමත් තරුණියක් වුනු මිස් මාජි හැමදාම ආවේ දිග කොණ්ඩය තනි කරලට ගොතාලාය. චුට්ටක් ආඩම්බර කාර කමකුත් තිබුණ පුංචි රැවිල්ලකින් පංතියම නිශ්ශබ්ද කරගන්නට පුළුවන් වුන මිස් මාජි ගැන මට මතකම හිටින සිදුවීම් තුනක් තිබේ.

පළමුවැන්න "කලට වෙලාවට පොලිෂ් ටිකක් ගෑමෙන් සපත්තු දෙකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්නට පුළුවන්බවත් සමහර ළමයි ඒ ගැන කිසිම උනන්දුවක් නැති බවත් කියා දුන් පාඩමයි. ඒක පාඩමක් හැටියටම ඉගැන්නු වේ නැති නමුත් උදේ ඉස්කෝලයට එන ගමන් සිස්ට ඇලෙක්සිස් සමග ඔය කතාව කියනවා අහගෙන ටෙරන්සුත් මමත් පිටිපස්සෙන් ආ විත්තියත් අපි දෙන්නාම දිගටම බැළුවේ අපේ සපත්තු වල හම පෑදුනු පැල්ලං දිහා බවත් මිස් තවම නොදන්නවා ඇත.

දෙවැන්න ඒ මැයි මාසේ දවසක පත්තර පිටුවක් අරගෙන ඇවිත් කළුලෑල්ල පිරෙන්නට මිස්ගේ ලස්සණ බෝල අකුරු වලින් ලිවූ මානවසිංහගේ මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවු‍දෝ ලියලායි පටන් ගන්නා වෙසක් අසිරියකවිපංතියයි. මිස් පත්තරය අතේ තියාගෙන කළු ලෑල්ලේ ලියනවාත් ඒ වචන වලින් වශීවී අවුරුදු අටක පුංචි කොල්ලෙක් වූ මම ඒ දෙස බලා ඉන්නවාත් මට තවම දකින්නට පුළුවනි. පණස් අවුරුද්දකට කලින් වෙන්නප්පුවේ හෝලි ෆැමිලි කොන්වන්ට් එක‍ේ ප්‍රයිමරිය වූ ද ප්‍රයිවේට් කත‍ෝලික ඉස්කෝලයක් වූ ද අපේ ඉස්කෝල‍ේ හතරවෙනි පංතියේ දී මේ කවි පංතිය කළු ලෑල්ලේ ලියා, සිංහල පොතේ පිටපත් කරවා, පංතියම ලව්වා කියෙව්වාය යන්න අද සමහරුන්ට නම් අමුතු නිව්ස් එකක් වෙන්නට පුළුවන.

මේ අකුරු වලට වචන වලට ඒ කාලයේත් තිබූ ආශාව ආදරය දවල්කෑම වෙලාවේත් පංතියේ නැවතී සිංහල රචනාව ලියන තරමට ඉහට ගසා තිබුණු මට අමතක නොවන තුන්වෙනි කාරණය නම් ඩිංගක් විතර හිත රිදුණු එකකි. ඒ රචනාවේ මාතෘකාව, මේ සටහනේත් මාතෘකාව වන ‍කොළඹ නගරය විය. අද වාගේම ඒ දවස් වලත් අපේ ගමට හැතැම්ම තිහක් එහායින් තිබුන ඒරොප්පයක් වූ කොළඹ තියෙන සිරිමත් අසිරිමත්, තැන් නොතැන්, වල වගතුග ඉස්සරින් දා රෑ වෙනතුරු අම්මාගෙනුත් තාත්තාගෙනුත් අහගත් නමුත් ඔවුන් කියූ ලයිට් හවුස් එක, පාර්ලිමේන්තුව, සෙලින්කෝ ගොඩනැගිල්ල, ඔරලෝසු කණුව, අරලිය ගහ මන්දීරය, අග්‍රාණ්ඩුකාරයාගේ නිවස, වරාය ආදී මෙකී නොකී තැන් සේරම පුරුද්දා රෑ දොළහ එක වෙන තුරුත් රචනාව ලිව්වේ නම් මම ම ය. ඒ දවස්වල අපේ ගූගල් සර්වර් තිබුණේ තාත්තාගේ අම්මාගේ ඔළුවලය. නැත්තං බාප්පාගේ පොත් සඟරා අල්මාරි වලය. අදටත් නම් හිතේ තියෙන්නේ ඒ වෙනතාක් කල් මා ලියූ හොඳම රචනාව ඒ රචනාව බවම මුත්, ඒ සිකුරාදා පංතිය ඉස්සරහ කියවුවාට පස්සේ මිස් මාජිගේ අනුමානය, “මේකනං ඔයාට කවුරු හරි ලියල දීල තියෙනවාවීම නිසා මුළු ලකුණු ලැබුණේ නැත.

පුංචි එකෙක් උනත්, මිස්ට මං ලිව්වාය හිතාගන්නටවත් බැරි තැනක මගේ ලියැවිල්ල තිබුණ එකේ ආඩම්බ‍රේත්, ඒ ආඩම්බරයේ හැංගුණු තේරුමත් හිතට දැණුනු හින් දා මිස්ගේ වැරැද්ද එයාට හැගිස්සවීමටවත් ගෙදර ගිහින් අම්මාට තාත්තාට කියා ඇක්ෂන් ගැනීමටවත් මට උවමනාවක් වුණේත් නැත.

එදා මිස්ගෙන් ඉගෙනගත් ඔවැනි පාඩම් දහ පාලොස් ගුණයකින් ලොකු මහත් වී අදටත් හිතේ ලියැවී තිබේ.

මට මතක හැටියට අන්තිමට මට මිස් මාජි මුණ ගැහුනේ අපේ තාත්තා නමින් නයිනමඩමේ වික්ෂෝප පල්ලියේ තිබුණු දේව මෙහෙයක් අවසානයේ දීය. එදා ඇවිත් කතා කරන්නට තරම් වටිනා යි  මිස්ට හිතුණු, මිස්ගේ ගෝලයෙක් වෙන්නට පුළුවන් වීම නම් ගෙනාවේ ඇහැට කඳුළු එන තරම් සතුටකි.

