Tuesday, August 30, 2016

රතුපාට පැල්ලමක්

රතුපාට පැල්ලමක් හෙමි හෙමින් මෝදුවෙයි සුදුපාට වෙළුම් පටියේ හරි මැදින් පටන් ගෙන නූල් පට දිගේ විත් නැවතිලා මොහොතකට හරස් නූලක් දිගේ ගලා යයි රතු පාට ගැට ගැසුණු දෙකෙලවර කතුරු තුඩගින් කපා ලිහා ගලවා මුදා විසි කරමි වෙළුම් පටි සෝදා ගලන ජලයෙන් පිසදා ගිනි වතුර පෙඟි පුළුනෙන් මාත්තු කොට තෙත වෙළමි මම නැවතත් සුදෝ සුදු වෙළුම් පටි ...
Continue Reading...

Monday, August 29, 2016

පැත්ත ඇලවුනු කුරිසියකි කතිරය - පෝලිමේ ගොස් සීරුවෙන් අප අපිම ඇණ ගහන

නෙලපු මල් අරගෙන අතින්සමාකරගෙනකරපු පව් කැළණියෙන්මුදා බඳ පටිදන් දෙමින් තරුපටිදණ ගසත් ගජිඳෝවිලිස්සා දත්දිමුතු පැහැපත්නිල්පාටම උණත්ඉහ උඩින් අහස තවමත්උදේ හවසට පේනපල්ලුව තද රතුයි කොහොමත්පැලවුනුබිම්බෝම්බ ගස්වලහැදේවිද හෙටමොන මොන වගේ පලවැලඋඩගෙඩි කොහොම කැඩුවත්වැ‍ෙටන කොට බිමපළු දෙපළු වෙන් වෙත්ජීවිතය ගඟුලක්වගැලිය යුතුමයපෙණ නගා ගයමිනඒ නිසයි මේ ගල්ගෙඩි‍වැටෙන්නේ...
Continue Reading...

Friday, August 26, 2016

ද ලිවින් වෝල් ඔෆ් ලුණුගල

“අම්මා, මේ තාප්පෙ වවල තියන පැල අම්මා හිටවපුවා ද?“ “කොයි පැල ද පුතා... ඔය රතු පාට එව්ව ද?.... කොච්චර ගැලෙව්වත් ආයෙත් වැවෙනවනෙ පුතා...!“ මේ සජීවි තාප්පය තියෙන්නේ ලුණුගලය. අපේ මානෙල්ලාගේ ගෙදර වත්ත මායිමේය. කන්ද කපා ගෙපල හැදෙන කඳුකරයේ බොහෝ ගෙවල් වල වැට මායිම කළුගලෙන් බැඳි මේ වාගේ සීමා තාප්පය. මේ තාප්පයේ තැන තැන ඉඩ තියා තියෙන්නේ උඩහ ගෙපලේ...
Continue Reading...

Wednesday, August 24, 2016

බෝල් පොයින්ට්

බිම බලා බිම වැටී  හිස ගැසුණු කවන්ධය සීරුවට ලිස්සා  නිල් තීන්ත තවරවන සුමට සුරුවම්  ලෝහ ගෝලය තුඩින් ගිලිහුණු  බෝලතුඩු පෑන මොට්ට ඉඳිකටු තුඩක් වාගේ සූරයි කඩදාසි මතුපිට හාරවා පාරවයි ඉඳහිටක නිල්පාට ලේ වැකෙන තුවාලය හිම තලාවක රඟන හිම නැට්ටුවකු මෙන් ලතාවට ගලා ගිය රවුම් මනරම් අකුරු පෙල ගසා ගී ගැයූ නිල් බෝල තුඩු පෑන හති දදා සුසුම්ලයි සූරයි...
Continue Reading...

