Showing posts with label අපිත් උන්නා. Show all posts
Showing posts with label අපිත් උන්නා. Show all posts

Sunday, January 12, 2020

අයියා සමග රැයක්...!

ජීවිතය ගෙවෙන්නාවූ දෙයකි. සූර්යයා වටේ බැමෙන පෘතුවිය ගමන් කරන්නාවූ වට රවුම් ගණනින් ජීවිතය මැ‍ණෙන අතර, ධනාත්මක ගණනයක් වූවත් ඒ ගැණෙන්නේ ක්ෂය වීමක්ය යන්න පසක් කරන්නා තරමට මෝරා පදම්වීමට අපට යම් කාලයක් ගතවෙයි. නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අ‍ටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර...
Continue Reading...

Sunday, January 5, 2020

ජනවාරි පහ දෙදාස් විස්ස

අතේ මිටි කරන් ආ කිසි දෙයක් නැතකෙතේ පීදෙනා ගොයමට හෙටක් නැතනෙතේ උපදිනා කඳුලක හැඩක් නැතහිතේ තරමටම ලොකුවුනු පතක් නැතදියේ උපන් දිය නොරඳන නෙළුම් පතගියේ කොතැනකද නොදනිමි ලපැටි සිතමියේ යලි යලිත් දළුලන සිතුම් කෙතලයේ හංගලා සුරකිමි මතක පොතඉරේ දැල්වෙනා ගින්දර ඉරු ගිනි සේමාකැලේ ඇවිලෙනා ගින්දර ලැව් ගිනි සේමාහදේ උපදිනා ගින්දර හද ගිනි සේමාවෙස්සන්තරේ ගින්දර...
Continue Reading...

Sunday, July 21, 2019

නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!

අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද...
Continue Reading...

Sunday, January 6, 2019

දොර ඇරපන් අමල් බිසෝ..... (2019)

නිවුණු ගිණි අඟුරුය තැන තැන තවම දැල්වෙන අඳුරු අහසේ විසිර දිදුළු දෙන තරු කැට අවර්ණය ලෝකයම පාට කරනා තුරු ඇතිල්ලී හිරු රළ සුගති උයනේ ඇපල් ගස මුල දිරායයි හැව සර්පයා ඉතිරි කල බිම හෙවුණු තුරු බඳක ඇණ තියා සුසුම් ලයි විටින් විට සූරා නහය වීසීකර සෙම් සොටු පිසදා ලේන්සුවකින් බලාගත් අත බලා ඉන්නා කකුල් ඉදිමුණු දෙවියෝ දිරා ගිය යකඩ ගේට්ටුව ලඟ මුරය කුදු...
Continue Reading...

Sunday, June 24, 2018

විශ්වය කාලය හා ඒකාත්මිකතාවය

අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි. එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින්...
Continue Reading...

Sunday, January 14, 2018

ඊ. එන්. එකසිය අසූ හත

ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය. ශ්‍රී...
Continue Reading...

Friday, January 5, 2018

වෙරලස (2018)

පොලා පනියි හිතිවිලි රැලි හිනාවෙන සුදු බලා හිඳිමි වෙරලස හිඳ සුමුදු සුදු මුදු සලා දියඹ කිති කවනා මාරුතේ රුදු ගලා බිඳෙන දිය රැලි අග සිනා බිඳු රැඳූ වසන්තයට පාර හොයන ලපැටි නිල් දළු දිගන්තයක සැඟවෙනවා පිරුණු මේ කුළු පියාඹන්න තටු මොකටද සිතකි සිත් කළු කලා වැවට දිය දෙන්නෙත් වැහි වලා කුළු සිලි සිලියක මද සුවඳක පාවෙනා අහස් ගඟක...
Continue Reading...

Blogroll

About