අපි හැමෝම ජීවිතයේ හැල හැප්පිලි ඉහල පහල යාම් බොහෝමයක් තරණය කර ආපහු බලන්නට තරම් යන්තම් නිස්කලංකයක් ලබා ඇති අද මෙහෙම මේ ටික ලියන්නේ එරිකාගේ පිටුවේ මිස්ගේ පින්තූරයක් දැක මේවා ලියා තියන එක කළ යුතුම දෙයක් කියා හිතට වද කරන්නට වූ නිසාය.

ස්තූතියි මිස්.


මිස් මාජිගේ පින්තූරය කපා ගත්තේ එරිකා ගේ පින්තූර‍යෙනි.
Continue Reading...

Wednesday, December 21, 2016

හරේ යං හරේ... [ රි-සයිකල් කතාවක්]



ගිය  අවුරුද්දේ මූණු පොතේ සටහනකි.

හරේ යං හරේ...
December 18, 2015
පාන්දර එකට කිට්ටුව කොටුවෙන් නාස් පුඩු පිඹ හැල්මේ දුවන්නට පටන් ගත් නුවන්ත බස් එක චුට්ටක් හරි හරියාකාරව හුස්මක් ගන්නට අහවරක් ගත්තේ පාන්දර පහට හුන්නස්ගිරිය කන්ද මුදුනේය. භරත නැටුමක් නටන ගිනි කස ලමිස්සියක මෙන් උකුලු තලාව පද්දමින් වංගු, කඳු, පල්ලම් උඩින් පැන පැන නටාගෙන ආ නුවන්ත බස් එකේ සීට් එකකට ගුලිවී පියා ගන්නට දැඟලූ ඇහැ නොදැනුවත්වම පියවී ආපහු ඇරුනේ,
‘නුවර බයින්න... නුවර නුවර නුවර...අ....‘ යි ගායනා කරන නලින් ගේ අඬහැරයෙනි.
ස්ටෑන්ඩ් එක අයිනේ සී. එෆ්. එල්. බල්බ් වලින් ඔටුණු පැළැන්දූ දොඩං ඇපල් එවරස්ට් කඳු පාමුල සුදු කළු දුඹුරු රෙදි පොරවාගත් වෙළඳ තවුසෝ ධ්‍යානයට සමවැදී හිඳිති. පාර දිගටම බස් ආවරණ වල බංකු දිගේ මුළු නුවරම රෙදි පොරවාගන නිදිගෙනය. මේ සියල්ල පහුකර විත් නුවන්ත බස් එක වැව වටේට රණ හංසී හොයමින් කෝච්චි යයි.
අතක් ඉස්සෙන කෙනෙක් දැකලා එක චුට්ටකට ‘හා ආ ආ....ආං‘ ගාගෙන සැර බාල කරන හැම විඩේකම..... තනි අතින් දොරේ එල්ලී අත සරනේරුව කරගෙන කැරකෙන නලින්..... ‘හරේ.... යාං ..... හරේ....‘ කියයි. නුවන්ත බස් එක ආයෙත් බ්‍රෑ.....ඇං ගාගන ඉගිලෙයි.... ඉස්සරහින් ගිය නමුත් චුට්ටක් නිවී හැනහිල්ලේ ඇවිදින ආරාධනා බස් එක ට චුට්ටි වෙට්ටුවක් දමාගෙන ඉස්සරහට පනින අතරේ, ‘ප්‍රෑං ප්‍රැං ප්‍රෑං‘ කියා කැකිරි හිනාවකුත් හිනැහෙයි. ආරාධනා බස් එකත් ප්‍රැං ප්‍රැං ප්‍රෑං කියා ඔළුව සොලවයි.
කොටුව ස්ටෑන්ඩ් එකේ යකඩ ගරාදි වැටට හේත්තු වී අහල පහල කාණ්ඩය එක්ක විහිළු තහළු හිනා බෙදා ගනිමිනුත්.... විනාඩියකට දෙපාරක් විතර ‘මයියා මයියා මයියාංගනේ බිබිල බිබිල බිබිලංපාර‘ කියන්නට නලින්ට අමතක වුනේ නැත. සුක්කානම කරකවන්නේ වෙන කවුරුවත් වුනත් මේ බස් එක දුවවන්නේ නම් නලින්මය.
හුන්නස්ගිරියෙන් චුට්ටක් ජීවන බර හෑල්ලු කරගෙන, කහට කෝප්පයක් තොලගා විටක් කටේ දාගන හෝන් පාර දෙකක් හඬවා පිටත් වූ නුවන්ත බස් එක දහ අට වංගුව දිගේ ලිස්සා බහින්නේ හිම කඳු පල්ලමක ස්ලාලොම් තරඟයක් දුවන ස්කී ක්‍රීඩකයකු ලෙසිනි. වංගු පලල් කර රවුම් කර කොන්ක්‍රීට් බැමි බන්දා ග්‍රීස් ගෑ දහ අට වංගුවේ, කළු කූඹි මෙන් මූණු ඉඹගෙන පස්සට ගාටා අයින් වී මාරුවන රථ වාහන අද නැත. ඉහලටත් පහලටත් දුවන්නට චුට්ටක් චුට්ටක් නැවතී හැරි හැරී වංගු ගන්නා එකිනෙකා දැක්කාම යාන්තං ඇහි පිල්ලන් ගහන වාහන පේලි දෙකක් සපත්තුවක හිල් පේලි දෙක දිගේ දුවන ලේස් නූලක් මෙන් ඇදී යයි.
වංගු හතරක් පහක් පහුකල නුවන්ත බස් එක, කන්ද පාමුලේ මිදුනු මීදුම් හට්ටියට මෝදුවෙන හිරු මලින් පැණි වැක්කෙරෙන හැටි බලන්නට චුට්ටක්වත් ඉස්පාසුවක් නොගෙන පහලටම දුව ඇවිත්, ‘හසලක, හසලක හසලක.... බාහීන්න..අ....‘ කියන නලින්ගේ හඬට අවනතව චුට්ටක් දණ ගසා හිඳියි. ආයෙත් ඉගිල්ලී වේරගංතොටින් ඇතුළු වී, මයියංගනේ ටවුම මැද්දෑවේ චුට්ට වෙලාවක් පියාපත් හොට ගාමින් වටපිට බලයි.
‘බිබිලංපාර... බිබිල බිබිල අම්පාර‘නලින් ගේ අඬහැරය ආයෙත් ඇහෙයි.
ඉගිල්ලෙන බස් එකේ බැෆල් එකෙන් උදා ආසිරි ගීත රාවය ඩුංකු ඩුකුං ඩුකු ඩුංකු ඩුකුං ඩුකු ගාමින් වැක්කෙරෙයි.
පුන්සඳ පායා ගම දිලෙන හැටිත් ඒ ගමේ අපි බයිල කියන හැටිත් කියා ඇරඹුනු උදා ගීතය අතර මැද්දෑවේ බෝල බෝල මැටි අරන් ඇවිත් කූඩු හදන රන් කුඹලා ගැනත්, සෝමෙ අයියා ගැනත් අසමින් වැලි මැටල් ගඩොල් සපයන සුදු පාට යකඩ බොඩි ගැසූ ලොරි පෙල පහුකරගන පියාඹන නුවන්ත බස් එකේ මගියෝ මයියංගනේ උදා සිරි විඳින්නට ඇහැරෙති.
හතරැස් කුට්ටි කුට්ටි කල ගොයම් පාත්ති වල ලා කොල පාට අස්සේ අයිස් කුට්ටි වාගේ හිටගෙන කකුල් මාරු කරන කොක්කු, සුදට සුදේ හිනා කටින් බස් එකට දුවගන එන සුදු යුනිෆෝම් ඇඳගත් කෙලි පොඩිත්තියන් දෙස හොරැහින් බලති. ටිකින් ටික වැඩි වන පොල්ගස් පේලි අස්සේ තනි තල් ගහක් බකං නිලාගන බලා හිඳී. මේ සේරම දිහා නිකමටවත් නොබලන නුවන්ත බස් එක අර කෙලි පොඩිත්තියන් උකුලට ගන්නට ඩිංගිත්තකට නවතියි.
බිබිලංපාර.... බිබිලංපාර....
හරේ යං හරේ.... !!










