Sunday, September 11, 2022

සමනලියන්ට ගල් ගැසීම.. - වසන්ත සිරි වටගොඩ

Share it Please
අපේ ඉස්කෝල කාලවල වසන්තය නම තියෙන එවුන් නිකම්ම 'වස්සා' කියා අමතන එක සාමාන්‍ය දෙයක් වී තිබුණේ ය. එහෙව් නමක් තියන කෙනෙක්ගේ වාචාල ලියවිල්ලක් 2018 හිට කොපි පේස්ට් කරගෙන ඉන්ඩ තරම් හේතුව මොකද්ද හිතා ගන්ඩ බැරිම හින්දා මෙතන එල්ලන්ඩ හිතුණේ ය. රැජිණිත් මළාය. වේල්සයේ මහළුම කුමාරයා ඔටුන්න දාගත්තේ ය. ඔහේ තවම ඔහේ ය හිතමි. මම තවම මෙහේ ය.
<==>

සුද්දා මෙහේ ඉන්නකලුයි ..ගිහිං සෑහෙන කාලයක් යනකලුයි, ලංකාවේ වැඩිම අරක්කු රේන්දය දිනා ගත්තේ සිංහල බෞද්ධ - කතෝලික කුල කාන්තාවන් ය.

බාර් අයිති කර ගත්තට, ඕනෑ තැනක ගිහිං හක්ක පයින්ඩ බීවට, බාර් වල වැඩ කරන එක හෝ අරක්කු විකිනීම/ මිල දී ගැනීම ගැහැනුන්ට තහනම් ය.

සුරා බදු ආඥා පනතේ 32 වගන්තියට අනුව විෂය භාර අමාත්‍යවරයාට කලින් කලට බලපවත්නා තත්වයන් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධ නීති පැනවීමේ බලය ඇති අතර එකී නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කල යුතු ය.

කෙසේ වුවද පනතේ 32 (1) වගන්තියට අනුව එකී නීති එදින සිට බල පැවැත්විය යුතු නමුත් දින 40 කට නොවැඩි කාලයක් ඇතුලත එකී නීති හෝ ඉන් යම් කොටසක් අවලංගු කිරීමේ බලය ද විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට කල හැක.

ඒ අනුව මංගල සමරවීර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කර සම්මත කර ගෙන 2017-12-11 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද සුරා බදු පනතට අනුව කාන්තාවන් ට මත් පැන් මිල දී ගැනීම , විකිනීම, හා බාර් වල සේවය කිරීම තහනම් කරමින් පනතේ 32 ( 3 ) සහ 32 ( 4 ) වගන්ති යටතේ පනවා තිබූ අවුරුදු සීයකට අධික ගතානුගතික සීමා කිරීම ඉවත් කරන ලද මුත් සාරධර්ම පිරි සමාජයක් ගොඩ නැගීම පිනිස උදේ රෑ කැප වෙලා ඉන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත නැවත අංක 03/2018 සහ අංක 04/2018 දරන අති විශේෂ ගැසට් පත්‍ර මගින් උක්ත ගැසට් නිවේදනය බල රහිත කිරීමට මංගල සමරවීර ඇමතිවරයාටම සිදු විය.

පනතේ 32 ( 3 ) වගන්තිය.
බලපත් හිමියකු විසින් ඔහුගේ වෙලදාමට සහාය ලබා ගැනීම සදහා රැකියාවේ යොදා ගන්නා කුමන හෝ තරාතිරමක පුද්ගලයින් කොටසක් තහනම් කිරීම.

පනතේ 32 (4) වගන්තිය.
සුරා බද්දට යටත් කිනම් හෝ භාන්ඩයක් විකිනිය යුතු හෝ නොවිකිනිය යුතු පුද්ගලයින් නම් කිරීම.
සදහා විෂය භාර ඇමතිවරයාට බලතල ඇත.

