පියාපත් සිඳී ගිය
වළාකුළු අගිස්සක්
හෙමි හෙමින් කිති කවන
මහාපර කන්ද තනිවම
යන්තමට සිනාසෙනු ඇති
කවදත් වගේ නිසලව
පැහුම් පිහිතල සිඹුම්
ලැබ පැහෙන අතු අගින
මල් පිපෙණු නොහැකියෙන්
මල් වගේ දළු පුරන
තේ පඳුරු හිස් මතින්
පාන්දර පාත්වෙන
මීදුමේ එති එතී
ගලනු ඇති කර සුවඳ
නාස් පුඩු කිති කවන
මටකැලේ පල්ලියේ
සීනුවේ සිලි සිලිය
බඩගිනිව අඬන විට
පිණි කඳුළු සීත වග
නොදන්නා නුඹේ පා
නොහික්මුණු ගල් කැබලි
අඩි පාර දිග දුවා
තණ බිස්සෙ හංගද්දි
කට කොනේ හිනාවට
හිනාවෙන තණ පෙත්තො
පනිනවා ඇති අහක
කම්බිලිය දුම් සුවඳ
කැටි කරන් දකුණතින්
හිනාවෙන සුද පෙනේ
ඈත වංගුව ලඟින්
දැණුනෙ නෑ කොහොමටත්
වචන වල තේරුමක්
ඇහෙනකන් හැටන්වල
කෝච්චිය පුරවද්දි
ලතෝනිය ගෑණුන්ගෙ
බිම බදා මොර තියන
දකිනකන් මිනිසුන්ගෙ
කරවෙච්ච ඇස් අහල
කඳුළු වල රතු පාට
ඉන්දියාවට වතු දෙමළු
බාගයක් පටවන්න
ආණ්ඩුවෙ තීරණේ...
කොහෙ ඇද්ද උඹ අද අම්බලකන්?
Photo Credit - Bezalel Thilojan @ThilojanVM
+++++
ReplyDeleteනියමයි
ReplyDeleteඅගේ කලාට තුති. සීට්ටු දාලා පිටුවහල් කරනවා කියන්නේ තොපි වහල්ලු කියලා කණට කරලා කීමක් නේ ද?
ReplyDeleteරටක් නැති වතු දෙමල ගැටළුව විසඳුවේ එහෙමයි.
ඒ භාගයට පුරවැසිකම නොදීමට හේතුව අන් කවරකටත් වඩා ඡන්ද පදනම හා ජන අනුපාතය දෙදරා යාමට තිබුණු ඉඩ කඩයි.
ලස්සන කවියකින් යථාර්තය එලියට දාලා...
ReplyDelete