Continue Reading...

Sunday, December 18, 2016

අයි රිමෙම්බර් යූ කමින්...! [මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවඳ මධූ]



මට මතකයි ඔබ - පිපිලා උන්නා දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ - සොයලා ආවා බඹරෝ සුවඳ මධූ

මාතෘකාව ලිව්ව ගමන් හිතට ආවෙ ඔය සිංදුව වුණත්  මේක පුණ්‍යා කත්‍රිආරච්චි ගයන දයා ද අල්විස් ලියපු ඔය සිංදුවට සම්බන්ධ පෙම් පලහිලව්වක් ගැන නං නොවෙයි. විස්තරාත්මකව ලිව්වොත් නයිනාමඩමේ වෙන්නප්පුවේ පොල් ගස් යට හැදුනු වැඩුනු මට උඩරට කඳුකර සිරියා බල බල දළු නෙලන්න යන්න වුනු කතන්දරේ මේ. ටිකක් කයිවාරු කතාවක් එක අතකින්. ඒත් කියලා කියලා වනපොත් වෙලා තියන එක ලියලා තියන්න හිතුවා විස්තර ඇතුව.

හැබැයි සිංදුව අහන්න ආස නං මෙන්න. https://www.youtube.com/watch?v=Rt-0Rydblnw

නවසිය හැත්තෑ ගණන්වල රසායන විද්‍යා විශේෂ උපාධි පාඨමාලා තිබුණෙ තුනයි. කොළඹයි, පේරාදෙණියෙයි, ජයවර්ධන පුරයි විතරයි. මේ තුන්පලෙන්ම එළියට ආවෙ මට මතක හැටියට රසායන විද්‍යා විශේෂ උපාධි ලාභීන් හතලිහක් විතර විය යුතුයි. එයිනුත්  එළියට එන්නවත් අවස්ථාවක් නැතුව සරසවියෙම ආචාර්ය කථිකාචාර්ය මහාචාර්ය ලයිනප් එකට එකතු වෙන පළමු පෙල පංති සාමාර්ථ අය, උපන් දා පටන්ම තමුන්ගේ මේ ආත්මයේ අනාගත සැලසුමේ බ්ලූ ප්‍රින්ට් එක අතේ තියාගන ආව ගිය කට්ටිය එහෙම මගෑරිලා හැලිලා, මාසෙකට සැරයක් දෙකක්, සම්මුඛ පරීක්ෂණ කමිටු වැඩ ඉන්න දේවාල ඉස්තෝප්පුවල උපාධි සහතික මල් වට්ටි අත දරාන මුණ ගැහෙන කාණ්ඩයක් ඉතුරු වෙනව නෙ. ඉතින් අන්න ඒ වාසනාවන්ත පිරිසට එකතුවෙන්ඩ මමත් වාසනාවන්ත වුනා.

ඒ අස්සෙ තමයි පත්තර පිටුවක් පුරාම වගේ, ලුණුවිල පොල් පර්යේෂණායතනයෙ විද්‍යාඥ තනතුරුවල ඇබෑර්තු පළවෙන්නෙ.  මේකෙ සම්මුඛ පරීක්ෂණ තිබුනෙ කොළඹ වයි.එම්.බී. එකේ. මට මතක හැටියට දවස් දෙකක් එක දිගට..... ඔය වෙද්දි, කෙමිස්ට්රි කාරයින්ගෙන් දෙවැනි පෙල ඉහල පංති සමාර්ථ ඉතුරු වෙලා හිටියෙ මං විතරයි.... දැනෙනවනෙ දැනෙන අයට. කොකා ද තිත්තය ද මංද හැම එකාම කිව්වෙ "මචෝ උඹේ ටර්න් එක තමයි" කියලයි.