..........................................................................................
විෂය භාර අමාත්‍යවරයා විසින්ම නිකුත් කල ප්‍රගතිශීලී පනතක් ඊනියා සදාචාරවාදීන් විසින් අර
පොලොන්නරුවේ ග්‍රාමසේවක ඉස්සරහාට දාලා යටපත් කර දැම්මේ එලෙසින් ය.
අවුරුදු දෙදාස් පන්සීයක උරුමයක් කර තියං එන මේ අම්බරුවන්ගෙන් එයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.!
.......................................................................................................

දැං සමනලී පොන්සේකා ඇතුලු බේබදු පිරිසක් මේ අලුගුත්තේරු පනත අභියෝගයට ලක් කරමින් නඩු පවරා ඇති අතර හතර පෝයට පෙහෙවස් සමාදන් වෙන හීනෙන්වත් වෙන අනං මනං නොපෙනෙන..රහසිංවත් පවු නොකරන සෙට් එකක් තමංගේ කන්‍යා පටලය නොබිදී ඇති බවට වෙද්‍ය වාර්තා ද, තමංගේ සුවාමි පුරුරුෂයා එක්ක මිස වෙන එකෙක් එක්ක හැමනුන් නෑයි කියන ග්‍රාම සේවක වාර්තා ද, අපේ මනුස්සයා බීවත් අපිනං ඔය වේසියෝ වගේ අරක්කු ටිකක් කටේවත් තියන් නෑ .. කියලා පන්සලේ හාදුරුවන්ගෙං ගත් වාර්තා ද අතැතිව සමනලීලාට විරුද්ධව යුධ ප්‍රකාශ කර තිබේ.
..........................................................................................................

අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ( 2) වගන්තිය.
කිසිම පුර වැසියකු වර්ගය,ආගම,භාෂාවකුලය, ස්ත්‍රී පුරුෂභාවය ...මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේ ය.

ලොකුවට ඕම කීවාට ඔලුව කහ කහා සමාව අයදින දීන නිවට හිගන්නෙක් වගේ ඒ වගන්තියටම මේම එකකුත් එකතු කරලා තියෙනවා..

අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ( 4 ) වගන්තිය.
කාන්තාවන්ගේ හෝ ලමයින්ගේ හෝ අබල දුබල තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ විධි විධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙක් කිසිසේත් අවහිර නොවන්නේ ය.

අර කවුද වයිට් රම් වගේ තියෙන එක්කෙනෙක් ඇවිදිං මයෙං ගේම ඉල්ලුවේ මේ වගන්තිය හරහා ගියොත් වැඩේ ගොඩ යන්ඩ පුලුවං වගේ ...
ඒක හරි යන් නෑ..
මොක ද මංගලගේ ගැසට් එකෙං කරන්නේ විශේෂ විධි විධාන සැලැස්වීමක් නෙවෙයි.. තිබුනු විශේෂ විධි විධාන ඉල්ලා අස් කර ගැනීමක් විතරයි..
හැබැයි ජනාධිපති මැදිහත් වෙලා ඒකත් හාපු නිසා දැං ඒම පනතක් හෝ විශේෂ විධි විධානයක් නෑ..

.................................................
අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ( 7) වගන්තිය.
12 ව්‍යවස්ථාවෙන්ද ...පිලි ගෙන ඇති මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක විය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද,රටේ යහ පැවැත්ම ද, තහවුරු කිරීම පිනිසත් ,මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිනිසත්..... නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව ය.
.......................................................................

01. සමනලී ඇතුලු සියලු දෙනා පවරා ඇති නඩුවේ විරුද්ධ පාර්ශවය විසින් එල්ල කරනු ලැබිය හැකි ප්‍රබලම විත්ති වාචකය ඉහත 15 ( 7 ) වගන්තිය වනු ඇත.

