Tuesday, January 11, 2022

පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා...

Share it Please
පැවතීම කියන්නේ නැවතීමක් නොවෙයි ස්වර්ණා
වෙනස් වුනු දේවලුත් වෙනස් වෙනවා ස්වර්ණා
පරමාණු එකතු වෙලා සංයෝග හැදෙනවා වගේමයි
සංයෝග බිඳිලා පරමාණු හැදෙන එකත් 

යකඩයි අම්ලකර වායුවයි එකතු වෙලා
මළකඩ හැදෙනවා වගේම ස්වර්ණා
මළකඩ වලින් අම්ලකර ඉවත්කරලා
ආපහු යකඩ හැදෙනෙකත්
වෙනසක් ස්වර්ණා....

සරලව කියනවා නම් ස්වර්ණා
එකතු වෙන දේ වෙන්වෙනවා
වෙන්වෙන දේ එකතු වෙනවා
එකතුවීම වගේම වෙන්වීමත්
වෙනස් වීම්ම තමයි ස්වර්ණා

අපට නැවතිලායි හිතුණාට
මේ බොහෝ දේවල්
එහෙම පේන්නේ
එකතුවෙන වේගෙන්ම වෙන්වෙලා
වෙන්වෙන වේගෙන්ම 
ආපහු එකතු වෙන නිසයි ස්වර්ණා....

නොවෙනස්ව අචලව ස්ථිරව
පවතිනවායි කිව්වාට ස්වර්ණා....
එතනත් බොහෝවිට තියෙන්නේ
වෙනස්වීමත් ආයෙත් වෙනස් වීමත්
සමතුලිත වීමක් නේ ද?

නැවතුනු දාට ස්වර්ණා පැවතීමක් නෑ....!

ජනවාරි 5, 2022




5 comments:

  1. හැට පහට සුභ පැතුම්!

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  2. ඔබේ කවියේ අදහසට මම කැමතියි. හැට පහට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අපි අකමැති වුනත් වෙන්නේ ඉතින් එහෙමයි කියලයි හිතෙන්නේ මට.
      සුබ පැතුමට තුති.

      Delete
  3. සුබ පැතුම් උපන්දිනයට

    ReplyDelete

Blogroll

About