Monday, January 23, 2023
ශ්වේත තප්ත ජනේරුව නොහොත් විප්රවාසියාගේ ලතැවිල්ල
අළුත වට හිම වැස්ස පිරුවටක් සේ අතුල
මිදුල බිම කෙත් යාය මහ මගත් වියපත්ව
සිනාසෙද හඩන්නෙද හෙමින් ඉකි බිඳින්නෙදදිග ඇදී දිගාවී නිසසලව සන්සුන්ව
හිමාලය මුදුන උස සීතලට හාදු දී
හුමාලය වී විලේ දිය රඟයි බොඳ වෙවී
ගිනි නැතිව දුම් නැගෙයි විල් තලාවේ පිරී
හිම තලාවට ගලා කඳුළු හැදෙමින් මිදී
පහන් රුක පහන යට නත්තලට ඇණ ගැසුව
කොල පාට නොගිලහුනු රිකිලි මල් සැරසිල්ල
මලානික විදුලි නෙතු කම්මැලිව පිය සලයි
ජනේරුව ආ වගක් ගිය වගක් අමතකව
පවන් වැල් පටලැවී සසලවී කරකැවෙයි
නිල මැකී අඳුරු වූ අහස දෙස නෙත් හෙලයි
හිම බැඳී සුද මිදුණ වෙවුලනා අගිසි අග
යන්තමට පණ තියෙන රතු රිබන් සැරසිල්ල
හොටින් හොට ගාවමින් පුරුදු කිචි බිචි නැතිව
උණුහුමක ඉඩ හොයන ගේ කුරුළු තුඩගකට
ගී ගයන හඬ ස්වර අහිමි කර සිර කෙරුව
ජනේරුවෙ සුදුම සුදු සීතලේ ගිනි දළුව
ජනවාරි 26, 2011
Thursday, January 12, 2023
නයගරා ඇල්ල ලඟ ලිහිණියා
පස් මහා විල් පුරා උතුරා
ඇවිත් ඇවිදන් සම බිමේ
ආගාධයකට විහින් පනිනා
තුංග දියකඳ මායිමේ
බෙල්ල මානා ඉන්නවා උඹ
ඇල්ල ලඟ ගල් බැමි වැටේ
යන්නෙපා යැයි සන් කරන්නද
ඇල්ල පනිනා අගාධය ගැන
කියා නවතා නවත්තන්න ද
රැවුම් මුහුණින් අපි දිහාවම
බලන්නේ උඹ ඔය වගේ
කන්ද මුදුනේ උල්පතක හිඳ
ගලන ගඟකට අළුත් නෑ මග
ගලින් ගලකට හිස ගසාගෙන
දියළුමක් වී ඇද හැලෙන රඟ
ඒත් එහෙමද තැනි බිමක මැද
නිසොල්මන් වී ගලපු ජලකඳ
අගාධයකට නගා අඬහැර
මහා වේගෙන් ගිලී යන එක....?
කන්ද මුදුනේ උල්පතක හිඳ
ගලන ගඟකට අළුත් නෑ මග
ගලින් ගලකට හිස ගසාගෙන
දියළුමක් වී ඇද හැලෙන රඟ
ඒත් එහෙමද තැනි බිමක මැද
නිසොල්මන් වී ගලපු ජලකඳ
අගාධයකට නගා අඬහැර
මහා වේගෙන් ගිලී යන එක....?
අමුතු දේකුත් නෙවෙයි බං....
ඈත දුර ඉඳු සයුර මැද්දේ
අපේ දේසේ මුතු ඇටේ
අපේ දේසේ මුතු ඇටේ
එහෙත් මේමම ණය ගරාවකි
ණය වෙලා ලොව දහ අතේ
කන්න බොන්නත් හිඟම හිඟවී
පුංචි එවුනුත් හාමතේ......
ණය වෙලා ලොව දහ අතේ
කන්න බොන්නත් හිඟම හිඟවී
පුංචි එවුනුත් හාමතේ......
Thursday, January 5, 2023
විස්සයි විසි තුන
කල් ඉකුත් වූ කලට මල් පිපෙන වසන්තය
මැවී ඉහිරෙයි අරුම පුදුමව සුදුම සුදු හිම
මැවී ඉහිරෙයි අරුම පුදුමව සුදුම සුදු හිම
ගලා යන්නට නොදී නවතා
පාෂාණිභූචිතව රැඳවූ මිරිදිය...