ඉතින් ඇප්ලිකේෂන් දැම්මා, ඉන්ටවිව් ආවා, අර වාසනාවන්ත අතකින් තෑගි ලැබිලා තිබ්බ ටයි පින් එක හෙමත් අවුණ ගෙන ඉන්ටවිව් ගියා. ගියේ නම් ඉතාමත් ප්‍රබල බලාපොරොත්තු සහගත හැඟීමකින්. මේ මගේ වාරය තමයි කියල හිතලා. ඊටත් අල්ලේ රේඛා තරමට දන්නා කියන, පොල්ගහත් පොල් කර්මාන්තයත් එක්ක ඉගෙනගත් දේ අවුණා කියන්න අවස්ථාවක් ලැබීම, අපේ පලාතට තියන එකම විද්‍යාවට සබැඳි ආයතනයට විද්‍යාඥ මට්ටමෙන් සම්බන්ධ වෙන්න ලැබීම ආදී මෙකී නොකී හීන මල්ලකුත් කරේ තිබුණා. පැහැදිලි කරලා කියනවා නං, නවසිය හැත්තෑ පහේ වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයෙන් කැම්පස් ගිය අය අතරින් රසායන විද්‍යා විශේෂ උපාධියක් අතට ගත්තේ මම විතරයි. ඔන්න කයිවාරු වෝනින් එක කලින්ම දීලා තියනවා. නමුත් දත්ත හරියට ලියන්න උවමනා නිසා මිසක් මේ ලියවිල්ල කයිවාරුවට නොවෙයි. අනික් කාරනේ මම තරඟ වදින ඇබෑර්තුව අළුතින් හදන්න යන 'කර්මාන්ත රසායන විද්‍යා' නොහොත් ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි අංශයකට. ඔය අවුරුද්දේ කොළඹ පටන්ගත්ත කර්මාන්ත රසායන විද්‍යා දේශන වල සිංහල දේශන බාර වුනේ මට. ඉතින් මේ ග්‍රහයින් සියළු දෙනා පෙල ගැහුණාම....?

ඉන්ටවිව් බෝඩ් එක නාඳුනන අයමත් නෙවෙයි. ඒ කාලේ පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිව හිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේවික්‍රමයි. පොල් පර්යේෂණාතනයේ අධ්‍යක්ෂකව හිටියේ ආචාර්ය පෙතියාගොඩයි. හැබැයි නාඳුනන නෙවෙයි කිව්වේ නම් ඒක පාර්ශිකව. මම මේ අය දන්නවා වුනාට ඒ අය මාව දන්නවා ද? මේ නොදැනීම අදටත් එහෙමමයි කියායි මගේ හිතිවිල්ල. අපේ පාසල් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සම්බන්ධ නොවෙන්නා වාගේම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩුම තරමේ රටේ ප්‍රධාන හා විශේෂිත ආයතනවල අවශ්‍යතා සමග වත් හරියාකාරව සම්පාත කර ගන්නට අපට හැකිවී නැහැ.

දැනුම මිනුම ප්‍රශ්න, අනාගත බලාපොරොත්තු ප්‍රශ්න, ක්‍රියාකාරකම් ප්‍රශ්න ආදී සම්ප්‍රදායික ප්‍රශ්න, සහතික පෙරහැර, වර්ණනා හා පම්පෝරි ආදිය අස්සේ එක්කෙනෙක් අහනවා  ඔයාට එක ඇහැක් විතරක් පෙනෙද්දී වාහන පදින්න පුළුවන් ද කියලා. ඉතින් එයින් පස්සේ කතා බහ, කොළඹ මහාචාර්ය අරුද්ප්‍රගාසම්ට එක අැහැකින් වාහන එළවන්න පුළුවන්නං ඇයි මෙයාට බැරි වශයෙන් එහා මෙහා වුනා. අච්චර සැප පහසුවට ලංගම බස්වල හුලං වැදි වැදී යන අපට නං කාර් එළවන්න තරං ආසාවක් ඔය කාලයේ තිබුණේ නෑ.

ඉතින් පුරුදු පරිදි තැපැල් කාරයා එනතුරු බලා ඉන්න සමය එළඹුණා. කිසි සද්දයක් නැති තැන මහාචාර්ය අබේවික්‍රම ව රැකලා ඉඳලා අල්ලගෙන ඇහුවා. "තාම නෝ ඩිසිෂන් මං හිතන්නේ" වර්ගයේ උත්තරයක් ලැබුණා. ගහක ගෙඩියක් ඉදෙන්නේ නැතුව වැඩෙන්නේ නැතුව තියනවා නං මොකක් හෝ කොස්සක් තියනවා නේ. යාළු මිත්‍රාදීන් ගේ මාර්ගයෙන් හිත මිත්‍රාදීන්ගේ ආනුභාවයෙන් දැන ගන්න ලැබුණා 'ඔයාගේ නම කපලා' කියන සාධාරණ උත්තරේ. කපලාම නෙවෙයි, අැප්රූ වෙලා නැහැ. වෙන්නප්පුවේ පෙස්ටස් පෙරේරාගෙනුත්, නාත්තන්ඩියේ හැරල්ඩ් හේරත්ගෙනුත් ආරංචි වූ හැටියට. වැරැද්ද හැටියට දැන ගන්න ලැබුනේ, හැත්තෑ හතේ ඡන්ද කාලේ ශ්‍රීලනිප යේ අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීමක කතාවක් කරපු වැරැද්ද යි. දේශපාලකයකුගේ ලියුමක් නොතිබුණු කිසිම ෆයිල් එකක් එතනින් එහාට නොගිය නමුත්, එහෙම ලියුම් අවුනපු දෙන්නෙකුට විතර පත්වීම් ලැබුණා. නිල හේතුව ලෙස කිව්වේ නම්, උසස් අධ්‍යාපනයට පිටරට ගිය අය ඉන්න නිසා ඒ ඇබෑර්තු පුරවන්නේ නැති බවයි.

