Monday, January 5, 2026

හිම මලක උණුහුම.....

Share it Please

 


‍‍හරිත පැහැ සොරා ගෙන පත් හැලූ ඕතමය
උතුරු සුළඟින් දැවී ජනිත වූ සිසිරය
කැරලි කර දඟ කැවූ හිම තුහින විසුරුවා
මකන විට වසන්තය ඉතිරි කල මල් සුවඳ

පිපුණු සඳ දිය ගඟුල
ගලා ගිය හිම සයුර
කැලතවී රැළි නැගෙයි
වියරු සුළඟට නතුව

උණුහුමක උණුහුමට තුරුළුව
කදා බඳුනක පතුල රැඳි
තෙතක් විඳි පමණකින්
නෙතු පියන් විවර කර
හීන් සුසුමක් හෙලයි
වියලැවී කෘශව ගිය
දැහැටි දඬුවක සැඟව
නිදාහුන් ජීවිතය...!

ජනවාරි 5, 2026


No comments:

Post a Comment

Blogroll

About