Thursday, March 14, 2019

අයාලේ ගිය වසන්තය...!

Share it Please
හීන් හුළඟක් ඇවිත්
අයාලේ බිම වැටුණු
හිම කැරලි අවුස්සයි
උඩ දමා වීසි කර
මල් වගේ වට්ටවා
බොල් හඬින් සිනාසෙයි
අයිස් පලසක් යටින්
ගඟ හෙමින් ගලායයි
‍හිසත් මුහුණත් වැසූ
කබායක් අයිස්මත
සීරුවෙන් අඩිතබයි
බිලිකටුව සිදුරකින්
රිංගවා කල් බලයි
දලුත් නැති කොලත් නැති
ඉපල් අග මල් පිපෙන
වසන්තය තුඩින් ගෙන
හෙමි හෙමින් තටු ගසා
ඈත ඈතක දුරක
කිරිල්ලක් පියාඹයි...!

මාර්තු 13, 2014



[පින්තූරය - මංජුල වෙඩිවර්ධනගෙනි]

3 comments:

  1. හේමන්තයෙන් මිදී
    උදාවන වසන්තය
    ගෙන ඒවි හෙට දිනේ
    ගිම්හාන කාලේ

    ReplyDelete
  2. ම්ම්... ලස්සන...💜️

    ReplyDelete

Blogroll

About