Thursday, December 15, 2016

ගස් විදුලිය නොහොත් පොල්ගහෙන් විදුලිය - නොරොච්චෝලේට දේශී්‍ය විකල්පයක්

Share it Please

[පරණ මූණු පොත් සටහනක්]
ඡන්දයක් තියන කරන්නම අවශ්‍ය නැති පොරොන්දු දෙන්න පරණ පුරුදු ස්වර්ණමය අවස්තාවක දී වැඩක් ගන්නට පුළුවන් කෙනෙකුට වැඩක් ගන්නට මේ දේශීය ග්‍රීන් පවර් කන්සෙප්ට් එක ලියා තබන්නට හිතුණා. විශේෂයෙන්ම ලංකාවේ පොල් ත්‍රිකෝණයේ මධ්‍ය ලක්ෂ්‍යය වගේ පේන කුරුණෑගල පැත්තේ මාකට් කරන්න පුළුවන් සංකල්පයක් හින්දා එ් පැත්තේ ඡන්දය ඉල්ලන අයට වඩාත් ප්‍රයෝජන වෙන්නට පුළුවනි.

ගංගාවල් හරස් කරලා වේලි බැඳලා එකතු කරන ජලය පයිප්පයක් දිගේ අැරලා ටර්බයින් එකක් කරකවලා එ්කට අමුණපු ඩයිනමෝ එකකින් උපද්දවන විදුලිය ජල විදුලිය නම් ගහකට විදුලි උත්පාදන යන්තරයක් අවුණලා උපද්දවන විදුලිය ගස් විදුලිය විය යුතුයි.

පොල්ගස්වලින් විදුලි බලය නිශ්පාදනය කරන මේ අයිඩියා එක අපේ තාත්තාගේ ය. අපේ අයියා මොරටු විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට් උපාධිය කරන දවස්වල මොකක් හෝ ප්‍රොජෙක්ට් එකකට අපේ තාත්තා ලබා දුන් අයිඩියා එක මේකය.

වැඩේ සරලය. වැල්ලකරේ මිදුලට ගිහින් උඩ බැළුවොත් එක සීරුවට පෙනෙන්නේ හුළඟට රවුමට රවුමට ඔළුව කරකවන පොල්ගස්ය. පොල්ගහත් එ්කේ අංගෝපාංග සියල්ලත් හැදී තියෙන්නේ කෙඳි වලිනි. පොල් කඳත් එකටෙක බැඳුනු කෙඳිය. අඩි හැට හැත්තෑව අහසට ඉහ උස්සන පොල්ගහේ බරම කෑල්ල පොල්අතු, පොල්මල්, පොල් වලු, හනසු, මටළු අාදී සියල්ල රැස්වී තියන ඉස්මුදුනය ඔළුවය. හුලං බදන්නේත් එ්කටය. හුළං බදාන රවුමට පැත්තට දෙපැත්තට හෙලවෙන්නේත් එ්කය. හුලං මිස වෙන සදාතනික දෙයක් නැති වැල්ල අයිනේ නං මේ හෙල්ලිල්ල නවතින්නේ ම නැත. පොල් රා බිව්වාම හා පොල් අරක්කු බිව්වාම හැම එකාම හා හැම දේම කැරකෙනවා වගේ පේන්නට පටන් ගන්නේ පොල්ගස්වල මේ කැරකිල්ල හින්දාමය.

අපේ තාත්තාගේ අයිඩියා එක හැම පොල් කරටියකටම හොඳ කොහු ලණු වලින් අඹරාගත් කඹයක් ගැට ගැසීමය. හරියට අෑන්ගල් එක හිටින්නට මේ කඹයේ අනිත් කෙලවර විදුලි ජනක ඩයිනමෝ එකකට සවිකරන ලද කප්පියක දවටා තිබේ. ඉංජිනේරු කර්මාන්තය ගැන කිසිම දැනීමක් නැති මට නොතේරෙන, පොල්ගහේ වැනිල්ල ඩයිනමෝ එකේ කැරකිල්ල බවට පෙරලන යාන්ත්‍රික අටපට්ටමකුත් මේ අතර තිබේ. අවසාන ප්‍රතිඵලය හුලඟට හෙල්ලෙන පොල්ගහෙන් ලයිට් පත්තු කිරීමය.

පාට්ස් ලෝකල් කඹය. නොරොච්චෝලේ වගේ මාස ගණන් බලා ඉන්න අවශ්‍ය නැත. ගෙදර තනි පොල්ගහක් අැති එකාටත් විදුලියෙන් ස්වයං පෝෂිත වෙන්නටත් පුළුවන.

නරක වෙලාවට තාත්තා නැතිවුනේ. නැත්තං ඔය ගූගල් කාරයා බැලුන් අැරලා කරන වැඩෙත් දැනටම අහස උඩ එල්ලිලා තියන පොල් කුරුම්බා ගෙඩිවලින් රිෆ්ලෙක්ට් කරලා පොල් ගහෙන් ගහට සිග්නල් පාස් කරලා මුළු මූදු කරයම වයිෆයි කලාපයක් කරගන්න විදිහකුත් හොයා දෙනවා ෂුවර්....! 

6 comments:

  1. හුළං බලේ තමා... මට හිතෙන විදිහට මුහුදු රළ වලින් විදුලිය නිපදවනවා කියලා කරන්නෙත් මීට ළඟ එකක් වගේ තමා

    ReplyDelete
    Replies
    1. මට මතකයි, රට වටේම තියෙන්නෙ මූදනෙ, ඇයි ඉතින් මූදු වතුර ලක්ෂපානට පොම්ප කරන්නේ නැත්තේ ඇයි කියලා යෝජනාවක් කෙනෙක් පත්තරේට ලිව්වා. පළවුනා.

      Delete
  2. මරු අයිඩියා එක, ගහේ උඩ ගැට ගහන කඹේ බයිසිකල් බලු කට්ටයක් සෙට් කරපු දඹරයක ඔතලා කඹේ අනිත් කොනට වැලි මුට්ටයක් එල්ලල ගත්ත නම් ලිදෙන් වතුර අදිතෑකි.

    ReplyDelete
    Replies
    1. යාපනේ කට්ටිය ලිං වලින් වතුර අදින උපක්‍රම ඕනැ තරම් හදලා තියනවා නේ ද? හැට ගණන්වල සුලි සුලං කාලේ, අපිත් කොහු ළණු බෙල්ට් එකක් දාලා බයිසිකලයක් ජෝඩු කලා වතුර පොම්පෙට. දවසක් එක දිගට පැද්දාම ටැංකිය පිරෙනවා.

      Delete
  3. හැබැයි වැඩේ සාර්ථක වුනා නම් "පොල්" තව ගණන් උස්සයි.එතකොට පොල් කාලා හමාරයි.

    ReplyDelete
    Replies
    1. මේක නෙ. පොල් කැඩුවට ගහ වැනෙන එකේ අඩුවක් වෙන්නෙ නෑ නෙ.

      Delete

Blogroll

About