පුළුන් මල් විසුරුවා හඳ එළිය පාටට
වසං කරවා ඉඳු දුන්නෙ හත් පෙත්ත
පාෂාණිභූචිතව රැඳවූ මිරිදිය...
පුළුන් මල් විසුරුවා හඳ එළිය පාටට
වසං කරවා ඉඳු දුන්නෙ හත් පෙත්ත
අළුත් නමකුත් මුමුණ මුමුණා
උදාවෙයි මලානික සිසිරය...
උතුරු මාරුතය සිඹ කඳුළු බර මෝසම
මුදා හල දුක් දෝමනස්සයන් හැම
මිදී ගිලිහී තාරකා වී රැඳෙයි
තුරු අගිසි සඳළු තල මත...
සදාහරිතය සථප කල දේවදාරය
මැලවුනු හරිත පැහැ නිය අග
බදා අල්ලා කඳුළු ගල් කැට
බදා අල්ලා කඳුළු ගල් කැට
හිඳී නිසලව ශ්වේත තප්තව...
නිම්නයේ කෙළවරක මිදුණු විල අද්දරක
මල් ගොමුව ගුම් නැගුනු මුණු මුණුව
වසාගෙන වැළඳගත් හෙවනැල්ල
අහිමි වූ සෝ බරිත එල්ම් ගස...
සලයි හිම තුහින රැඳි තුංග හිස
නොගිලිහුනු මතකයක අගිසි අග
පත් මෙන්ම අත් නගා ඉගිල ගොස්
නිහඬ වී නිසල වුනු
සකුන් ගී නද රැඳි වසන්තය...!
ජනවාරි 5, 2023
Friday, December 30, 2022
මම වීරයෙක් නොවෙමි. සත්‍ය වීරයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි.| වේල් ගෝනීම් (වෙසෙස් බූන්දි)

වේල් ගෝනීම්| 1980 දෙසැ.23 වන දින ඊජිප්තුවේ කයිරෝහි උපන් වේල් සයිඩ් අබ්බාස් ගෝනීම් හැදී වැඩුණේ අරාබි එක්සත් අමීර් රාජ්‍යයේය. දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ අමෙරිකානු කාන්තාවකි. වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් වන ගෝනිම් 2010 ජනවාරි සිට ගූග්ල් සමූහයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. 2011 ජනවාරි මස සිට ඔහුගේ ඉල්ලීම පරිදි සේව්‍යයා විසින් ඔහු ඊජිප්තුවේ සිට-
සේවය කිරීමේ අවස්ථාව ලබා දුණි. ජනවාරි 27 වන දින ඔහු අතුරුදන් වූයේ ඊජිප්තුවේ දේශපාලනික අස්ථාවර බව නැග ඒමත් සමගමය. 2011 පෙබරවාරි 07 වන දින ඔහු නිදහස් වූයේ ඊජිත්තු විප්ලවය වෙනුවෙන් අන්තර්ජාලය හරහා ඉමහත් මෙහෙවරක් කළ විප්ලවයේ නියමුවෙකු ලෙස ජනතාවගෙන් උපහාර ලබමිනි.
එදින රාත්‍රී 10.00 ට ඩ්‍රීම් ටී.වී. නම් ඊජිප්තු රූපවාහිනි නාලිකාවෙහි පෙනී සිටි ගෝනිම් විරෝධතා කරුවන්ට ප්‍රශංසා කළ අතර මිය ගියවුන් උදෙසා ශෝක වූවේය. මේ ඔහු එහි දී අදහස් දැක්වූ අයුරුයි.
මම වීරයෙක් නොවෙමි. මා කලේ පරිගණකයේ යතුරු පුවරුව පාවිච්චි කිරීම පමණයි. සත්‍ය වීරයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි. ඔවුන් මට නම් කරන්නට බැහැ. මේ මිනිසුන් එකිනෙකා ද්‍රෝහීන් යැයි ගරහන්නා වූ කාලයක්. මා සිරකරනු ලැබුවා. පැහැරගෙන යනු ලැබුවා, නමුත් අයථා හිංසාවකට ලක් වුනේ නැහැ.