ජීවිතේ ඉස්සරහට යන්න වැඩ සිද්ධ වුනේ වෙනත් මාර්ගයකින්. තලවාකැලේ තේ පර්යේෂණායතනයේ තාක්ෂණ විද්‍යා අංශයේ රස්සාව ලැබුණු ජෙනරල් බැච් එකේ මිත්‍රයෙක්ට උසස් අධ්‍යාපන වරම් ලැබුණා. ඒ අාරංචිය කියලා, අයදුම්පත් එවන්න කිව්වා. ඒ අංශයේ ප්‍රධානියාව ලඟින්ම අඳුනන කොළඹ කථිකාචාර්ය වරයකුට කතා කරලා විස්තරය කිව්වාම එයා රෙකමදාරුවක් දුන්නා. ඒ අැබෑර්තුව පත්තරේ දාලා සම්මුඛ පරීක්ෂණයක් තියලා, ලියුම එනකන් බලා හිටියා... නෑ....! අහලා බැලුවාම කපලා විතරක් නෙවෙයි සම්මුඛ පරීක්ෂණේ ෆයිල් එකත් නෑ. තේ පර්යේෂණායතනය ආයෙත් ඇබෑර්තුව පත්තරේ දැම්මා. මම අයදුම් කලා. සම්මුඛ පරීක්ෂනේට ගියා.... පත්වීම ආවා.... වෛද්‍ය පරීක්ෂණයක් කරලා වාර්තාව එවිය යුතු කොන්දේසියක් මත. ඒකත් කරලා උඩරට මැණිකෙ නැගලා තලවාකැලේ ගියා. ඒ නවසිය අසූවේ දෙසැම්බර තිස් එක්වෙනි දා.

වැඩි කාලයක් ගියේ නෑ හැබැයි. පොල් පර්යේෂණායතනය ආයෙත් පත්තරේ දැන්වීමක් දැම්මා. අර පරණ ඇබෑර්තු ටිකම. අයදුම්පතක් යැව්වා ආයෙමත්. සම්මුඛ පරීක්ෂණයටත් ලියුමක් ආවා.... ඉතින් ගියා. අර පරණ පුරුදු මූණු තාමත් තිබුණා එතන. දැනුම මිනුම ප්‍රශ්න, අනාගත බලාපොරොත්තු ප්‍රශ්න, ක්‍රියාකාරකම් ප්‍රශ්න ආදී සම්ප්‍රදායික ප්‍රශ්න, සහතික පෙරහැර, වර්ණනා හා පම්පෝරි ආදිය ඉවර වෙලා මම බලා හිටිය ප්‍රශ්නය ඇහුවා.

"ඩූ යූ හෑව් එනි කුයෙස්ටන්ස් මිස්ට ෆර්නැන්ඩෝ?"

ඉතින් මම ඇහුවා මගේ ප්‍රශ්නය; සිංහලෙන්ම ලිව්වොත්,

"පොල් පර්යේෂණායතනය මේ ඇබෑර්තුවටම අයදුම්පත් කැඳවා තිබුණා ගිය ජුනි යේ. සම්මුඛ පරීක්ෂණත් තිබුණා. මමත් ආවා. නමුත් කාටවත් පත්වීම් දුන්නේ නෑ. දැන් අද මේ තියන සම්මුඛ පරීක්ෂණයෙන් කාව හරි මේ තනතුරට පත්කරගන්න බලාපොරොත්තු වෙනවා ද?"

මහාචාර්ය අබේවික්‍රම ආචාර්ය පෙතියාගොඩ දිහා බැළුවා. ඉන් පස්සේ දෙන්නාම මා දිහා බැළුවා. ලැබුණු උත්තරේ තමයි මේ සටහනේ මාතෘකාව.

"අයි රිමෙම්බර් යූ කමින්.....!"

එදා සම්මුඛ පරීක්ෂණය අවසන් වුනේ අවස්ථාව බේරා ගැනීමට රබර් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක තුමා විසින් කරන ලද, තේ පර්යේෂණායතනයේ සේවය කරන අතරතුර පොල් පර්යේෂණායතනය වැනි සහෝදර ආයතනයක තනතුරක් සඳහා තෝරාගැනීමට ඇති අපහසුතා පිළිබඳ කෙටි දේශනයකින්.

අද හැරිලා බැළුවාම, සිය ක්ෂේත්‍රය තුල අවිවාදාත්මක උගතුන් වූ මහාචාර්ය අබේවික්‍රමත්, ආචාර්ය පෙතියාගොඩත් එදා මගේ ප්‍රශ්නය නිසා කොයිතරම් අසරණ වන්නට ඇද්දැයි හිතෙනවා.
Continue Reading...

Friday, December 16, 2016

ටෝච් එකෙන් පොල් කැඩීම හා ඇස් දෙකෙන් දුං පිට කිරීම



ලංකාවේ බොහෝ පලාත්වල සිංහල අවුරුද්දට යැවෙන නෑ ගමන් අපේ ගම් පලාත්වල යැවෙන්නේ නත්තලට ය. ඒ ගමනුත් සිරිතක් හැටියට යන පැටන් එකක් තිබේ. නත්තල් දා රෑ පූජාවට ගිහින් යන්නේ සීයලාගේ ගෙදරය. නත්තල් දවසේ දවාලේ බාප්පලාගේ ගෙදරය... මේ ගමන් වලත් එළිපිට නොකිව්වත් වැඩිහිටි බාල ඕඩර් ද තියේ. නංගිලා මල්ලිලා අයියලා අක්කලා දිහාවල එනතුරු අයියලා  අක්කලා නංගිලා මල්ලිලා බලන්න යන එකට අදිමදි කරති. මීට අමතරව රහට කේක් වයින් හැදෙන තැන් වලට කලින් යන්න හිතෙන එකත් ඒවාට වයසේ ඕඩර් අමතක වීමත් සාමාන්‍ය දේවල් ය.

