Wednesday, March 20, 2019

විලේ නෙළුම්...!

"දාසය දාහත වෙද්දීම, ලව් ඇෆයාර්ස් නිසා කෙල්ලො අතරමං වෙනවා ඇති පදං ගම්වල. හැබැයි අපේ ගමේ ඔහොම කරපු හුඟක් කොල්ලො ඒ කෙල්ලන්වම කසාද බැඳලා බලා කියාගෙන ඉන්නවා"  - ගමෙන් නගරයට විත් කවි ලියන තරුණයෙක් නින්දගම් අතැර විත් පිය උරුම පරපුරේ ගෙන්දගම් පොළව මත කවි ලියන සුමිතුරේ මල් කපන වක් පිහිය රැඳුනාට බඩතුරේ මගෙ හිතත් ඔය වගෙයි පිරෙනවා ආදරේ සුවඳ...
Continue Reading...

Friday, March 15, 2019

ගලන ගඟකට වුවත්...

ගලන ගඟකට වුවත් නවතින්නම හිතෙයි මොහොතක් මල් පිපුණු තැන්නක විලක් වී නිදහසේ ඉන්නට සරන සියතකු වුනත් ගිම් නිවා නවතීය මොහොතක් මල් පිපුණු අත්තක නෙතු පියා ගීයක් ගයන්නට හෝරාව ගෙවෙයි බිඳු බිඳූ වලාකුලකින් වැටෙන වැහි බිඳු මල් පිපුණු අත්තක් මල් පිපුණු තැන්නක හිඳී තවමත් මග බලාගෙන March 21, 2018 ...
Continue Reading...

Thursday, March 14, 2019

අයාලේ ගිය වසන්තය...!

හීන් හුළඟක් ඇවිත් අයාලේ බිම වැටුණු හිම කැරලි අවුස්සයිඋඩ දමා වීසි කරමල් වගේ වට්ටවාබොල් හඬින් සිනාසෙයි අයිස් පලසක් යටින් ගඟ හෙමින් ගලායයි ‍හිසත් මුහුණත් වැසූ කබායක් අයිස්මත සීරුවෙන් අඩිතබයි බිලිකටුව සිදුරකින් රිංගවා කල් බලයි දලුත් නැති කොලත් නැති ඉපල් අග මල් පිපෙන වසන්තය තුඩින් ගෙන හෙමි හෙමින් තටු ගසා ඈත ඈතක දුරක කිරිල්ලක් පියාඹයි...! මාර්තු...
Continue Reading...

අද වසන්තයේ දවසක්....!

ලිහිල් වූ දුහුල් දුල් සාළුවකි රැලි ලිහුනපාර දිගටම හැලුනකල් ඉකුත් මල් තුහින මකුළු දැල් කෙඳි වැන්න ලා පාට රිවි කිරණ ඇල්මැරුණු අවපාට වලාකුලකින් බහින උලා වත්සුණු සුසුදු සිටි නොසෙල්වී තුරු මනමාල වසන්තය කවදාක හෝ වඩින තුරු....! [මාර්තු විසි එක, 2018] ...
Continue Reading...

Wednesday, March 13, 2019

ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් නුඹ....

නවසිය හැත්තෑ නවය වූ කලී, මගේ සරසවි දිවියේ අවසාන අධ්‍යයන වර්ෂයය. ඒ වසර පුරා කල කී දෑ කුරුටු අකුරු වලින් සටහන් වූ දින පොත අදටත් මා සතුව තිබෙයි. එහි මැයි මස හයවෙනිදා පිටුව පුරා ලියැවී ඇත්තේ වසන්ත කුමාර කොබවක ගේ කවි පෙලකි. ශිල්ප සොඳින් දැන ගන්න ගිහින් උඹ යහතින් දෝ පේරාදෙණියේ ඉන්න නොවෙයි මියැදෙන්න දුකයි මට උඹ නැති හින්දා අද තනියේ බංකු කොණේ...
Continue Reading...

Friday, March 1, 2019

ඩාලිං ගේ රෝස මල

කොණ්ඩේ රළින් රළ පීරා මුදුන් කර මල් පටියෙන් බැඳලාකෝ මගෙ ඩාලින්... කෝ මගෙ ඩාලින්මං දුන්නු රෝස මල.... මම්මාට බය වී පප්පාට බය වී මූදට වීසි කලා මූදේ රළින් රළ නැග එන මහ රළ ඒ මල ගිල ගත්තා මල මගෙ නොවෙමයි ඩාලිං මගෙමයි මට ඕනැ ඩාලිං තමයි....! අපේ තාත්තා කලා කාමියෙකි. ඉහතින් එහෙන් මෙහෙන් මට මතක තියන තරමින් ලියා ඇති ඩාලිං ගේ රෝස මලේ සිංදුව,...
Continue Reading...

සිංහයාගේ මගුල් ගෙදර !

තරුණ සිංහයෙක් කරකාර බඳින මංගල උත්සවයක් ඉතා ඉහලින් පවත්වන්නට දෙන්න දෙමාල්ලෝ දෙවගම වග බලා ගත්තෝය. මේ මගුල් ගෙදර සිංහ රාලලා, රාලහාමිලා, රාලහාමිනේ ලා, කේසර ලා, කේසරී ලා, ග්ලාස් හප්ප හප්පා ඩාන්ස් දාන අස්සේ, ටිකක් තඩි මී රාල කෙනෙක්, අතට නොසෑහෙන අසෝක වීදුරුවක් උස්සාගෙන, “අපේ සිංහ්ස් ට ජය වේවා... ජය මංගලම් වේවා... කරල පැහේවා... අඩේ ඩෝ අද...
Continue Reading...

Blogroll

About