Showing posts with label kavi. Show all posts
Showing posts with label kavi. Show all posts

Thursday, April 6, 2017

අයියා

හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ල පිපුරුණු දවසේ අපේ විදුහලේ ළමයින් සියළු දෙනා කැඳවා රැස්වීමක් තබා අප සියළු දෙනා ගෙදර යැවුණි. කොල්ලන් කෙල්ලන් මරා පාරවල් අයිනේ ගිනි තැබීමත් ගඟවල් දිගේ පාකර යැවීමත් ඇරඹුනේ ඒ දවසේය. සතියකට හමාරකට පසු ලුනුවිල, බොරලැස්ස පැත්තේ කුඹුරු යායවල් දිගේ පළායමින් සිටි තරුණයින් දෙදෙනෙක් ගමේ මිනිසුන්ට හමුවිය. ග්‍රාමසේවක මගින්...
Continue Reading...

Tuesday, March 21, 2017

කරත්ත කවි

ගෙජ්ජි වැලේ සිලි සිලි මල් පින්න මලේ සුද පීදෙන මීදුම් ගුලි ගුලිවෙයි හඳ අපි ගිය ගමන් මතකද ගම් හිනාවට වෙලාවට පිඟානට තුලානට වැලි පාරට ගල් ඇතිරී තාර ලොරි බස් වල කළු දුම්මල දුම් ආතුරයෝ බලි මඩුවේ අපි කඩපිල ලඟ අපේ දවස යයි පෙවී පිරවී පේවී පාවී කිසිම දෙයක් හැමදා එක ලෙස කලින් කලට යල මහ වුව වෙනස් පෙරළි වලට හිත කළඹා පලක් වැරදි නොවේ...
Continue Reading...

Wednesday, March 8, 2017

වස්සාන පිණි කඳුළු...!

මිදෙනු නොහැකිව මිදුණු වස්සාන පිණි කඳුළු රිදෙනු පිණිසම රැඳුණු පත් හැළුණු මහළු දඬු ගිම්හාන මතකය දවන මල්හාර පොද වැස්ස සීතාම්බර සළුය හිතම නිරුවත් කරන ගල්ලෑල්ලක ලිවුණු ගල්කූරු ඉරක් ලඟ හුණු කූරකින් වැටුණු පියාඹන හරි ලකුණ අඹ මලින් රොන් ඉසිණු උඳුපියලි පත් අතර නැතිවු මොනවද හොයන ඇටි කුකුළු නෙතක රත නෙරළු තුරු කරටියක රැඳුණු ඉර නොහෙල්ලෙන නාස්...
Continue Reading...

Friday, March 3, 2017

ගීතාංජලී - 21

(21)හමන්නට අමතකව නැවතුනුවිඩාපත් වූ නල රලක්දියෙන් තෙමුනද ගඟේ ඉවුරේනිදාපත් වූ ඔරු කඳක්මැකී යන්නට පා ලකුණු යටගං ඉවුර සරනාවැලි තලාවේ ඇඟිලි තුඩගින්කුරුටු ගෑවෙයි ජීවිතේවසන්තය ඇවිදින් ගිහින්පිපුණු මල් වල පෙති හලාසුලං රැලිවල සුවඳ බිඳු නැතකොතෙක් සෙව්වත් ලය පුරාඅඟුරු කැටයක අඳුරු පැහැයෙන්අහස මත ඇඳි බොඳ ඉරක්වර්ණ ගිලිහුණු ඉන්ද්‍ර චාපයමේ කුලක් ලඟ...
Continue Reading...

Monday, February 27, 2017

රෝස පොපි මල...!

රතින් රත්වන් වූ සිඳු පතුල කැන සැඟවූ ඉඳු තුඩින් ගෙන නෙතු අග රැඳූ ආදරේ මල් මී බිඳු රෝස පොපි මල මල් වනේ හීන අරගන පිපි දිනේ වාන බිඳ උතුරනු දැනේ මීන නෙතු යුගලක සෙනේ 2017 පෙබරවාරි 26 මේ පුංචි සටහන ඇත්තම ඇත්ත රෝස පොපි මලක් ගැනයි අපේ දෙවැනි පුතා මියුරු ගේත් ජෙසිකා ගේත් දූ සිඟිත්ත මේ පෙබරවාරි විසිහය වෙනිදා උපන්නාය. අම්මාත්...
Continue Reading...

Tuesday, February 21, 2017

චෝචි මිච්චං

හඬක් නොනැගෙන නිහඬ නිසසල සතුටු සිතිවිලි රොක්වෙලා සයුරු ගැබ බෙල්ලකුගෙ කුස තුල සැඟව හිනැහෙන සුසුදු සුදු මුදු මුතු කැටක් සේ සිනා සේ අහස් ගඟ ඉම තාරකා වැලි අතර විසිරුණු සිහින තිමිරය පාවෙලා විත් නැවතිලා මා දෙපා ලඟ දැවටිලා පියාඹන පලසක් වෙලා ඇඟිලි තුඩු අග කිති කවා මට කියයි එන්නට යන්න නැගිලා සමනළුන් හා පියඹලා සිරීපාදේ ඉමේ ලතැවෙන හිරුමලේ පෙති...
Continue Reading...

Blogroll

About