මෙ‍හෙම ගියාම හැම අවුරුද්ද‍ේම වග‍ේ අහන කතන්දර ඒ විදිහෙන්ම ඇහෙයි.... 

කටුන‍ේරිය‍ේ ජෝජ් අංකල්ලාග‍ේ ගෙදර ගියාම වින්තූරි අංකල් න‍ොවරදවා කියන හොර පොල් කඩන කතන්දරය එකකි.
හොර පොල් කඩන්නේ නැත්තං හ‍ොරු ප‍ොල් කඩන්න‍ේ රෑ ටය. කාටත් හොරා ගහට නගින්නට පුළුවන් උනත්, වැඩේ අබ්ලික් වෙන්න‍ේ බිමට අත අරින පොල් ගෙඩිය බිම වැටෙන්නේ තරමක සද්දයට වීමය. කඹයක් අරන් ගහට නැගලා සීරුමාරුවට පොල්වල්ල බිමට බාන එක එක සාත්තරයකි. මේ වෙලා යන වැඩේ වඩාත් පහසුවෙන් කරන්නට පුළුවන් ගැජට් එකක් වින්තූරි අංකල්ග‍ේ යාළුවන් ට තිබුණාය. ඒක ටෝච් එකකි. ගහ යට ඉන්න එකා ටෝච් එක පත්තු කර ගහට ඇල්ලුවාම උඩ ඉන්න එකා පොල්වල්ල කපලා ආලෝක කදම්බය දිග‍ේ පහලට රූටා එවයි....

වීදුරු සද්ද අස්සේ කියන මේ කතන්දරේ නත්තලට ජෝජ් අංකල්ලාග‍ේ ගෙදර දී නොවරදවා අහන්නට පුළුවන.

අනෙක් කතන්දරේ කතන්දරයක් ම නොව මැජික් එකකි. මේක කරලා පෙන්නන්න‍ේ මාෂල් අංකල්ය. අම්මාගේ අක්කාගේ, අපේ මහම්මාගේ මහත්තයා ය. මහම්මලාග‍ේ ගෙදර ක‍ේක් නම් නොවර දී. වයිනුත් නොවර දී. කළු දොදොල් කැවුම් කොකිසුත් නොවර දී... අප‍ේ ගමනත් නොවර දී. එහ‍ේ යන්නේ බ‍ොහ‍ෝ වෙලාවට දවාලටත් කාලා හවස තේත් බීලා රෑට මගටත් වීදුරුවක් හිස් කරලා එන්නය. මැජික් එක පෙන්නෙන්න‍ේ දවාලට කාලා හාන්සි ගානට ඉඳිද්දීය. 

ඉස්ත‍ෝප්පුවේ ඇඳි පුටුවක දිගෑදී ඉන්නා මාෂල් අංකල් සිගරට් එකක් පත්තු කරගන ඇස් දෙකෙන් දුං අරින හැටි දැකලා තියනවා දැයි අසයි. අපි හැමෝම වටේටම රොක් වෙලා බලා ඉන්නා අතර, දිග දුම් උගුරක් අැදගෙන, කට පියා නහයත් ඇඟිල්ලෙන් හිර කරගෙන, කොහොමත් ලොකු ඇස් දෙක තවත් ලොකුවට ඇරගෙන මාෂල් අංකල් පුටු ඇන්දට ඔළුව තියා උඩ බලාගෙන හිඳියි.... අපි හැමෝම අංකල්ගේ ඇස් දෙක දිහා... අප‍ේ ඇසුත් ඒ තරමටම ඇරගෙන දුම් පිටවෙන තුරු බලාන හිඳිමු.

හැම එකාම දැක්කා කියන හිංදා... මමත් කවදාවත් 'මම නං දැක්කේ නෑ' කිව්වේ නැත...  

මේක ඇත්තටම කරන්නත් පුළුවන් වැඩක් උනත් මේ මැජික් එකේ ශ්‍රී ලංකා වර්ෂන් එකේ ඇහෙන් දුං අරින එකා අතේ තියන පත්තු වෙච්ච සිගරට් එක මැජික් බලන එකාග‍ේ අතකට කකුලකට කිට්ටු කර දුම් පෙන්නන කෑල්ල මාෂල් අංකල් පුංචි අපට නොපෙන්නූ බව මට තේරුම් ගියේ ඒ මැජික් එක හරියටම කරන්නට ඉගෙන ගත්ත කාලයේය.

මේ වගේ පරණ කතන්දර නොවරදවාම මතක් කෙරෙන කතා කියන එක ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට පින්...!

Continue Reading...

ගීතාංජලී

http://geethanjalie.blogspot.ca/2010/04/25.html

(25)

සඳ රේණු සැඟ‍වෙන්න
මගේ නෙත නොරැ‍ඳෙන්න
තරු ඇසුත් පියවෙන්න
ඉඟි බිඟිය නොපෙනෙන්න
නවතින්න නැවතෙන්න
පියැවෙන්න නෙතු පිය මගේ

වලාකුළු දුව එන්න
අහස් ගඟ පුරවන්න
සළුවක්ව ඇතිරෙන්න
තිමිර‍යව පැතිරෙන්න
නෙතු පියා නිදියන්න
සැනසෙන්න මට මේ රැයේ

කඳුළු මල් විතරමයි
සුසුම් සුවඳයි තමයි
එපා මා හඬවන්න
අද නොහැක සරසන්න
කැකුළු මල් විසුරුවා
පුදසුනේ මගෙ ආදරේ

තුෂර බිඳු දරා අත
වලාසළු අගින් බැස
හෙමින් විත් සිප ගන්න
විඩාබර මා දෙනෙත
සිහිනයක හංගන්න
ලියැවෙන්න කවි වැල් සිතේ

මද්දහනෙ රිවි කිරණ
රිදවු නෙතු දිය දොවා
රැයේ සළුවෙන් වසා
පියාපත් පුබුදුවා
කොඳුරන්න සවනතට
ගී තනුව ගැයෙනා උදේ

-.-


In the night of weariness let me give myself up to sleep without struggle, resting my trust upon thee.