සිරගෙදර දී අප ඇත්ත වශයෙන්ම වෙනත් කණ්ඩායම් සඳහා සේවය කරන ද්‍රෝහීන් ලෙස සිතා සිටින ඉතා නැණවත් මිනිසුන් මුණ ගැසුණා. මම ද්‍රෝහියෙක් නම් මට එක්සත් අරාබි ජනරජයේ මගේ නිවසේ පිහිනුම් තටාකය අසල සුවසේ ඉන්න තිබුණා. මේ "මුහුණු පොතේ තරුණ පිරිස" දස දහස් ගණනින් ජනවාරි 25 දා වීදි බැස්සා, කතා කරන්න ඔවුන්ට. මේ පිරිසිදු අපේක්ෂාවන් ඇති මිනිසුන් ද්‍රෝහීන් ලෙස සලකන යුගයක්.
(මම ඊජිප්තුවේ විරෝධතාවට සම්බන්ධ වෙන්නට මගේ සේවාස්ථානයත් රැවටුවා. මම ද්‍රෝහියෙක් නොවෙමි. මට කිසිවකුගෙන් කිසිවක් අවශ්‍ය නැහැ.)
මම මගේ බිරිඳ ගැන නොසැලකූ නිසා, මගේ මුළු කාලයම පරිගණකය තුලින් මගේ රට වෙනුවෙන් යෙදවූ නිසා, ඈ මගෙන් දික්කසාද වෙන්නට කටයුතු කරනවා. ඒත් අද මම ද්‍රෝහියෙක් යැයි ඔවුන් කියනවා.
මම 25දා පිළිබඳව එතරම් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මටම මේක අදහන්නට බැහැ. මා සිරෙන් නිදහස් කරගන්නට කටයුතු කළ හැමෝටම ස්තුතියි. මගේ තාත්තාගේ එක ඇසක පෙනීම නැතිවෙලා අනිත් ඇසෙත් පෙනීම අන්තයටම අඩුවෙලා. ඒක පවුකාරකමක්. ‘මිනිස්සු මා ගැන හිතනවා ද?, මගේ පවුල, බිරිඳ, තාත්තා මම කොහේදැයි දන්නවාද?’ මම හැමවේලෙම හිතුවා.
මම මට කරන්න පුළුවන් වූ දේ ගැන ආඩම්බරයි. මේ එදිරිවාදිකම් පිරිමසා ගන්න කාලය නොවෙයි. මටත් ඉන්නවා එවැනි දේ විසඳාගත යුතු පිරිස්. ඒත් මේ මතවාදයන් කර පින්නාගෙන දිනාගත් දේ විනාශ කරගත යුතු කාලය නොවෙයි. මුණු පොතේ සාර්ථකත්වයේ රහස සමීක්ෂණ දත්ත පාවිච්චියයි.
මම අද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වරයා හමුවුනා අද. ඔහු සාමාන්‍ය වැසියෙක් ලෙස, මා සමානයකු සේ සලකා කතාබහ කලා. මම ඒකට ගරු කරනවා. වීදී බට තරුණ පිරිසගේ ඉල්ලීම නිසා එන්.ඩී.පී. මහ ලේකම් ආචාර්ය හොසම් බද්රාවි අද මාව ඔහුගේ වාහනයෙන් ගෙදර ගෙනවුත් ඇරලුවා.
ඔවුන් මාව රාජ්‍ය ආරක්ෂකයින්ට බාර දුන්නා. එය පැහැර ගැනීමක්. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එකට පමණ මම මගේ වැඩපලේ මිතුරෙක් සමග සිටියා. මම ටැක්සියක යමින් සිටියේ. හදිසියේම හතර දෙනෙක් වාහනය වටකර ගත්තා. මම ‘බේරාගන්න’ යි කෑ ගැසුවත්, මගේ ඇස් බැඳ රැගෙන ගියා. මම මෙය සිදුවූ ආකාරයෙන්ම කියනවා. කිසිම ලෙසකින් පැහැරගැනීමක් සාධාරණිකරණය කරන්න බැහැ. මාව සිරභාරයට ගන්න පුළුවන් නීත්‍යනුකූලව. මම මත් වෙළෙන්දෙක්වත් ත්‍රස්තවාදියෙක් වත් නොවෙයි.
