Friday, December 30, 2022

මම වීරයෙක් නොවෙමි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි.| වේල් ගෝනීම් (වෙසෙස් බූන්දි)

 වේල් ගෝනීම්| 1980 දෙසැ.23 වන දින ඊජිප්තුවේ කයිරෝහි උපන් වේල් සයිඩ් අබ්බාස් ගෝනීම් හැදී වැඩුණේ අරාබි එක්සත් අමීර් රාජ්‍යයේය. දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ අමෙරිකානු කාන්තාවකි. වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් වන ගෝනිම් 2010 ජනවාරි සිට ගූග්ල් සමූහයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. 2011...
Continue Reading...

බොහොඬෙක් (කතන්දර බූන්දි)

 කතන්දර බූන්දිබොහොඬෙක්පොලිස් අධිකාරි ඔච්චම්යෙලොව් අළුත් පිට කබායක් හැඳ පාර්සලයක් කිහිල්ලේ ගසාගෙන වෙළඳ හචතුරස්‍රය හරහා ගමන් කරයි. රතු පෑ හිසකේ ඇති පොලිස් භටයෙක් රාජසන්තක කළ ගූස්බෙරි පිරවූ කූඩයක්ද රැගෙන ඔහු පසු පස සීරුවෙන් පය තබා එයි. හාත්පස නිහඬය. චතුරශ්‍රයෙහි වෙන එකදු මිනිස් පුළුටක් නැත. බඩගින්නෙන් පෙලෙන කටවල් මෙන් පෙනුනු...
Continue Reading...

කැකුළු සඳ

පියසි මත ඇතිරවුනුහිම පුළුන් මෙට්ටය මතින්කැකුළු සදවත නැගීකම්මැලිව නිදි කිරයිපුර හඳට තව දුරයිඅනේ මට සීතලයිකියා ඇස් පිස දමනසාවියක් නෙත් පියයිහති අරින මද නලක්නැවතිලා පිටත් වෙයිපියාඹන හිම කැරලිමල් වගේ විසිරවෙයිහිතේ හිතිවිලි ඉගිලඈතකට පියාඹයිපුරහඳක උණුහුමකදැවටිලා වසන්වෙයි29-12-...
Continue Reading...

පිහාටු....!

එදා අපි අරගත්තුඅපේ පින්තූරවලඋරිස් මත දම් පාටපියාපත් මතුවෙලා පෙණුනා... බිත්තියේ විසිරිච්චවලාකුළු පුළුන්වලතැනින් තැන රතුපාටසිඟිති පැල්ලමුත් තිබුණා... කැඩී කුඩු වුණත් හිසඑදා වාගෙම ගැහෙයිසීරිලා තුවාලවවල දාපු හදවත... දැනෙයි ඒ හදවතටසිරි සිරිස් ගා අඬනහීන් වේවැල් පහරපුපුරු දා ලේ පිප...
Continue Reading...

දේදුනු....!

දේ දුන්න වැහැරිලා පාට හත හේදිලාසුදුම සුදු චාපයක්කළු අහස කෙළවරේවිඩා නිවනා වෙලේ‍ටොරොන්ටෝ විල උඩින්එන සුළං රැළි මතින්සරුංගලයක් වගේපියාඹා මතුවෙලාහිනාවෙයි ඔබ ඇවිත්කෙහෙ කැරලි අගිස්සේරිබන් මල් ගස්සලා....විලේ රැළි විසිරිලානෙළුම් මල් මතුවෙලාපිපී විකසිත වෙලාරාත්‍රිය සුවඳ වීබඹරුනුත් ඇහැරිලාඋකුල වෙත පහත් වීසිඹිමි නළළත ඔබේජීවිතය විලක් වීනිවී සැනසී...
Continue Reading...

Thursday, December 29, 2022

රන්සරයි, මමයි.

මුහුණු පොතේ හිතට වැදුණු සටහන් කොපි පේස්ට් කර ගැනීම අහම්බයක් නොවූ නමුදු, යමකට මා ලියූ උත්තරයක් පිටපත් කරගැනීම  නම් සුලභ දෙයක් නොවෙයි.මේවා මෙහෙම කොපිවී ඉතිරිවී තියෙන්නටත්, දෙදාස් විසිදෙකත් පණ අදින මේ මොහොතේ මේම මේම ඉලිප්පී පෙනෙන්නටත් මොකක්ම හරි හේතුවක් ⁣හෝ අහේතුවක් හෝ තියෙන්නට පුළුවන Ransara BandaraMarch 6,  2018 at 12:45...
Continue Reading...

රජ මැදුරක ඉපදී සිටියා නම්....

 මේ ගීතය බොරලැස්ගමුවේ ඉපිද ලොස් ඇන්ජලිස් නගරයේදී සමුගත්, මාලිනී ගේ ය. ඕ, එච්. එම්. ජයවර්ධනයන්ගේ බිරිඳය. කසුන් කල්හාරගේ අම්මාය. සංගීතය එච්. එම්. ගේ ය. වචන, ලූෂන්ගේ ය.මේ විඩියෝවේ මේ ගීය ගයන්නේ නම්, ඒ මාලිනී ගේ සොයුරිය, සන්ධ්‍යා බුලත්සිංහල ය.ලූෂනුත් බුලත්සිංහල කෙනෙක් නමුත්, රත්මලානේ පැත්තේ පෙරේරා පවුලක උපන් ලූෂන්ට මාලිනීලා එක්ක නෑදෑ කමක්...
Continue Reading...