Let me not force my flagging spirit into a poor preparation for thy worship.

It is thou who drawest the veil of night upon the tired eyes of the day to renew its sight in a fresher gladness of awakening.
Continue Reading...

Thursday, December 15, 2016

ගස් විදුලිය නොහොත් පොල්ගහෙන් විදුලිය - නොරොච්චෝලේට දේශී්‍ය විකල්පයක්


[පරණ මූණු පොත් සටහනක්]
ඡන්දයක් තියන කරන්නම අවශ්‍ය නැති පොරොන්දු දෙන්න පරණ පුරුදු ස්වර්ණමය අවස්තාවක දී වැඩක් ගන්නට පුළුවන් කෙනෙකුට වැඩක් ගන්නට මේ දේශීය ග්‍රීන් පවර් කන්සෙප්ට් එක ලියා තබන්නට හිතුණා. විශේෂයෙන්ම ලංකාවේ පොල් ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ්‍යය වගේ පේන කුරුණෑගල පැත්තේ මාකට් කරන්න පුළුවන් සංකල්පයක් හින්දා එ් පැත්තේ ඡන්දය ඉල්ලන අයට වඩාත් ප්‍රයෝජන වෙන්නට පුළුවනි.

ගංගාවල් හරස් කරලා වේලි බැඳලා එකතු කරන ජලය පයිප්පයක් දිගේ අැරලා ටර්බයින් එකක් කරකවලා එ්කට අමුණපු ඩයිනමෝ එකකින් උපද්දවන විදුලිය ජල විදුලිය නම් ගහකට විදුලි උත්පාදන යන්තරයක් අවුණලා උපද්දවන විදුලිය ගස් විදුලිය විය යුතුයි.

පොල්ගස්වලින් විදුලි බලය නිශ්පාදනය කරන මේ අයිඩියා එක අපේ තාත්තාගේ ය. අපේ අයියා මොරටු විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට් උපාධිය කරන දවස්වල මොකක් හෝ ප්‍රොජෙක්ට් එකකට අපේ තාත්තා ලබා දුන් අයිඩියා එක මේකය.

වැඩේ සරලය. වැල්ලකරේ මිදුලට ගිහින් උඩ බැළුවොත් එක සීරුවට පෙනෙන්නේ හුළඟට රවුමට රවුමට ඔළුව කරකවන පොල්ගස්ය. පොල්ගහත් එ්කේ අංගෝපාංග සියල්ලත් හැදී තියෙන්නේ කෙඳි වලිනි. පොල් කඳත් එකටෙක බැඳුනු කෙඳිය. අඩි හැට හැත්තෑව අහසට ඉහ උස්සන පොල්ගහේ බරම කෑල්ල පොල්අතු, පොල්මල්, පොල් වලු, හනසු, මටළු අාදී සියල්ල රැස්වී තියන ඉස්මුදුනය ඔළුවය. හුලං බදන්නේත් එ්කටය. හුළං බදාන රවුමට පැත්තට දෙපැත්තට හෙලවෙන්නේත් එ්කය. හුලං මිස වෙන සදාතනික දෙයක් නැති වැල්ල අයිනේ නං මේ හෙල්ලිල්ල නවතින්නේ ම නැත. පොල් රා බිව්වාම හා පොල් අරක්කු බිව්වාම හැම එකාම හා හැම දේම කැරකෙනවා වගේ පේන්නට පටන් ගන්නේ පොල්ගස්වල මේ කැරකිල්ල හින්දාමය.

අපේ තාත්තාගේ අයිඩියා එක හැම පොල් කරටියකටම හොඳ කොහු ලණු වලින් අඹරාගත් කඹයක් ගැට ගැසීමය. හරියට අෑන්ගල් එක හිටින්නට මේ කඹයේ අනිත් කෙලවර විදුලි ජනක ඩයිනමෝ එකකට සවිකරන ලද කප්පියක දවටා තිබේ. ඉංජිනේරු කර්මාන්තය ගැන කිසිම දැනීමක් නැති මට නොතේරෙන, පොල්ගහේ වැනිල්ල ඩයිනමෝ එකේ කැරකිල්ල බවට පෙරලන යාන්ත්‍රික අටපට්ටමකුත් මේ අතර තිබේ. අවසාන ප්‍රතිඵලය හුලඟට හෙල්ලෙන පොල්ගහෙන් ලයිට් පත්තු කිරීමය.

පාට්ස් ලෝකල් කඹය. නොරොච්චෝලේ වගේ මාස ගණන් බලා ඉන්න අවශ්‍ය නැත. ගෙදර තනි පොල්ගහක් අැති එකාටත් විදුලියෙන් ස්වයං පෝෂිත වෙන්නටත් පුළුවන.

නරක වෙලාවට තාත්තා නැතිවුනේ. නැත්තං ඔය ගූගල් කාරයා බැලුන් අැරලා කරන වැඩෙත් දැනටම අහස උඩ එල්ලිලා තියන පොල් කුරුම්බා ගෙඩිවලින් රිෆ්ලෙක්ට් කරලා පොල් ගහෙන් ගහට සිග්නල් පාස් කරලා මුළු මූදු කරයම වයිෆයි කලාපයක් කරගන්න විදිහකුත් හොයා දෙනවා ෂුවර්....! 

Continue Reading...

