Saturday, September 17, 2022

සිල්ලර අරගල

Share it Please

 




එක්තරා 'මහ' ජනතා නියෝජිතයකු විසින්, සිල්ලර කාරණාවක් යැයි හඳුන්වා දුන්, අන්තරේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදූ සාධාරණ ‌හේතු දැක්වීමකින් තොරව සිරභාරයේ තබා ගැනීමට විරුද්ධව නැගෙන ෂෙනූගේ හඬට මගේ ප්‍රණාමයයි මේ. 

පහත ලියවෙන්නේ, කළු හමක් ඇති, 'සිල්ලර' ජාතියකට අයත් වූ හේතුවෙන් සිය සංගීතමය හැකියාවන්හි ඵල නෙලාගැනීමේ අයිතිය අහිමි වූ, ඇමරිකානු ජාතික නීනා සිමෝන් ‌නිදහස ගැන කිවූ වචන වලින් ආභාෂය ලැබ සෙනගාලි සම්භවයක් ඇති අනයිස්  ගයන ගී පද ටික සිංහලට නගන්නට ගත් මගේ දුප්පත් වෑයමයි.
 

මං ඔබට කියන්නම් නිදහසේ ‌තේරුම...
බයක් නොදැනීම...
ඇත්තටම... බයක් නොදැනීම.. 
[නීනා සිමෝන්]

ඒක ගැටිත්තක් වගේ 
දැනෙයි දුවනවා පිට දිගට
අනතුරක සේයාව දනවන්න ඔබට 
කිසි අමුත්තක් නොපෙනෙන්නටත් කලින්
ඔබේ විමසිලි ඇසට

හීලෑ කරේ අපේ යොවුන් විය ඒ බය
නැවැත්තුවා  පනින එක
ගහක මුදුනෙන් බිමට 
දැන් ඒක හදන්නේ නවතන්න හදවත
වලකන්න අඬන්න වෙන එක
වලකන්න කඳුළු ගලන එක

මට ඕනෑමයි කියන්න
බය නිසා නොකියනා දේ ඔබ
නෑ එපා මා වෙනුවෙන් යදින්න
පරදවන්න ඔබේ හිතේ බය

ගරහන්න එපා මම කීවොත්
බය නිසා නොකියනා දේ ඔබ
ඔව් ඒක විශ්වාස කරනවා මම
නීනායි කිවුවේ මට,
නීනා කිව්වේ මට... ඒ තමයි නිදහස

වනන්තරයේ ඇහෙන
සිංහ ගර්ජනාවක් වගේ
අන්තරායේ දොරකඩ ඉඳන්
ඔබට පෙන්වන්න මග

ජන සංහාරයක නිමිත්ත
දෙවියන්ගේ ය උන් හිතනා පාට
බය වුනොත්
හඬ නගා කියන්නට
අද ඔබ ඔබේ හිත
අහිමිම වෙයි ඔබටත්
දැනටමත් අහිමි වී ඇති දෙය

'නිදහස'

<===>

Nina by Anais 

[Intro: Nina Simone]
I tell you what freedom means to me, No fear
I mean really, no fear

It's a knot
You can feel down your back
There to warn you
Sooner than could your sight

Kept us tamed in youthful years
So not to jump down from a tree
Now the heart it tries to keep
So not to cry too many tears

Makes me wanna
Say what you won't
Do what you fear
And I beg you don't pray for me

Don’t blame me if I say
What you won’t
Cause I believe it
When Nina told me that, Nina told me that I'm free


Like the roar
Of a lion in the wild
There to serve you
In the presence of harm


A motive for genocide
The colour of their so-called God
You won't dare to speak your mind
For you might lose what you already don't have






7 comments:

  1. ශෙනු නංගි එහෙම භය නැතිව අකත කෙඅරන් එක අගෙයි. වසන්ත මුදලිගේ ගැන ඔයාගේ අදහස මොකක්ද

    ReplyDelete
    Replies
    1. මට සාමාන්‍යයෙන් ඒ වගේ අදහස් එන්නෙ නෑ අප්පා.

      Delete
  2. ශෙනු නගන හඬ
    උඹට ඇසුනාද දමිතා
    උඹ උසත් නැත
    උඹ මිටිත් නැත
    එනිසාම නංගියේ
    කම්කරු උඹට හිමි නැත
    සිකුරිටිද නොලැබේමය

    ReplyDelete

Blogroll

About