Tuesday, August 23, 2016

අටකාමාවට වැස්ස

චිලීයේ අටකාමා කාන්තාරය ලෝකයේ ශුෂ්කතම හා වියලිම කාන්තාරයක් ලෙස සැලකෙයි. වසරකට මිමි එකොලහක පමණ වර්ෂාපතනයක් ලබන අටකාමාව  සමහර වසර වල සැප්තැම්බර නොවැම්බර අතරතුර වැටෙන අනපේක්ෂිත වැස්සෙන් තෙමී මලින් වැසී යන්නේය. පහුගිය ඔක්තෝම්බරයේ එලෙස ආගන්තුක වැහි ඇල්ලකට තෙමුණු අටකාමා කතර වර්ණවත් මලින් වැසී ගියේය. පුරා හඳක් කැළුම් හැළූ සිහිලසක් නොදී අහස්...
Continue Reading...

හරේ යං හරේ... !!

පාන්දර එකට කිට්ටුව කොටුවෙන් නාස් පුඩු පිඹ හැල්මේ දුවන්නට පටන් ගත් නුවන්ත බස් එක චුට්ටක් හරි හරියාකාරව හුස්මක් ගන්නට අහවරක් ගත්තේ පාන්දර පහට හුන්නස්ගිරිය කන්ද මුදුනේය. භරත නැටුමක් නටන ගිනි කස ලමිස්සියක මෙන් උකුලු තලාව පද්දමින් වංගු, කඳු, පල්ලම් උඩින් පැන පැන නටාගෙන ආ නුවන්ත බස් එකේ සීට් එකකට ගුලිවී පියා ගන්නට දැඟලූ ඇහැ...
Continue Reading...

Thursday, August 18, 2016

ගොන් වස්සා සහ එළදෙන

තරුණ එළදෙනක් නගුලකට බැඳි ගොන් වස්සකුට උගේ අවාසනාවන්ත ඉරණම ගැන උසුළු විසුළු කරන්නට පුරුදුව සිටියාය. ටික දිනකට පසු අස්වැන්න නෙළා අහවරව ගොවියෝ ගොන් වස්සාව නගුලෙන් මුදා නිදහස් කර, රැහැනින් බැඳි තරුණ එළදෙන අස්වනු මංගල්‍යය සමරන බිලි පූජාව සඳහා රැගෙන ගියෝය. මේ බලාසිටි ගොන් වස්සා, "ඔබට හිතේ හැටියට නිදහසේ ඉන්න ලැබුණේ, අද දවසේ බිල්ලට දෙන්න යි නේ...
Continue Reading...

රුබික් ඝණකයට විසඳුමක්...!

අර්නෝ රුබික් එයාගේ මැජික් කියුබ් එක නිර්මාණය කලේ 1974 දී විතරය. ඒක පටන් ගත්තේ කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් ගැජට් එකක් හදන්න ගත්ත උත්සාහයකින් වුනත්, කඩා හැලෙන්නේ නැතුව හැම පැත්තටම කරකවන්නට පුළුවන් දෙයක් ඉබේම මැජික් එකක් වන බව එයාට තේරුණේ ඒක හැදුවාට පස්සේ කරකවලා බැළුවාමය. සිරි ලංකාවේ අපි නම් ඕක 48 විතර ඉඳලා අත්...
Continue Reading...

Thursday, August 11, 2016

ලොකු අකුරු

දැන් ආයෙත් ලොකු අකුරු කාලය ඇවිත්. පොල්ගෙඩි අකුරු වලින් ලියන්න පටන් ගත්තු ලියවිලි, ලිවීම කෙසේ වෙතත්, කියවීමට නම් පොල්ගෙඩි අකුරු උවමනා වෙන කාලය මටත් ඇවිත්. ඒ වුනත් දැන් කාලේ පොල් ඒ කාලේ විතරම ලොකු නැහැ. අකුරුත් ඒ වගෙම තමයි. ඒ කාලේ විතරම ලොකු නැහැ. හා හපුරා කියාලා හෝඩි පංතියේ ලියපු මගේ සිංහල වාර විභාග පත්තරය  අපේ අම්මා පරෙස්සම් කරලා...
Continue Reading...

Blogroll

About