ඇතුලේ දී මට (රාජ්‍ය ආරක්ෂක සේවකයින්) ඊජිප්තුවට ආදරය කරන මිනිසුන් මුණ ගැසුණා. නමුත් ඔවුන්ගේ ක්රමවේදත් මගේ ක්රමවේදත් වෙනස්. මම ඔවුන්ගේ වැටුප් ගෙවනවා, මගේ බදු මුදල් වලින්. ඒ නිසා මට අයිතියක් තිබෙනවා අමාත්‍ය වරුන්ගෙන් ප්‍රශ්න කරන්නට මගේ මුදල් යන්නේ කොහාටද කියා. මේ අපේ රට.
මම විශ්වාස කරනවා තත්වය යහපත් අතට හැරුණොත්, මේ මිනිසුන් (මට හමුවූ රාජ්‍ය ආරක්ෂක පිරිස්) කැපවී ඊජිප්තුවට සේවය කරයි කියා.
අපේ මග හරස් කරන්න එපා අපට අවශ්‍ය රටට සේවය කරන්නයි. මම දැක්කා ඔවුන් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුට කම්මුල් පහරක් දෙනවා. “උඹ මෙතන මැරෙනවා” ඔවුන් කිව්වා. ඇයි ඒ?
දැන් ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා මා සමග ගිවිසුමකට එන්න. ඔවුන් දුර්වලව ඉන්නා නිසා. මම වීරයෙක් නොවෙයි, සාමාන්‍ය මිනිහෙක්. මට කළ දෙය අපරාධයක්, නමුත් මම තවම ස්තුතිවන්ත වෙනවා මාව එළියට ගන්න ඉදිරිපත් වූ අයට. මම උගත් කෙනෙක්. මට පවුලක් ඉන්නවා. බද්රවී මට කිව්වා අපි එන්ඩීපී හි නරක අය සියළු දෙනාම එකතු කරගෙන කියා. මම කිව්වා මට එන්ඩීපී සලකුණ වත් ආයෙ දකින්න අවශ්‍ය නැතිය කියා.
මේ රට මේ තත්වයට ගෙනාවේ එන්ඩීපී පක්ෂයයි. ඔබට අළුත් පක්ෂයක් හදාගන්න පුළුවන්. පෙනෙන විදිහට මාව ආයෙත් පැහැරගෙන යාවි මෙයින් පසුව.
මගේ මූණු පොතේ ව්‍යාජ නම් වලින් සටහන් තැබූ අය තුන්සීයක් පමණ ඉන්නවා. අපිට මුදල් දෙන අය ගැන බොරු ආරංචි ලියූ අය. මම ඒ පිටුව පවත්වාගෙන ගියා පමණයි. අනෙක් අය ඒකේ ගාස්තු ගෙව්වා. අපි සිහින දකින්නන් පිරිසක්.
මේ අරගල සංවිධානයේ මුස්ලිම් සහෝදරත්වයේ සම්බන්ධයක් නැහැ. එය නිරායාසයෙන් ඇරඹුණු, ස්වෙච්ඡාවෙන් ඉදිරයට ගිය දෙයක්. මුස්ලිම් සහෝදරත්වය තීරණය කලා නම් සම්බන්ධ වෙන්න ඒක ඔවුන්ගේ වැඩක්. මේ අරගලය ඊජිප්තු තාරුණ්‍යයේ අරගලයක්.
සියළුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලනවා මම, මේ ඕපදුප පැතිරීම දැන් ඇති. ඇත්තටම ඇති.

