Sunday, November 23, 2025

අපටත් බැරි ය...?

Share it Please

 



ගිම්හානය ගෙවී ගොස් සිසිරයේ හිම මල් පිපෙන කාලයේ හිමිදිරි උදේ අරුණල්ල බටහිර අහස පුරා තවරන රෝස දම් පැහැය ගැන ලියවුනු සටහනකුත් පදවැලකුත් මේ පිටු අතර තිබෙයි. 

දෙදාස් දහනවයේ නොවැම්බරයේ දහතුන්වෙනිදාවක ලියවුනු මේ පදවැල මුහුණු පොතේ සටහන් වූ කාලයේ "ඒක නං සිංදුවකට මරු" කියා එයිට පහලින් වැටුනු සටහන් කීපයක් මතකයි. ඒ අතර ඒ පද ටික හිතේ නැගුනු තනුවකට ගයා එවූ ඉන්ද්‍රචාපා මධුභාෂිණීත් මතකයි. 

මේත් ඉතින් නොවැම්බරයකි. අර දවස් වගේම, හිම මල් හැලුණු උදේ අරුණල්ලට බටහිර අහස රෝස දම් යායක් වෙන නොවැම්බරයකි. ඉතින් අද උදේ පාන්දර මටත් අර වචන ටික ගීතයක් වගේ අහන්නට ඇත්නම් කියා හිතිලා, මේ දවස්වල කවි ගීත කරන ඒ අයි මෙවලම සුනෝ එකට දාලා බලන්නට හිතුණා.

සංගීතය ගැන නම් මගේ දැනුමේ හැකියාවේ තත්වය කිරා මැන පැකට් කර ගැනීමට තරම් විස්තර මේ සටහන් අතර මේ  මේ  තැන්වල තියෙයි. ඒ හින්දා මේ පහත අවුණා ඇති වීඩියෝ කෑලි දෙකේම අඩංගු වචන ටික හැරුණාම අනික් කිසිම දෙයක් මගේ නොවන බව සහ සුද්දෙන්ම ලියා තැබිය යුතුය.












No comments:

Post a Comment

Blogroll

About