ලංකාවේම එක්තරා පන්තියක පිරිසක් රාත්‍රී සමාජශාලා වල ටැග් ගැහෙමින් එලි වෙනකල් බොනවනං...තවත් පිරිසක් ජීවත් වෙන්ඩ විදියක් නැතුව ගං වල කැලෑ මැද කසිප්පු පෙරමින් නොයෙක් අතවරයන්ට ලක් වෙමින් ජීවිත ගෙවනවනං මේක ලංකාවේ සදාචාරයට බලපාන්නේ කෙසේදැයි සහ ලංකාවේ ඔය කියන සදාචාරය මොකක් දැයි ප්‍රශ්න කිරීම සමනලීගේ පාර්ශ්වයෙන් එල්ල කල යුතු ප්‍රති තර්කය වන්නේ ය.

02. කාන්තාවන්ට බාර් වල වැඩ කරන්ඩ බැරි සහ මත් පැන් මිලදී ගන්ඩ බැරි නීතිය ලංකාවට ඇවිත් තියෙන්නේ එක්දාස් අටසිය ගනං වල දී ය.. ඒ කියන්නේ කාන්තාවන් සම්බන්ධ ඒ මූලික අයිතිවාසිකම කඩ වී දැනට අවුරුදු 200 ත් පැනලා ය.ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 ( 2) වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කල යුතු වන්නේ අවම වශයෙන් තම අයිතිවාසිකම කඩ වීමෙන් මාසයක්වත් ඉක්ම යාමට මත්තෙන් ය.

ඒ හින්දා ඒක හරි යන්නේත් නැත.

03.මොනවා වුනත් මංගල සමරවීර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව 2017-12-11 දරන ගැසට් නිවේදනය නිකුත් කලේ ය..එය ද නීතියක් ය. ඒ නීතිය මගින් ලබා දුන් අයිතිවාසිකම හිතුවක්කාරි ලෙස නැවත උදුරා ගත නොහැකි බව ත්, එසේ උදුරා ගතහොත් තම මූලික අයිතිවාසිකම් කඩ වෙන බවටත් පෙත්සම්කරුවන් විසින් ඔප්පු කල යුත අතර ශ්‍රේෂ්ඨාධිකරනය මෙම තර්කය කෙසේ පිලි ගනු ඇත්දැයි යන්න මට පූර්ව නිගමනය කල නොහැක.

04.ඔය මොන තර්ක ගෙනාවත් පාර්ලිමේන්තුවට අලුත් නීතියක් ගෙන ආ යුතු යැයි නියෝග කිරීමේ බලයක් ශ්‍රෙෂ්ඨාධිකරනයට නොමැත.

අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වෙනි පරිච්ඡේදයට අනුව රාජ්‍ය ප්‍රතිපත්ති හා මූල ධර්ම මෙහෙයවීම පිලිබද පූර්ව නියාමනයක් ඇත.

ඒ අනුව එහි 27 (2) ( ඈ) වගන්තියට අනුව සියලු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා දීම සදහා පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මන්ඩලය විසින් මූලිලිකත්වය දී ගරු කොට ගෙන නීති පැනවිය යුතු ය...

එනමුත් එසේය කියා අර අර නීතිය පැනවිය යුතුයැයි කියා පාර්ලිමේන්තුවට හෝ විධායකයට බලපෑම් කිරීමේ අයිතිය ශ්‍රෙෂ්ඨාධිකරනයට නැත.

ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය..
මේ පරිඡ්ඡේදයේ විධි විධාන හේතු කොට ගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේ ය.නීතියෙන් කිසිම බැදීමක් ඇති නොවන්නේ ය.තවද මේ පරිච්ඡේදය යටතේ යටතේ වන විධි විධාන අධිකරනයක් හෝ විනිශ්චය අදිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේ ය..
..................................................................

