Monday, July 6, 2020

වළාකුළු

Share it Please


"මහාද්වීපයක් වගේ නේ ද?"

 "නෑ.... ඒකෙ තියෙන්නෙ හදවතක හැඩයක්"

ඉරේ රස්නයෙන් ගිනිගෙන
පාව ගිය හුමාලය
ඝනීභවනය වී හැදෙන
හදවතක්....

මාවතක් මායිමක් නැති අහසෙ
පියාපත් නැති වුනත් පියඹන
පියාඹනවා නොවෙයි පාවෙන
හදවතක්...

කොහේදෝ හිට හමා එන සුළං රළවල
පුළුන් කෙඳි කැඩි කැඩී විසිරෙන
ඒත් සුදු පාටින්ම සුදිලෙන
හදවතක්...

'වැඩි වෙලා තියෙන එකක් නෑ...."

"ඔව් හුළඟ සැරයි...."


3 comments:

  1. අගෙයි.
    ජයවේවා!!!

    ReplyDelete
  2. හිම වගේ ගල් වෙච්චි හදවතක්..

    ReplyDelete
  3. ගෙම්බෙක් වගේ හදවතක් පනින්න බලාගෙන ඉන්න

    ReplyDelete

Blogroll

About