Tuesday, December 22, 2020

වියපත් නොවෙයි ගඟුලක්

කල්පයක් වියපත් වූ ගඟත්කඳු හිසක හැංගුණු උල්පතක්නිල් අහස සිඹිනා තුරු හිසත්නෙත් නොහැරිි සුහුඹුල් ලදල්ලක්රැලි සරැලි රැඳුනත් කාලයේමුදු සිනිඳු මල් පෙති ප්රේමයේබුබුළු දා නැගිලා පෙති පිපී සැලිලාඅදත් සුවඳයි ගංතෙරේ...ඔබ දෙපා නගනා වනපෙතේ....රුදු සුලං රැළි හමනා රැයේකඳු මුවාවේ නිල් නිම්නයේපිපුණු මල් වැහිලා මල් තුහින පිපිලාවසත් කාලය නිම්තෙරේ...මග බලා...
Continue Reading...

Sunday, December 20, 2020

හත්වෙනි පෙත්ත...

ජීවිතේ අවසාන කඳුළු මල පුබුදින්න ඉතින් ඔය අවසාන මල් පෙත්ත උදුරන්න හු⁣ළඟෙ ගිය පෙති හයක මුදු සුවඳ සිපගන්න හිත අගුළු සිර කරන් ගල්ලෙනෙන් නික්මෙන්න.... සිප වැළඳ දොර වසා නික්මු⁣නා සිංහයා මහ වනේ මල් පිපේ නිසල වූ ගත වසා සියපතක් ගැන හිතූ සිඟිති දෝතේ රඳා පෙති දෙකක් අහිමි වූ හත් පෙත්ත ශේන් යා තටු ඇවිත් නිදහසේ දුර අහසෙ පියඹන්න වලාකුළු මෙට්ට මත මද නලේ ...
Continue Reading...

Sunday, August 9, 2020

ඔපරේෂන් තලවාකැලේ....!

 ජීවිතයේ සමහර දේවල් පාරක තොටක යද්දී, හදිස්සියෙන් මුණ ගැහී ඇහිඳගන්නා කාසියක් මෙන් නොසිතූ නොපැතූ විලස අත පත් වෙයි. තවත් සමහර දේ දැක පියා ඇළුම් සිත් උපදවා, පැතුම් පතා, රුපුන් නසා අත්පත් කරගත යුතු වන්නා වූ දේය. මේ දෙජාතියේම දේ අපි කාගේත් ජීවිත වල තියෙයි. එයිනුත් පලමු කාණ්ඩය අප වාසනාවන්තයින් බව ඇහැට ඇඟිලි පහෙන්ම ඇන කියා දී අපේ මුවගට හීන්...
Continue Reading...

Friday, July 31, 2020

නිහඬ තිමිරය ගලා යයි....

කැනඩාවේ, ඔන්ටාරියෝ විල අසබඩ කෝබර්ග්  නම් වූ කුඩා නගරයක අප පදිංචිව සිටි ඒ කාලයේ, රැකියාවට සබැඳි කරුණක් මත මසකට වරක් පමණ අසල්වැසි පීටර්බරෝ නුවර පිහිටි ට්‍රෙන්ට් සරසවියට යන්නට කටයුතු යෙදී තිබුණි. කෙත් වතු, ගම් නියම් ගම් මැදින් රිය පැදවෙන එහෙමට වාහන තද බදයක් නොමැති, කිලෝමීටර හැත්තෑවක් පමණ වූ, එක් පසකට පැයක් පමණ ගතවන මේ ගමන, නිදහසේ වට පිටාව...
Continue Reading...

Monday, July 6, 2020

වළාකුළු

"මහාද්වීපයක් වගේ නේ ද?"  "නෑ.... ඒකෙ තියෙන්නෙ හදවතක හැඩයක්" ඉරේ රස්නයෙන් ගිනිගෙනපාව ගිය හුමාලය ඝනීභවනය වී හැදෙන හදවතක්.... මාවතක් මායිමක් නැති අහසෙ පියාපත් නැති වුනත් පියඹන පියාඹනවා නොවෙයි පාවෙන හදවතක්... කොහේදෝ හිට හමා එන සුළං රළවල පුළුන් කෙඳි කැඩි කැඩී විසිරෙන ඒත් සුදු පාටින්ම සුදිලෙන හදවතක්... 'වැඩි වෙලා තියෙන එකක් නෑ...." "ඔව්...
Continue Reading...

Friday, May 22, 2020

බේබි මහත්තයා ‌ගේ තානාපති පත්වීම....

"මන්ත්‍රීවරු මිල වෙච්ච ආකාරය..., මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙ මිල ගණන් කැඳවීම් කලාන‍ෙ. හරියට මේ ටෙන්ඩර් දැම්ම වගේ තමයි උනේ මං හිතන්නෙ.. ඉතින් ඒකෙදි... මං පුද්ගලිකවම දන්නව සමහර අය මිලියන් පන්සීය ඉල්ලුවයි කියල මට දැන ගන්ඩ තියෙනව. සාමාන්‍යයෙන්, මගෙ දේශපාලන ජීවිතේ මම මේ... ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් මේ... රුපියලක්වත් දීලත් නෑ, දෙන්ඩ...
Continue Reading...

Monday, May 11, 2020

එකැස් කණා

"මොෂේ දයාන් උපන්නේ එක්දහස් නවසිය පහලවේ මැයි විසි වෙනිදාය. නවසිය හතලිස් එකේ ජූනි හත්වන දා, සිරියා-ලෙබනන් ආක්‍රමණයට පෙරදා රැයේ දී දයාන් ගේ කණ්ඩායම දේශ සීමාව තරණය කර ලිටානි ගඟ හරහා තිබුණු පාලම් දෙකක් අත්පත් කර ගත්හ. එහෙත් සැලසුම් කර තිබූ පරිදි, ඔවුන්ගේ සහායක කණ්ඩායම් නොපැමිණියෙන්, තම කණ්ඩායම අනපේක්ෂිත පහරදීමකට ගොදුරු විය හැකි බව වටහාගත්...
Continue Reading...

Blogroll

About