Wednesday, December 21, 2022

හතලිස් තුන

(43)පතා පැතුමක් නොපැතු මොහොතකඔහේ එන යන මුහුණු අතරේ සැඟවිලා සොයා ආ මා, මගේ නිරිඳුනිජීවිතේ හැම නිමේෂයකමඔබේ නම සලකුණු වෙලාඅහම්බෙන් අද හැරී බලලාසිඹින්නේ මම ඔබේ සුවඳයිබිඳී විසිරුණු මතක මල් මතහැලී වියැකුනූ කඳුළු බිඳු සේජීවිතේ කෙලිලොල් වියේනිගාවක් වූවා නොවේවාබිළිඳු හැසිරිලි දිළිඳු වැලි කෙළිලදරුවෙක් වූවා මෙමා.තාරකාවෙන් තාරකාවටනිනඳ දී පිලි රැව්...
Continue Reading...

Friday, December 16, 2022

අපි තමයි නියම විප්ලවකාරයෝ..! - කසුන් සමරතුංග [බූන්දි, සඳුදා, ජුනි 18, 2018]

මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි."ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?" 'ඇය' නෝක්කාඩුවෙන් මෙන්, එහෙත් සිනාසෙමින් පැවසුවාය.මගේ සිතට ක්ෂණිකව නැගුණු ලැජ්ජාව අපහසුවෙන් වසන් කර ගත්තෙමි. මගේ මිතුරා අපේ හමුවීමට විධිවිධාන සකස් කරන අතරතුර 'ඇය' ගැන පැවසූ වදන් මට යළිත් සිහිපත්...
Continue Reading...

ජීවිතේ මෙයයි මරණයත් මෙයයි- කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

 ජීවිතේ මෙයයි මරණයත් මෙයයිකොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයිඅඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතකමම මෙතන මෙතනයි එදා හිටි තැනමයිඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයිකොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයිමා ගයන ගීතය ජීවිතේ සංගීතයගයාවී හෙටත් තව අළුත් ‍හඬක්හිනැහේවි ලෝකේ කවටයා ඒවීරූපේ වෙනස් ඇති ඒත් අද වගේමයිස්වර්ගේ මෙතනයි අපායත් මෙතනයිකොතැනක‍ ගියත් ඒ මෙතනම තමයිඅඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතකමම මෙතන මෙතනයි එදා හිටි තැනමයිඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයිකොතැනක‍‍...
Continue Reading...

Thursday, November 17, 2022

අනාගැනීමේ අනාගැනීම... ජෙයෝග්‍රා ෆ්ලී....!

 මං හිතන්නේ වළගම්බා රජ්ජුරුවන්ගෙන් පස්සේ, මේ විදිහේ වික්‍රමයකින් ලෝක ඉතිහාසයේ සටහනක් තියනවා දකින්න, අපේ ජීවිත කාලවලදීම පුළුවන් වීම කොයි තරම් දෙයක් ...
Continue Reading...

Saturday, September 17, 2022

සිල්ලර අරගල

 එක්තරා 'මහ' ජනතා නියෝජිතයකු විසින්, සිල්ලර කාරණාවක් යැයි හඳුන්වා දුන්, අන්තරේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදූ සාධාරණ ‌හේතු දැක්වීමකින් තොරව සිරභාරයේ තබා ගැනීමට විරුද්ධව නැගෙන ෂෙනූගේ හඬට මගේ ප්‍රණාමයයි මේ. පහත ලියවෙන්නේ, කළු හමක් ඇති, 'සිල්ලර' ජාතියකට අයත් වූ හේතුවෙන් සිය සංගීතමය හැකියාවන්හි ඵල නෙලාගැනීමේ අයිතිය අහිමි වූ, ඇමරිකානු ජාතික නීනා සිමෝන් ‌නිදහස ගැන කිවූ වචන වලින් ආභාෂය ලැබ...
Continue Reading...

Sunday, September 11, 2022

සමනලියන්ට ගල් ගැසීම.. - වසන්ත සිරි වටගොඩ

අපේ ඉස්කෝල කාලවල වසන්තය නම තියෙන එවුන් නිකම්ම 'වස්සා' කියා අමතන එක සාමාන්‍ය දෙයක් වී තිබුණේ ය. එහෙව් නමක් තියන කෙනෙක්ගේ වාචාල ලියවිල්ලක් 2018 හිට කොපි පේස්ට් කරගෙන ඉන්ඩ තරම් හේතුව මොකද්ද හිතා ගන්ඩ බැරිම හින්දා මෙතන එල්ලන්ඩ හිතුණේ ය. රැජිණිත් මළාය. වේල්සයේ මහළුම කුමාරයා ඔටුන්න දාගත්තේ ය. ඔහේ තවම ඔහේ ය හිතමි. මම තවම මෙහේ ය.<==> සුද්දා...
Continue Reading...

Blogroll

About