බූන්දිය ලුහුබඳින්න-

බූන්දි, සඳුදා, පෙබරවාරි 14, 2011 03:26:30
බොහොඬෙක් (කතන්දර බූන්දි)
කතන්දර බූන්දි
බොහොඬෙක්
පොලිස් අධිකාරි ඔච්චම්යෙලොව් අළුත් පිට කබායක් හැඳ පාර්සලයක් කිහිල්ලේ ගසාගෙන වෙළඳ හචතුරස්රය හරහා ගමන් කරයි. රතු පෑ හිසකේ ඇති පොලිස් භටයෙක් රාජසන්තක කළ ගූස්බෙරි පිරවූ කූඩයක්ද රැගෙන ඔහු පසු පස සීරුවෙන් පය තබා එයි. හාත්පස නිහඬය. චතුරශ්‍රයෙහි වෙන එකදු මිනිස් පුළුටක් නැත. බඩගින්නෙන් පෙලෙන කටවල් මෙන් පෙනුනු වෙළඳහල්වල සහ තැබෑරුම්වල හැර දැමූ දොරවල් කනස්සල්ලෙන් මෙන් දෙවියන්ගේ ලෝකය දෙස බලා සිටිති. ඒවා අසල හිඟන්නෙක් වත් ගැවසුනේ නැත.
"ඔහෝ උඹ හපනවා ආ... වනචර සිව්පාවා" ඔච්චම්යෙලොව් ට හදිසියේම ඇසෙයි. "කොල්ලනේ, යන්ඩ දෙන්ඩ එපා ඕකාට! හපාකන එක තහනම් මේ දවස්වල! අල්ල ගනින්! ආහ්... ආහ්!"
බල්ලකුගේ වේදනාත්මක අඳෝනාවක් ඇසෙයි. හඬ ආ දෙසට හැරී බලන ඔච්චම්යෙලොව් පිචුගින් ගේ ලී මඩුවෙන් කකුල් තුනකින් කුන්දු ගසමින්, විපරමින් අවට බලමින් දුව එන, බල්ලකු දකියි. කැඳ දමා මැදි කමිසයකුත් බොත්තම් ගැලවුණු උඩ කබායකුත් හැඳි මිනිහෙක් බල්ලා පසුපසිනි. බල්ලා හඹා ආ මිනිසා, ඉදිරියට පිම්මක් පැන බිම පෙරලී උගේ පස්සා කකුල්වලින් අල්ලා ගනී. නැවත වරක් බල්ලා ගේ අඳෝනාවත්, "යන්ඩ දෙන්ඩ එපා...!"යි කෑ ගැසිල්ලත් ඇසෙයි. නිදිබර මුහුණු වෙළඳ හල් වලින් එබෙත්. ඉතා ඉක්මණින්, අහම්බෙන් මහ පොළව පුපුරා මතුවූවා සේ, ලී මඩුව වටා ජන සමූහයක් එක් රැස්ව සිටිති.
"කළබලයක් වගෙයි සර්..." පොලිස් භටයා කියයි.
ඔච්චම්යෙලොව් අඩ රවුමක් වමට කැරකී දිග අඩි තබමින් පිරිස වෙත යයි.
කලින් සඳහන් වූ බොත්තම් ගැලවුනු උඩු කබාය හැඳි මිනිසා ලී මඩුවේ ගේට්ටුව අසල සිටගෙන දකුණත ඉහලට ඔසවා ලේ ගලන ඇඟිල්ලක් රැස්වුනු පිරිසට පෙන්වනු පෙනෙයි. "උඹට පෙන්නං නං මම, තක්කඩියා!" ඔහුගේ මුහුණේ පැහැදිලිව ලියැවී ඇති සෙයක් පෙනෙයි. ඇත්තෙන්ම ඔහුගේ ඉහලට එසවුණු ලේ තැවරුණු ඇඟිල්ල සෙලවුණේ ජයග්‍රහණයේ ධජයක් ලෙලදෙන්නාක් මෙනි. ඔච්චම්යෙලොව් මේ මිනිසා හරූයිකිං නම් රන්කරුවා බව හැඳින්නේය. මේ කලබැගෑනියට මුල්වූ චූදිතයා, උල්වු හොම්බක් සහ පිට මැද කහවන් ලපයක් සහිත සුදු බොර්සෝයි බලු පැටියා, පිරිස මැද බිම, ඉදිරි පාද ඉදිරියට දිගු කරගෙන වාඩිවී, බියෙන් ගැහෙමින් සිටියි. උගේ හැඬුම්බර ඇස්වල අසරණකමත් භීතියත් හොඳින් සටහන් වී තිබෙයි.
"අහවල් හේතුවකටද මේ?" ඔච්චම්යෙලොව් පිරිස පීරාගෙන ඉදිරියට යමින් අසයි "මොකක් ද මේ උඹ මෙතන කරන්නෙ? අහවල් කාරණාවකටද ඔය ඇඟිල්ල වනන්නෙ... ? කාටද උඹ ඔය බෙරිහන් දෙන්නෙ?"
