Friday, December 6, 2019

පැවතීම

Share it Please
ඇල් මැරුණු වසන්තය
සිල් සාළුවෙන් වහන
සරතයේ මල් වැස්ස
හෙලන හිම බිඳු ඔබය

නිසල නිල් අහස වෙත
ඉරුණු අත් දිගු කරන
පොප්ලරයෙ අත් සිඹින
සිහින මදනල ඔබය

විලේ හිම පුවරුවේ
තුරු රටා මල් මවා
ආදරේ කවි ලියන
හිරුමලේ පෙති ඔබය

කවුළුවේ පියන් මත
සීරුවෙන් හොට තබා
තට්ටු කර ඉගිල යන
බටිති රංචුව ඔබය

පැවතීම නම් ඉතින්
නැවතීමමය නිසල
කිසිදිනක නොනවතින
ආදරිය ඔබ අසල....!





2 comments:

  1. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධ, මේ කමෙන්ට් එක දැක්කේ අද. සමාවෙන්න ඒ ගැන. අරගන්න. කිසිම ගැටළුවක් නැහැ.

      Delete

Blogroll

About