හිස්වෙලා පෙනුනාට අඳුරුව
බිත්තියක
පෙනෙන ඡායාව
කවුළුවක
නතරවුනු බඳුනට
හොරා
ගන්නට හැකිද හිරු රළ
ජීවිතේ
දුන්නාම නොපැකිල
හදවතේ
අග දැනෙන හිස්තැන
ඒ
තමයි කිසිදාක නොමැකෙන
ප්රේමයේ
රන් රුවන් වත්කම
ලියන්නට
එපා අය වැය
ගනින්නට
එපා පිරිවැය
පිරෙන්නට
හදා ඉඩකඩ
අරන්
යනවා අරන් යන අය
#rsmpoems
🤗👌👌
ReplyDeleteහිස්ව තියනවට වැඩිය හෙවනැල්ලත් හොඳයි.
ReplyDeleteඅපූරුයි... 💐
ReplyDelete