Sunday, July 13, 2025

චන්ද්‍රසේනගේ බුද්ධිමය දේපල...!

Share it Please

 


පෘතුවිය වටා කැරකෙන්නේ එකම එක චන්ද්‍රයකු මුත්, චන්ද්‍රසේන ලා නම් බොහෝ ය. එයාලා ඉතින් වාර්තා තියාපු හා තියන අයය කියා ආය කියන්නට උවමනා නැති තරමට මේ ලියවිල්ල කියවන බොහෝ අය එයාලා ගැන විස්තර කතා සවිස්තරව අසා දැක තියෙන්නට පුළුවන.

මේ අතරින් මම කියන චන්ද්‍රසේන, මමත් මානෙලුත්, තිඹිරිගස්යායේ ශාන්ත තෙරේසා දෙව්මැදුරේදී අතිනත් ගත් දවසේම ගාල්ලේ ඉපදී, හැදී වැඩී, මොරටුවෙන් ටවුන් ප්ලෑනින් උපාධියක් අරන්, මැලේසියාවේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරන කාලයේ, 2013/14 කාලයේ විතර මුහුණු පොතෙන් මුණ ගැසුනු, නදීෂා චන්ද්‍රසේනය.

අද ඇය ගැන ලියන්නේ ඇයිදැයි ලියන්නටත් උවමනාදැයි සැක හිතෙයි. මන්ද, 2025 හේ ලෝක බුද්ධිමය දේපල අගැයුම් ත්‍යාගලාභීන් දස දෙනා අතරට, ලංකාවේ නමත් එකතු කරන්නට ඈ සමත්වී ඇති බව නොදන්නා කෙනෙක්, මේ සටහන කියවාවිදෝයි හිතෙන නිසාය.

ඔය මුල්ම කාලේ 2014 ජනේරුවේ දවසක, නදීෂා මැලේසියාවේ ඩ්‍රැගන් පෘට් වගාව අලලා, අපූරු සටහනක් තබා තිබුණාය. එයාගේ ලියවිල්ල නැතත්, මගේ පරණ මුහුණු පොත් සටහන් අස්සේ ඒකට මා ලියූ කොමෙන්ටුව ඉතිරි වී තිබුණි.

=====================================================================================
නදීෂා... නදීෂා... ඔය ඩ්රැගන් පෲට් පැහෙන්න තව මාස දහතුනයි නේ ද? අවසාන කාලේ පිදුරු වලින් වහලා එහෙම තියන්නත් ඕනි ද?

හැරිලා බැළුවාම මගේ ජීවිතේ හොඳම උපදේශය දුන්න ගුරුවරයා හැටියට මම හිතන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ක්වන්ටම් රසායන විද්‍යාව ඉගැන්නූ ආචාර්ය තුරෙයිසිංහම් ය.

'Why don't you try and go abroad. You can easily get an assistance ship at a north american university. Do not worry about completing a degree or studying... Just go and see the world...!'
Jan 23, 2014, 6:21 AM
====================================================================================

අද හැරී බැළුවාම හිතෙන්නේ ඉතින්, එදා පටන්ගත් ඒ ඩ්‍රැගන් පෘෘට් වගාවේ අස්වැන්න හරියටම ලැබෙන්නේ දැන් ය කියාය. 




දිනුම දන්වා ඉහත පින්තූරත් සමග එවූ පණිවිඩයට, හිතට ආ සුපුරුදු පැතුම ‘වාසනාවන් රත්තරන්‘ යැයි ලියා යැවූවිට, 
“වාසනාව නෙමේ, හාඩ් වර්ක්... කන්සිස්ටන්සි“ 
කියා නදීෂා ලියා එවා තිබුණාය. ඒක එහෙම බව දකින්නට දැනෙන්නට අපි වාසනාවන්ත වී සිටිමු.

නදීෂා ගැන තව තව දේ දැනගන්නම හිතෙනවා නම්, එයාගේ විස්තර සවිස්තරව කියවන්න “මේ සබැඳියෙන්“ පුළුවන. 

මේ අගැයීම දිනාගත් ‘ස්මාර්ට් ඩ්රේන්‘, සිංහලෙන්ම ගලපලා ලියනවා නම්, සුහුරු කාණුව ගැන තව විස්තර දැනගන්න ආසා නම් මේ සබැඳියෙන් පුළුවන.










 








2 comments:

  1. ඇයට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. තුති. මම නදිෂාට මේ සටහනේ සබැඳිය යැව්වා.

      Delete

Blogroll

About