Tuesday, January 9, 2018

ගනු කඩුව... එනු සටනට...!

Share it Please

ඉස් ඉස්සෙල්ලාම කියලා ඉස්කෝල කොන්සට් එකක මං රඟපෑවේ කාකවණ්න තිස්සගේ පාට් එකය. මේකත් මිස් වැන්ඩලන්ගේම වැඩකි.

අපි පුංචිම පුංචි උන්ව හිටි නිසා දෝ අපි පෙන්නුවේ ඒ මෙගා ඩ්‍රාමා එකේ ඉන්ටරෙස්ටින් ම සීන් දෙකක් විතරය. මහරජ තිස්ස නාඹර පුත්තු දෙන්නාට බත්ගුලි කවන හා ලොකු කුමාරයා ඩබල් බෙඩ් එකේ ට්‍රිපල් වී අකුලන් නිදන සීන් දෙකය. දෙවැනි සීන් එක අම්මල පුතාලගේ එකක් හින් දා මගේ ඇක්ටින් තිබුනේ නැත. කොහොමත් රජා සමග රැජිණිගේ බෙඩ් රූම් සීන් එකක් කරන්න තරම් දැනුමක් තිබුණේත් නැති කාලයක් හින්දා ඒ ගැන කහටක් හිතුනේත් නැත.

දුට්ට ගාමිණීට ඇට් කලේ ෂැම්රොක් මුදලාලිගේ පුතා අයිවන් ය.

බ්‍රැසියර් ඇන්ද තිස්සට ඇට් කලේ රෙක්ස් කීර්තිය.

රජාට ඇට්කලේ මම වුනත් කතාවේ වීරයා වූයේ නම් පරණ පොතේ හැටියටම අයිවන් ය.බත් ගුලිය ඕඩියන්ස් එකට විසිකරලා රවලා බලන වෙලේ අයිවන්ගේ මූණට අල්ලපු රතු පාට ලයිට් එකෙන්ම වීරයා එයා බව පැහැදිලිව පෙන්නුම් කෙරුණි.

ෂෝ එක එහෙම වුනත්... ශෝභමානම ඇඳුම ඇන්දේ නම් රජාට ඇන්ද මමය. රජපාට් එකේ කතාව අහපු දාම රාත්තිරියේ අපේ තාත්තා මාත් අරගෙන වයික්කාලේ ටීටර් ඇඳුම් කුලියට දෙන 'සාප්පුව' කට ගියේ, රජාට අඳින ආසාව චුට්ටං චුට්ටං වට හෝ තාත්තාගේත් හිතේ තිවුණ නිසා වෙන්නටත් ඇත. වීදුරු මැණික් කැට, කණ්නාඩි කෑලි අල්ලා කැටයම් දැමූ කළුපාට විල්ලුද හැට්ටයකුත් රතු පාට සළුවකුත් අතේ පයේ ආයිත්තමුත් ඔය සේරටම වඩා වැදගත් උකුලේ හිට යටිපතුල් තරමට දිග රිදී පාට කඩුවකුත් මගේ සූට් එකට අඩංගු විය.

කඩුව ඔරිජිනල්ය. කටුගෙයින් පන්නාපු වත්, නිදන් හාරා ගොඩදාපු වත් එකක් නොව යකඩ පට්ටමකට ඇළුමිනියම් තීන්ත ගා, ලී මිටක් වද්දා හැදූ ඔරිජිනල් කඩුවකි.

ස්ටේජ් එක උඩ දී කඩුව පාවිච්චි කරන්නට ලැබුනේ නම් නැත.

ඒත් ඉන් පස්සේ මාසයක් විතර පහුවෙන තුරු ඒක මහ අල්මාරිය අයිනේ බිත්තියට හේත්තු කර තිබූණේය.
ඔය කාලයේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත්, කරපු ලොකුම සෙල්ලම සරම තුප්පොට්ටිය ගහගෙන රජාට ඇඳ මිදුලේ, වත්තේ, හැම තැනම පාහේ උන්නු චෞර සේනාවන් එක්ක කඩුපයිට් කරන එකය....

හරියටම ජනාධිපතිවරණ නාට්ටයට වෙස් බැන්ද අය තවමත් ඉඳ හිට බුකියට ඇවිත්... කරනවා වගේමය.

22 January 2015
මිස් වැන්ඩලන් ගැන පරණ සටහන - https://lokuakuru.blogspot.com/2017/03/blog-post_33.html

5 comments:

  1. මේ ෆොටෝ එක ෆේස්බුක් එකේ දැක්කාට කේස් එක නොදනිමි. අලුත් දේශපාලන පක්‍ෂයක් ද?

    ReplyDelete
    Replies
    1. පරණ කඩු අරන් අළුත් පක්ෂ හදන්ඩ පුළුවන් ද මෙයා?

      http://www.adaderana.lk/news/45280/president-failed-to-use-the-sword-for-three-years-gammanpila-

      Delete
    2. ස්තුතියි රන්සිරිමල්.

      Delete
  2. උඹට මේ කමෙන්ට් එක කොටන අතරතුරේ google දෙයියගෙන් ඇහුවනම් දැං තරේ ඇවිත් බං. ඒ නිසා ගොන් ආතල් එපා.....

    ReplyDelete
    Replies
    1. එයා ඔස්ට්රේලියන්... කඩ්ඩ හොරයි.

      Delete

Blogroll

About