Sunday, December 31, 2017

මල් නොපිපි ගස - 02

මල් නොපිපි ගස-01 ට දිගුව මෙසේ වසරින් වසර ගෙවී යද්දී, එක් අවුරුද්දක මල් සමය ලඟාවන්නා හාම, උතුරු සුළඟ දක්ෂිණ දේශයෙහි බුර බුරා නැගුනු ලැව් ගින්නක් සොයා කඩිමුඩියේ ඇදෙන්නට පටන් ගත්තේය. ඉවක් බවක් නැතිව දුවන උතුරු සුළඟේ පාවී ආ අඳුරු පැහැ වලාකුළු එක් රොක්වී කැලතී, මහා වැස්සක් බවට පෙරළුණේය. දොඹගෙඩි තරමින් පටන් ගෙන වැටුණු වැහි බිංදු ටිකින් ටික...
Continue Reading...

Friday, December 29, 2017

සිහින විතරයි

සුදු සීත මීදුම ගලයි ඔබ වගේමයි මුලු ලොවම වහලා වසංගා සිත ඈත ඈතට අරන් යයි මල් පිපෙනවා නිල් තුරු මුදුන් වල පියා සලමින් ගයනවා විහඟුන් අත් ඇඟිලි පටලා නොපෙනෙනා ලොව ඇවිද යමු අපි පුංචි දරුවන් මෙන් සුව සිහින පුබුදන සිහින විතරයි මීදුමේ දුර අපේ සිත් ලතැවෙයි සුදු සීත මීදුම ගලයි ඔබ වගේමයි මුලු ලොවම වහලා වසංගා සිත ඈත ඈතට අරන් යයි ...
Continue Reading...

තංගමනී

දිය ලුණු රහ රන් දහදිය බිඳු පිපී මැලවුණු වත නැත හසරැලි රැලි නැගී තංගමනී... දළු පොකුරක් ඇගෙ දෝතේ දසැඟිලි මැද ලෙලදෙනවා මනාලියක් මල් පොකුරක් අරගෙන ඉන්නා වාගේ සුසිනිඳු තේ දළු අතරින් දෑත ඇගේ දිවයනවා පුංචි පුතුගෙ හිස අතගා නිදි කරවන්නා වාගේ රතැඟිලි අග කළුවෙලා - දැළි කුණු පොතු තැවරිලා රූබර රුව වැහැරිලා - කාලයෙ රැළි මතුවෙලා "තංගවේළු හිනැහුණු...
Continue Reading...

නිමා නොවන මෙහෙවරක්

නන්දනී ශ්‍රියාලතා ඉස් ඉස්සෙල්ලාම මට හමුවූයේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ කාන්තා පොදුකාමරයේ දීය. නවසිය හැත්තෑ හතේ නැව අපේ නොවුනත්, දවාලට කාලා රස්තියාදු වෙන අස්සේ, පහල බැච් එකේ උන් එක්ක කොමන් රූම් වල සැරි සැරූ වෙලාවක, බිත්ති දිගේ පුටු තියාන වාඩිවී දවාලට කෑම කන කෙල්ලන්  එක එකාගෙන් තරමක් බැරෑරුම් විදිහට නම ගම විස්තර අහාගන අහාගන යන වෙලාවක...
Continue Reading...

Thursday, December 14, 2017

මගේ සිහිනය

පුළුන් වලා කුලින් මිදීසඳේ රැස් ඇවිත් ඔබේ නෙතේ කැළුම් අඳියි මගේ කවුළුවේහීන් අඬින් වහන් වෙවීහමන මදනලේමිහිරි තොඳොල් සිනා තෙපුල්ලතැව කිතිකැවේපහන් දොරට ලහිරු කිරණනික්මෙනා පැයෙත්ඔබයි තවම හිනැහෙන්නේමගේ සිහිනයේ...! ...
Continue Reading...

Wednesday, December 13, 2017

නොපෙනෙන සඳ

[හැම පුර පෝයටම පිරී හිනැහුනත් මිහිතලයට පෙනෙන්නේ සඳේ එක් අඩක්ම පමණකි.] මේ වගෙම සොඳුරුද කළුවරද අඳුරුද නොපෙනෙනා මුහුණත් සා රුවක් නැතිවද ලප කැලැල් ඇතිවද නොපෙන්වූයේ කවම කවදාවත් කිරි සුදට දිලිහෙන පුරා සඳ ඔබ මගෙයි හැම දවසේ ඇයි ද මට නොපෙන්වා වසන් කරගෙන සිටින්නේ එක මුහුණතක් අහසේ වැහි වලාකුළු පෙති රිදී ඉරි ඇඳ අඬන රෑ යාමේ එක එකම...
Continue Reading...

Friday, December 8, 2017

මලක් ඔබ මලක්....!

සුසුමක කැටිකර කුසුමක සැඟවූ සිහිනෙක රොන් බිඳු ඉහිර ගලා ඉරගල පාමුල ඉඳුදුණු පිපෙනා මොහොතක අහසම සුවඳ වෙලා  පිහිනන මසෙකිය නිල්දිය විලකිය විහඟ රලකි යන පියාසලා දිදුලන තරුකැට සඳදිය මුසු වී විසිරෙයි  ගුමු ගුමු නදින් ගලා මුකුලිත පහනක වියැකෙන සිළුවක ජීවනයේ ⁣ ඔසු පැන් ඉසලා විකසිත කරවා හිනැහෙන මලකිය ආදරයේ පිණි බිඳු සස...
Continue Reading...

Blogroll

About