"අනේ සර්, මම මගේ පාඩුවෙ මේ පැත්තෙන් ඇවිදන් ආවෙ කාටවත් කිසිම කරදරයක් නොකර" හරුයිකිං මිට මෙලවූ අතට කහිමින් පටන් ගනියි... "මම දර ටිකක් ගන්න එක ගැන මිත්රි මිත්රිච්ට කතා කර කර ඉඳිද්දි තමයි මෙන්න මේ පාදඩ තක්කඩියා මොනම හේතුවක් වත් නැතුව පැනල මගේ ඇඟිල්ල හපා කෑවෙ... සමාවෙන්න ඕනෙ මට... මම වැඩකරන මනුස්සයෙක්නෙ... මගේ කර්මාන්තෙ සියුම් වැඩක්... මේකට නම් මට වන්දියක් ඕනෙ... මේ අබලන් ඇඟිල්ලෙන් කිසි වැඩක් කරගන්න බැරුව යයි තව සතියකටවත් මට. නැද්ද මං අහන්නෙ... ? ඒක නීතියක් නෙවෙයි නේ සර්, මේ වගේ තිරිසනෙකුට අපි යට වෙලා ඉන්න ඕනැයි කියන එක... මේ විදිහට හැම එකාවම හපා කෑවොත් ජීවත් වෙන එකේ තියෙන වටිනාකම මොකක් ද සර්...?"
"හ්ම්... බොහොම හොඳයි" කහිමින් සිය ඇස් බැමි ඔසවා බලා තිරසාර හඬකින් ඔච්චම්යෙලොව් කියයි. "බොහොම හොඳයි... කාගෙ බල්ල ද මේකා? මම මේක ලේසියෙන් අරින්නෙ නෑ! මේ වගේ තමුන්ගේ බල්ලො ඉබාගාතෙ අරින උන්දලට මම උගන්නන්නම්! කාලෙ හරි මේ වැදගතුන් ගැන සලකා බලන්න, ඒ ගොල්ල නීතිය පිළිපදින්නෙ නැත්නම්! හොඳ දඩයක් වැදුනාම තක්කඩියට... මම උගන්නන්නං තමුන්ගේ බල්ලන්ව යි හරකුන්ව යි ඉබාගාතෙ යැවිල්ලෙ පල විපාක! උගන්නන්නං මං පාඩමක් අද!... යෙල්ඩයිරින්"
අධිකාරිවරයා පොලිස් භටයා අමතා කෑ ගසයි, "හොයනවා මේ බල්ල කාගෙද කියල! මට ඕනෙ වාර්තාවක්! බල්ලාව වහාම මරා දාන්න ඕනෙ. කිසි ප්‍රමාදයක් නැතුව! සහතිකෙන්ම මූට පිස්සු... ජල භීතාකාව... මං ආයෙත් අහනවා... කාගෙ බල්ලා ද මේ?"
"මට නම් පේන්නෙ ජෙනරාල් ෂිඟාලොව් ගෙ බල්ල වගේ," පිරිස අතරින් කවුරුදෝ හඬගා කියයි.
"ජෙනරාල් ෂිඟාලොව් ගෙ, හ්ම්... මගෙ මේ කබාය ගලවන්න උදව්වෙයන් යෙල්ඩයිරින්... මේක මිනිමරු රස්නයක්! එකත් එකටම වැස්සක ලකුණක්... මෙතන එක දෙයක් තියෙනවා මට තේරුම් ගන්න බැරි, මොන විදිහෙන් ද මේකා උඹව හපාකෑවෙ?" ඔච්චම්යෙලොව් හරුයිකිං දෙසට හැරෙයි. "පැහැදිලිවම මේ පුංචි බලුකුක්කට බෑ සද්දන්ත උඹේ ඇඟිල්ලට පනින්න... එකත් එකටම උඹ ඔය ඇඟිල්ල සූරගන්න ඇති ඇණේකට. ඉතින් උඹට පහල වෙන්න ඇති මේ වන්දි අරගන්න කල්පනාව. අපි දන්නවනෙ... උඹලව! මම නොදන්නව ද යකෝ?"
