මැලවීයන මතක අගිස්සක ලියවී තියෙන්නේ, මේ වචන පේලිටික පෙලගැහුනේ දෙදාස් හතර පහේ විතර දී කියාය. ඒ වගේ අවුරුද්දක ලියවුණු මේ වචන ටික කාලයක් තිස්සේ මගේ “සිරිමල් උයනේ“ එල්ලී තිබුණි.
ඔයි කියන කාලයේ බඩ රස්සාව කෙරුවේ, කැනඩාවේ සස්කච්චවාන් ප්‍රාන්තයේ උත්තර ධ්‍රැවයට කිට්ටු පළාතක පිහිටි රැබිට් ලේක් (Rabbit Lake, හා විල) නම්වූ යුරේනියම් පතලය හා කම්හලේය.
උත්තර ධ්‍රැවයට කිට්ටු පලාත්වල, ඉර නගින බහින එක සමතුලිත කාලසටහනකට සිද්ධ වෙන්නේ නැත. මහ පොළව හිමෙන් වැහෙන සීත කාලයේ දවල් වෙනතුරුත් නිදාගන්නා ඉර, මද්දහනේ යන්තම් හිනාවී, ආයෙත් නිදි වදී. පමාවී පැමිණ මාස දෙකතුනක් රැඳී ඉන්නා ග්‍රීස්මයේ දී නම් ඉර එළිය පාන්දර හතර පහේ හිට රෑ අට දහය වනතුරුත් තැප්පි තැප්පී හිඳියි.
හැන්දෑවේ පාණ්ඩු පාට ආකාසයට කළු තීන්ත කාන්දු වෙනවා මගේ හිතට මෝදු වෙන්නට ඇත්තේම ඔය සදාකාලික හවස් වරුවක විය යුතුය. කොහේ කොතැනක කොහොම හිටියත්, හිත තියෙන්නේ කොහේදැයි කියා ලියන්නට උවමනාවක් නැතිබව ඉතිරි පද ටිකේ ලියවී තියේ.
අපේ මස්සිනා වූ විජය විද්‍යාරත්න, මේ මෑතකදී, සුනෝ මෙවලමේ සිංදු නිෂ්පාදනයක් කරලා එයා කැනඩාවට සැපත්වූ කාලයේ මගෙන් කුරුටු ගෑවුනු වචන පේලි ටිකක් මතක් වී පණිවිඩයක් එව්වේය.
ඒ එක්කම එයාට යැවූ මේ වචන ටිකත් අර පලමුව සඳහන් මතක ටිකත් සුනෝගෙන් සන්නද්ධව මස්සිනාගේ යූබට අඩවියේ තියෙන බව ලියා තියන්නට මේ සටහන මෙතැන සටහන් වෙයි

මේ පළමු පින්තූරය ලෝක ගෝලය උඩ ගූගල් සමාගම රැබිට් ලේක් ලකුණු කර ඇති තැන පෙන්වයි.
අහම්බෙන් කියෙව්වේ, ඉස්සර කියවන්න කියල එල්ලගෙන උන්නු බ්ලොග් ලිස්ට් එකේ තිබිල. හරිම සුන්දර වචන පෙළක්.
ReplyDeleteලෝකේ හැමදේම සිද්ධවෙන්නේ අහම්බෙන් නේ ද?
Deleteආවාට, ලිව්වාට තුති.
පද ගැලපුමේ හොඳ ගීතවත් බවක් තියනවා.
ReplyDeleteතුති.
Deleteලස්සන සින්දු දෙකක් , පදත් හොඳයි
ReplyDeleteතුති අජිත්
Deleteකවුද සින්දු කියන්නේ
ReplyDeleteසුනෝ එකම තමයි. වචන ටික විතරයි මගෙ. ඒකත් මදැයි ඉතින්.
Delete