Wednesday, November 2, 2016

‘‘සොරායා‘‘ - ගල් ගසා මරා දැමූ ගැහැනිය

Share it Please
තරුරසී ගෙන්...

"අපේ රටෙත් පහුගිය කාලෙ අපි දැක්කා ආගමික අන්තවාදය හිස ඔසවන හැටි. ඉරානයෙ ෂෙයික් හසාන්ල බිහිවෙනව වගේ ගලගොඩඅත්තේ ඥානසාර වගේ චීවරධාරීන් බිහි වෙන හැටි. ඒව කොයි තරම් භයානක විදියට සාමාන්‍ය ජන ජීවිතයටත් බලපෑවද කියල අපි දන්නවා. අලුත්ගම ගිනි ඇවිලුණු විදිය අපිට අලුත් කාරණ නෙවෙයි. වර්ගවාදය නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්වුණෙත් මේ විදියටම තමයි. දැන් තත්වය තරමක් යටපත් වුණු බවක් තියෙනවා. නමුත් අන්තවාදී අදහස් දරන මිනිස්සුන්ව මානව හිතවාදී තැනකට ගන්න හරි අමාරුයි. ඒ නිසා අවදානම කියන එක හැමදාම තියෙනවා. ඒ නිසා හැමදාම මනුස්සකම වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා.

මේ ඉරාන විප්ලවය තරමක් සමාන කරන්න පුලුවනි, 2015 ජනවාරි 08 ලංකාවෙ ඇතිවුණු වෙනසට. ජනවාරි 08 ලංකාවෙත් පාලනයෙ පැහැදිලි වෙනසක් ඇතිවුණා. අපි ඒකට දේදුනු විප්ලවය කියලත් කිව්වා. අපි බලාපොරොත්තු වුණ විදියේ සමාජ දේශපාලන වෙනසක් තවමත් අත්දකින්න අපට හැකිවෙලා නැහැ. යම් යම් සාධනීය වෙනස්කම් තියනවා වුණත්. ජනවාරි 08 දේශපාලන වෙනස කියන්නෙ දේශපාලන පක්ෂයක හෝ පුද්ගලයෙකුගෙ විශේෂත්වයත්, ප්‍රබලකමක් නිසා ලැබුණු දෙයක් නෙවෙයි මං දකින විදියට රාජපක්ෂ පාලනය ගැන කලකිරිලා හිටිය ජනතාවගෙත්, මිනිස්සු දැනුවත් කරන්න ජීවිත අවදානම නොතකා පාරට බැස්ස සිවිල් සංවිධාන සහ මිනිස්සුන්ගෙ කැපකිරීම්වලත් ප්‍රතිඵලයක් කියලයි මම හිතන්නෙ. ඒක ජනතා බලවේගයක් මත සිදුවුණු වෙනසක්. ඉරානයෙත් පාලනය වෙනස් වෙන්නෙ ඒ විදියට. නමුත් එතනදි ආගමක් මුල්වෙලා තියෙනවා.

විප්ලවයෙන් පස්සෙ ඉරානය පුරා ජනතාව පීඩාවට පත් කරන ආගමික අන්තවාදය හිස ඔසවනවා. බුද්ධිමතුන්, මානව හිතවාදීන් සිරගත වෙනවා. නැත්නම් මරා දැමෙනවා. ඒ අතර තමන්ට පක්ෂග්‍රාහී වන අන්ත දූෂිතයකුට, දාමරිකයකුට වුණත් රජයේ ආශිර්වාදය හිමිවෙනවා. අල්ලස්, දූෂණ, වංචා, මිනීමැරුම් සම්බන්ධව මේ වෙද්දි තියෙන මන්දගාමී ක්‍රියාකලාපය ගැනත් මේ ඔස්සේ හිතල බලන්න පුලුවනි. පීඩාවට පත්වුණු අයට යුක්තිය, සාධාරණය ඉටුවේවි කියල හිතන්න පුලුවන්ද? නීතිය හැමෝටම සාධාරණද? මේ ප්‍රශ්න අපිට මතුවෙනවා.

මිනිස්සු වෙනසක් වෙනුවෙන් පාලනයක් පෙරළන්න මහන්සි වෙන්නෙ ඇත්තටම යුක්තිය, සාධාරණය, සමානාත්මතාව වගේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. මිනිස්සුන්ගෙ කරමතින් පාලන බලයට ඇවිත් මිනිස්සුන්ව අමතක කරල, පාගල දාලා තමන්ගෙ බලය රැකගන්න, තමන්ගෙ සාක්කුව පුරවගන්න පාලකයො උත්සාහ කරනවනම් ඒක රටකට කොයි තරම් විනාශකාරී විදියට බලපානවද කියල තේරුම් ගන්න සොරායා හොඳ උදාහරණයක්.

ලංකාවෙ වැඩිදෙනෙක් හිතනවා අපි හම්බ කරගත්තොත් අපි කනවා. අපිට රට හදන්න බෑ. අපිට දේශපාලනය ඕන නෑ. අපි පාඩුවෙ අපේ වැඩක් බලාගෙන ඉන්නවා කියල. නමුත් අපි කාටවත් මේ දේශපාලන හැලහැප්පිලිවලින් වෙන්වෙලා ජීවත් වෙන්න බෑ. මේ හැමදේම අපිටත් අදාළයි. අදාළ වෙන මොහොතක් එනවා. ඉරානයේ ආගමික අන්තවාදය එක්ක සිද්දවෙන දේශපාලන වෙනස්කම්වල බලපෑම ඉරානයේ ඉතා කුඩා ගම්මානයක දුප්පත් අහිංසක ගැමි ගැහැනියකගේ ඉරණම වෙනස් කළ හැටි, දේශපාලනය එක්ක අත්වැල් බැඳගන්න ආගම කොහොමද අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කියල තේරුම් ගන්න සොරායා කියවල බලන්න. "



1 comment:

  1. මාත් ඉන්නවනේ මෙහේ... කප්පරක් ස්තූතියි...

    ReplyDelete

Blogroll

About