"මේ මිනිහා ඔය සතාගෙ මූණට සිගරට් එක ඇල්ලුවා සර්, විහිළුවට... එතකොටයි බල්ල හැපුවෙ... ඔය මනුස්සයා විකාරකාරයෙක් සර්!"
"ඒක පචයක් වපරයෝ! දැක්ක නැති දේවල් ගැන මොකටද උඹ පච ගහන්නෙ? මේ සර් දැන උගත් මහාත්මයෙක්. එයාට තේරෙනව කවුද පච ගහන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල... දෙයියන්ට වගේ... ඉතින් මම කියන්නෙ බොරු නම් ඒක උසාවිය බලාගනී. නීතිය එහෙමනෙ... අපි හැමෝම එක සමානයි නේ මේ දවස්වල. මතක තියා ගනිල්ලා... මගේ සහෝදරයාත් පොලිස් භට හමුදාවෙ.."
"නවත්තපල්ලා ඔය බැනගැනිල්ල!"
"නෑ, මේකා ජෙනරාල්ගෙ බල්ලෙක් නෙමෙයි," පොලිස් භටයා නිශ්චිත ස්වරයකින් කියයි. "ජෙනරාල් ට මේ වගේ බල්ලෙක් නෑ. එයාගෙ උන් සේරම දඩ බල්ලො."
"තමුන් ඒක හරියටම දන්නව ද?"
"අපොයි ඔව් සර්... !"
"මමත් දන්නව ඒක. ජෙනරාල් ගෙ බල්ලො ජාතකයක් තියෙන වටිනා උන්. ඒකට මේ අවලම් සතා. මවිල් නෑ... කිසි හැඩයක් නෑ.... වල් සතෙක්. මේ වගේ බල්ලෙක් හදා ගන්න එකේ කිසිම තේරුමක් නෑ. මේ වගේ සතෙක් පීටර්ස්බර්ග් වල හරි මොස්කව් වල හරි ගෙනිච්ච නම් දන්නවද මොකද වෙන්නෙ කියල? නීති රීති ගැන කිසි කතාවක් නැතුව ඇහිපිය ගහන්න කලින් බෙල්ල හිරකරල මරා දායි! උඹට තුවාල වුනා නේ ද හරුයිකිං, ඒක ලේසියෙන් ලිස්සල අරින්න දෙන්න බෑ... අපි මුන්ට පාඩමක් උගන්නන්න ඕනෙ! ඒකට කාලෙ හරි දැන්...!"
"ඒත් මේකා ජෙනරාල්ගෙ වෙන්න බැරිමත් නෑ... ," පොලිස් භටයා හඬනගා සිතයි. "මූණෙන් නං ඒ විදිහෙ පෙනුමක් නෑ.... ඒත් ඊයෙ පෙරේද මම මේ වගේ සතෙක් දැක්ක එයාලගෙ වත්තෙ ඉන්නව...."
"ඕකා ජෙනරාල් ගෙ තමයි. ඒක සහතිකයි!" පිරිස අතරින් හඬක් නැගෙයි.
"හ්ම්, උදව් වෙයන් මට කබාය දා ගන්න, යෙල්ඩයිරින්, මගේ කොල්ලා... මේ හුළඟ සැරවේගනයි එන්නෙ. සීතලයි මට... මේකාව ජෙනරාල්ගෙ ගෙදරට ගෙනිහින් විපරම් කරපන්. කියපන් මට හම්බවෙලා එව්ව විත්තිය. මේ පාරවල් වල අතන මෙතන යන්න දෙන්න එපා කියපන්.... මේකා වටිනා බල්ලෙක් වෙන්න ඇති. මේ හැම රස්තියාදුකාර ඌරම උගේ කටේ සුරුට්ටු ඔබන්න ගියොත් බොහොම ඉක්මනින් ඌ නැති නාස්තිවෙලා යයි. බල්ලෙක් කියන්නෙ සියුමැලි සතෙක්.... දාපන් අලිඔළුවා උඹේ ඔය අත පහලට. උඹේ ඔය තකතිරු ඇඟිල්ල ප්‍රදර්ශනය කරන එකේ කිසිම වැදගැම්මක් නෑ. මේක උඹේම වැරැද්ද…"
"මේ එන්නෙ ජෙනරාල් ගෙ කෝකිරාල, අහමු බලන්න එයාගෙන්... මේ ප්රෝහොර්! මෙහාට ආවනං මගෙ මනුස්සයො. බලමුකො මේ බල්ල දිහා... මේ ඔහේලගෙ බල්ලෙක් ද?"