Thursday, December 8, 2016

දෙසැම්බර් අට


අපේ අම්මා ඉපැදී ඇත්තේ දෙසැම්බර අටවෙනිදාවක ය. නයිනමඩමේ බෙරන් ගමරාල වූ, මෝදරගේ බර්නාඩ් වාස් ඇගේ තාත්තා ද, සබීනා වාස් ඇගේ අම්මා ද වූහ. දරුවන් හය දෙනෙකු වූ ඒ පවුලේ බඩ පිස්සී අපේ අම්මාය. අවුරුදු තුනේ හතරේ විතර දී, මගේ උපන්දිනයට අළුත් ඇඳුමක් මසා අන්දවා, පවුලේ අනිත් කට්ටිය එනතුරු, සාලයෙන් නිදන කාමර පැත්තට යන දොරලඟ තැබූ පුටුවක වාඩි කරවා හැඩ බැලූ දවස මට අම්මාගේ සිනහ පිරි මුහුණ මතකයේ තියන අතීතම දවසය කියා හිතමි.

ඒක පුංචි කමිසයක් හා උරිස් උඩින් ගොස් පිට හරහා කතිරයක් වුනු පටි ඇල්ලූ කලිසම් පොඩ්ඩක් විය. කලිසමේ ඉණ පටිය මත ඇල්ලූ බොත්තං දෙකේ රතුපාට ජිරාෆ්ලා ගේ රූප තිබුණා නම් හොඳටම මතකය. මැහුවේ අම්මාය.

ඇගේ සිංගර් මැෂිම කට කට ගා කැරකෙන සද්දය මට තවම අහන්නට පුළුවන. එක් කාලයක ඒකට අතින් කරකවන මෙවලමක් අවුණා තිබුණි. ඒ දවස්වල මැෂිම කැරකවීමේ තනතුර බොහෝවිට අයිති වූවේ මටය. අම්මා අපේ උපන්දින වලට ද නත්තලට ද ඇගේ අතින් අළුත් ඇඳුම් මසා ඇන්දුවාය. අයියාත් මමත් ටිකක් ලොකු මහත්වූ පසුව මේ සිරිත හැළුණත්, නත්තල් දා රෑ පූජාවට යන්නට නංගිලාගේ ගවුම්වල හැඩ වැඩ මැහීම, එදා රෑ වෙනතුරුම වාගේ සිදුවෙයි.

නවසිය අනූහයේ මේ වගේ දවස්වල අම්මා බලන්නට යන්නම ඕනාය තදබල හිතිවිල්ලක් හැම වෙලේම ඉස්මතුවෙන ගතියක් තිබුණි. උපාධියක් බෙල්ලේ එල්ලා තිබුණත් හරියාකාර රස්සාවක් අතේ නොතිබුණු තාවකාලික රැකියාවකුත් කරමින්, උදේ වරුවේ පත්තරයත් බෙදූ ඒ කාලයේ ලංකාවට ගිහින් එනවාය කියන එක අසාධාරණ හිතිවිල්ලක් වී තිබූ නමුත්, ඊළඟ ජනේරුවේ, මාව ගෙදර කැන්දාගෙන යන්නට අම්මා කටුනායකට ඇවිත් සිටියාය.

"ආන්ජලෝ..... ෆෝටි ඉයර්ස්.....!"

මා අන්තිමට අම්මා දැක්කේ ඒ අවුරුද්දේ අග හරියේ දී ප්‍රංශයේ ලූර්දු නුවර රෝහලක දීය. හදවත දුර්වල වී දැඩි සත්කාර ඒකකයේ ඇඳක සිටි ඇය සැත්කමකින් පසුව මගේ අත අල්ලාගෙන ලඟින් ඉන්නැයි කියා නින්දට ගියාය.

--------------------------------------------------------------------------------------------------------
ප්‍රංශයේ දවසක්...!
May 10, 2014

තාන් රෙද්දක කපුරු සුවඳට රැයේ මැදියම පෙරවෙනා
හිසේ මුදුනත රැඳෙන අතැඟිලි අගිසි පහසට ඇහැරෙනා
අත්තටුත් අඩපණව කොඳුරන ලපැත් පෑරී රිදවෙනා
දවස්වල විත් තුරුල්ලට ගෙන උරිස්සේ හිස රඳවනා

සිනාවක දුක් කඳුළු මල් පිපි උයනක්ව බැබළුණු නෙතේ
රහස් ලියැවුණු පොතක් විය දිග කතන්දර සේ ජීවිතේ
වසත් සමයත් නියං සුළඟත් දෙපැත්තේ රැඳි මාවතේ
අතින් අල්ලා තුරුළු කරගත් කුරුළු පැටවුන් හාමතේ

ඉගිල්ලී ගොස් කිරිල්ලී හා සොයා පරඬැල් අතුරලා
කූඩු සාදා සොයා පලවැල තාත්තා කෙනෙකුත් වෙලා
හැරී බැළුදා හිස් කැදැල්ලක හිස් තොටිල්ලක් තනිවෙලා
එදා ඊයේ කිවු දවසක සිනා තිබුණා නැවතිලා

පියාපත් යට උණුහුමේ හිටි දවස් දියැවී වැගිරුණා
සුසුම් සුළඟක නිවෙන පහනක සිළුව සසැලී වියැකුණා
වැසුණු නෙතුපිය යටින් දෙතොලත සිනහවක් සිතුවම් වුණා
අතින් සන් කර ළඟින් ඉන්නැයි කියා අම්මා ඉගිලුණා


1997 දවසක ප්‍රංශයේ රෝහලක මතකයකි.මේ අම්මලාග‍ේ දිනයේ දී පුතුන් තුරුළු කරගෙන නිදි වරන සෑම අම්මලාගේම කඳුළු වෙනුවෙන් ලියමි.
-----------------------------------------------------------------------------------------------------------------
අද දවසේම උපන් මාරි ඇන්ටී ගැනත් පුංචිම හෝ සටහනක් මෙතැන නොතැබුවොත් ඒ අඩුවකි.
අපේ අම්මාට නෑනා වූ, අමිමාගේ අයියාගේ බිරිඳ වූ ඕ, කොළඹ සරසවියේ මා උගත් හතර අවුරුද්දේම අම්මා ලෙසින්ම මගේ දුක සැප බැළුවාය. අදටත් ගෙදර යනවා කියන්නේ ඈ බලන්නට යාමක්මය.
සුබ උපන් දිනයක්...!



Continue Reading...

Blogroll

About