පද - උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය - මහින්ද බණ්ඩාර
නතාෂා ඇවිදින් ගියා - පියාඹා වෙරලින් එහා
නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා ආයෙ ආයෙ ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල් නිල් නිල් දැහැතේ වෙලෙනවා සිත්සේ දෙතොලේ පහසේ ඔබ මා සිඹිනවා සිහිනෙන් තැවෙනවා පමා වී ඈතට ඇදී - මීදුමේ රැහැනින් මිදී
හදවතේ ගිණි අවුලා
මා දෑසේ පිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා
කන්දෙ ලන්දෙ දුක් දී දුර ගියා
සයුරෙ රළසෙ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ ගිණිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා සැනසුනා
සිහිනේ මැවෙනවා
නතාෂා හුස්මක් තියා - නිදැල්ලේ සක්මන් කලා
නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා
කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා
ඇයි අප්පා හැමෝම නතාෂා ගාන්නේ
ReplyDeleteමේ ඉතින් එයාගේ ටර්න් එක නේ. පොසොන් එකට අපායේත් උන්නා කියලා පින්තූර තිබුණා....!
Delete