"අරුම කතාවක් තමයි! අපට කවමදාකවත් මේ වගේ එකෙක් හිටියෙ නැහැ!"
"තවත් අහ අහා කාලෙ නාස්ති කරන්න වැඩක් නෑ" ඔච්චම්යෙලොව් කියයි. "මේකා දඩාවතේ යන බල්ලෙක්! තවත් කාල නාස්ති කරන්න වැඩක් නෑ මූ ගැන කතා කර කර ඉඳල... මේකා දඩාවතේ යන එකෙක් කියල මෙයා කියනව නම් ඉතින්... ඌ දඩාවතේ යන එකෙක් තමයි... ඌ විනාශ කර දාන එකයි කෙරෙන්න ඕන. එච්චරයි."
"මේ අපේ බල්ලෙක් නෙමෙයි" ප්‍රෝහෝර් දිගටම කියයි. "ඒකා අයිති ජෙනරාල්ගෙ මල්ලිට. එයා ආවෙ ටික දවසකට කලින්. අපේ සර් මේ ජාතියෙ බල්ලන්ට කිසි ආසාවක් නෑ. ඒකට මල්ලි... එයා කැමතිම මුන්ට..."
"ඔය කියන්නෙ උතුමාණන්ගෙ සහෝදරය මෙහෙ කියල ද? ව්ලැඩිමියර් ඉවානිච්?" ඔච්චම්යෙලොව් අසයි. ප්‍රීතියෙන් කුල්මත්වූ ඔහුගේ මුහුණ සිනහවකින් එළිය වෙයි. "අහා... නිකමටවත්! මම දැනගෙන හිටියෙ නෑනෙ... එයා සංචාරයකට ඇවිල්ල ද?"
"ඔව්"
"ආහ්, මට නිකමටවත් .... එයාට අයියගෙන් ඈත්වෙලා ඉන්න බෑ මනෙ.... බලාපල්ලා මම දැන හිටියෙ නෑනෙ! එහෙනම් මේ පොඩි උතුමාණන්ගෙ බල්ලා? අහන්නත් සන්තෝසයි... අහන්නත් සන්තෝසයි... අරන් යන්න අරන් යන්න. කොහොමටත් නරක කුක්කෙක් නොවෙයි... බොහොම ජව සම්පන්න සතා... මේ මිනිහගෙ ඇඟිල්ලත් ඩැහැගත්තා! හහ් හහ් හා.... එන්න... ඇයි වෙවුලන්නේ? රර්ර්... රර්ර්... දඟකාරයාට තරහ ගිහින්... කදිම පොඩි කුක්කෙක්"
ප්‍රෝහෝර් බල්ලා කැඳවාගෙන ලී මඩුවෙන් පිටත් වී යයි. පිරිස හරුයිකිං දෙස බලමින් සිනාසෙති.
"මම උගන්නන්නං උඹට දවසක!" ඔච්චම්යෙලොව් ඔහුට තර්ජන ය කර, සිය විශාල කබාය සිරුර වටා දවටා ගනිමින් චතුරශ්‍රය හරහා ඇවිද යයි.

කැකුළු සඳ
පියසි මත ඇතිරවුනු
හිම පුළුන් මෙට්ටය මතින්
කැකුළු සදවත නැගී
කම්මැලිව නිදි කිරයි
පුර හඳට තව දුරයි
අනේ මට සීතලයි
කියා ඇස් පිස දමන
සාවියක් නෙත් පියයි
හති අරින මද නලක්
නැවතිලා පිටත් වෙයි
පියාඹන හිම කැරලි
මල් වගේ විසිරවෙයි
හිතේ හිතිවිලි ඉගිල
ඈතකට පියාඹයි
පුරහඳක උණුහුමක
දැවටිලා වසන්වෙයි
29-12-22
Subscribe to:
Comments (Atom)
Blogroll
About
Designed By Templateism | Seo Blogger Templates