
(1) ඔයා දන්නවද ස්වර්ණා....?
හඳේ එළියට එළිය මැකුනට
ඔය පුංචි තරුවත් ස්වර්ණා...
මහා ඈතක තියන
තවත් ග්‍රහ මණ්ඩලයක
ග්‍රහ ලෝක ගොඩකට
එළිය දෙන ඉරක්...!
එහෙත් ඇති මෙහෙ වගෙම
පොළවක් වටේ කැරකෙන හඳක්
අපි වගෙම ලංවෙලා
ඒ පොළවෙ හඳ බලන
අපි වගෙම දෙන්නෙක්...!
(2) නෑ ස්වර්ණා...
ආලෝකය උපදින්නේත්
අන්ධකාරයෙන්මයි නේද?
මං අහන්නේ අන්ධකාරය නැත්තං
ආලෝකයට පැවැත්මක්...