බේබද්දියංගේ නඩුවේ තීන්දුව දුන්න දවසේ අපිට කතා කරපල්ලකෝ කියා මොකෙක් ද එකෙක් අපෙං ගේම ඉල්ලා තිබුනි. අපි දුර්වල නොවුනත් අප මේ මොහොතේ පෙනී සිටින්නේ බලහත්කාරයෙන් දුර්වල කරන්නට හදන මේ මනුස්ස වර්ගයා වෙනුවෙන් ය..

අපි දුර්වලයාගේ පැත්ත ගන්න විට ඔබට ප්‍රභලයාගේ පැත්ත ගෙන අහසේ කරනම් ගැසීම අපි තහනම් කර නැත.

ඉස් මුදුනේ සිට පය පාමුලට යනකල් ඊයම් බරුවං එල්ලගෙන අමාරුවෙං මේ මහ පොලවේ ඇවිද යන ඔබට නිදහසේ පියාඹන සමනලියකට ගල් ගැසීම අමාරු නැත.

ඒ වුනාට මහ පොලවේව්වත් හරියට පා තියා ඇවිදින්නට බැරි ඔබට හිස් අහසේ සමනලියක සේ ඉගිල යන එකනං කවදාවත් කරන්නට බැරිය.

වසන්ත සිරි වටගොඩ ලියූ මුහුණු පොත් සටහනකි.
https://www.facebook.com/watagoda/posts/1609081489182485

14 comments:

  1. ඒ දවස් වල කියෙව්ව ඕක කතාව ඇත්ත

    ReplyDelete
  2. මම ආසම කරන පොළොවෙ පය ගහගෙන හිටින, ඇත්ත යුක්තිය වෙනුවෙන් පෙනී හිටින බය නැති චරිතයක් තමා ඔය වටගොඩ සිරිමතාණන්...

    ReplyDelete
    Replies
    1. ඈහ්! ගැරඬියට බයයි ද? මං හිතුවෙ ගෙදර උන්දැට බය නැති මනුස්සය ආයෙ කාටවත් බය නෑ කියල.

      Delete
    2. නයි වගෙ නෙවෙයි මෙයා ගැරඬි...

      Delete
  3. ඉස් මුදුනේ සිට පය පාමුලට යනකල් ඊයම් බරුවං එල්ලගෙන අමාරුවෙං මේ මහ පොලවේ ඇවිද යන ඔබට නිදහසේ පියාඹන සමනලියකට ගල් ගැසීම අමාරු නැත.

    ඒ වුනාට මහ පොලවේව්වත් හරියට පා තියා ඇවිදින්නට බැරි ඔබට හිස් අහසේ සමනලියක සේ ඉගිල යන එකනං කවදාවත් කරන්නට බැරිය.

    ReplyDelete
  4. Replies
    1. පෙන්ඩින් නං මංදා පේන්ඩ නං නෑ.
      හැබැයි සන්තෝ.... මේක ක්ලියර් කරලා දුන්නොත් අම්මපා, කාන්තා පක්ෂයටත් බාර්, තැබෑරුම්, හරහා හැත්තෑ පහේ නිදහස සමරන්ඩ දායක වෙන්ඩ ‌අගනා මාර්ගයක් පෑදෙනවා නේ ද මෙයා....?
      අනික් අතර අකුදි මේ ලඟදි කොහේද කතාවක කියනවා ඇහුවා, එයාගේ අඳුනන ෂහෝ කෙනෙක්, එයාලගෙ රෙස්ටුරන්ට් එකකද කොහේද, සංගීතයක් දාලාය, ආපු අය හැමෝම පෙති ගහලා ඩාන්සින් කරනවා හින්දා, බියර් කේස් එකකට වඩා විකුණුනේ නෑ කියලා ඒයි.
      පෙති ඉතින් කාන්තා පක්ෂයට ගන්ඩ විකුණන්ඩ බාදාවක් නෑ නේ මෙයා.

      Delete
  5. කනහරහා ඇස් ඇරෙන්නට

    ReplyDelete

Blogroll

About