Friday, January 1, 2021

දකුණ බෑ කිව්වා.. හතලිස් අවුරුද්දකට කලින්...

Share it Please

2020 ගෙවෙන වෙලාවේ 1980 අවුරුද්දේ අවසන් දවස් ගෙවුනේ කොහොම ද බලන්න පරණ දින පොත පෙරළුවා....

තුන්මුල්ලේ අධ්‍යාපනය හමාර කරලා, රස්සා හොයන වැඩේ අංජබජල් තත්වයෙන් යද්දී, ලකුණුත් තියනෙකේ, තව ඉගෙන ගන්ඩ හිතපු දවස් ඔය. රුහුණේ, සම්මුඛ පරීක්ෂණයකට ගියා දෙසැම්බර මුල.... නමුත් ආචාර්ය විජේනායක මයාට උවමනාව තිබුණේ.... අද හෙටම පශ්චාත් උපාධියකට පිටරටකට පිටත් වෙන්න තරමට කරුණු කාරණා සම්පූර්ණ කරගත් අපේක්ෂකයෙක්.... ආපහු එයිද නැද්ද නොදන්නා, එහෙම යන්ඩ දඟලන අය,  ගන්ඩ වෙන විශ්වවිද්‍යාලවල උදාසීනත්වයක් තිබුණත්, අළුත උපන් රුහුණට උවමනා වුනේ, පුළුවන් ඉක්මනින්, ආචාර්ය මණ්ඩලය හදා වඩා ගන්නයි.

ඔය කාලේ ඇමරිකාවේ පශ්චාත් උපාධියක් සඳහා අයදුම් කරන්න නම් මූලික යෝග්‍යතා පරීක්ෂණ දෙකක් සමර්ථ විය යුතුව තිබුණා. එකක් ඉංග්‍රිසි හැකියාව මනින TOFEL. දෙවැන්න, තමන්ගේ විෂයානුබද්ධ දැනුම මනින GRE. ඒ දෙසැම්බර නවවෙනිදා රුහුණේ සම්මුඛ පරීක්ෂණයට යද්දී, අතේ නොතිබුණු GRE ප්‍රතිඵල, දහ වෙනිදා තැපෑලේ ආවා...

එහේ මෙහේ කැරකිලා කැරකිලා, ඒ වෙද්දී ජනවාරි මුලට තලවාකැලේ තේ පර්යේෂණායතනයේ රස්සාවක් අතේ තිබුණත්, විශ්ව විද්‍යාලයකට, එයිටත් මාතර තියන රුහුණට බැඳෙන්ඩ ඇත්නම් කියන හිතිවිල්ල හින්දාම, ජනේරුවේ තලවාකැලේ යන්ඩ කලියෙන් දෙසැම්බර විසි නව වෙනිදා මාතර ගියා. 

ප්‍රතිඵල කොලේ පෙන්නලා, අරහෙ යනවාට වඩා මෙහේ එන්න ආසාව කොච්චර කිව්වත්, පැහැදිලි උත්තරයක් නොලැබුණු එදා....

බස් නැවතුමේ මුණ ගැහුුුුණු මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනටත් සීට් එකක් එහෙම අල්ලලා දීලා, එයාගෙන් ලැබුණු ගුරුහරුකමුත් අතේ මොලවන් ගෙදර ඇවිත් 81 ජනවාරි පළවෙනි දා තලවකැලේ ගිය මට, මාතරින් ලියුමක් ආවේ, පෙබරවාරියේ විතර...

ඒත් ඒ වෙද්දී, තේ වලට හිත ගිහින් ඉවරයි.




16 comments:

  1. අපරාදේ කියල හිතෙන්නේ නැත්ද

    ReplyDelete
    Replies
    1. දේවල් වෙන්නේ හොඳම විදිහටයි කියලායි හිතන්නේ. ආ පස්සට තිත් යා කරන එක, දේවල් තේරුම් ගැනීමට කලයුතු දෙයක් තමයි. නමුත් රිවස් පෙති හොයන්න තරම් දෙයක් නැති බවයි හිතෙන්නෙ.
      80 කාලේ, මං දන්නා පමණින් විශ්වවිද්‍යාල වල අනාගත සැලසුම් තිබුණා. ඒ හැම දෙයක්ම පාහේ 83න් පස්සේ යුද්ධයත්, විප්ලවයත් දේශපාලනයත් අතර දියවෙලාම ගියා කියායි හිතෙන්නෙ.
      මං ගැන කිව්වොත්, 81 තලවාකැලේ රස්සාවට ගිහින්, 82 සැප්තැම්බරේ උසස් අධ්‍යාපනයට කැනඩාවට ආවා. ඒ තලවාකැලේ යන්න කලින් දාපු අයදුම්පතක් මත. ඔතන දෙසැම්බර් 30 දා GRE scores to Alberta/Ottawa කියා තියෙන සටහන ඒ සම්බන්ධවයි. එහෙම බැළුවාම අරහෙම වුනා නම් මෙයිට වෙනස් වෙන්න තිබුණා කියන හිතිවිල්ල ඇර, කණගාටුවක් නම් හිතෙන්නේ නැහැ.

      Delete
  2. මට පොද්ද්දක් වැරදුනා. ආපහු කියවන්න ආවේ ඒකයි . ඇමෙරිකාවට යන්න ආව යන්නේ නැතිව තලවකැලේ ගියා කියන අදහස තමා ආවේ. කැනඩා ආවේ තේ නිසාද ?

    ReplyDelete
    Replies
    1. තේ නිසාම නොවෙයි. වැඩිදුර අධ්‍යාපනයට යන්න, ගහපු අතුරු ප්ලෑන් සාර්ථක වීමෙන්. ඔතන තව කතන්දර තියෙනවා. වෙලාවක ලියන්න ඕනා.

      Delete
  3. මාතර යන්න ඔහේට ඔච්චර ඕනෑකමක් තිබුණේ ඇයි අර?

    ReplyDelete
    Replies
    1. අර ඕනෑ කමත් තිබුණා තමයි. නමුත් එයිට වඩා හේතුව වුනේ නම් මේ තරමටවත් පොසිටිව් උත්තරයක් ආපු විශ්ව විද්‍යාලේ රුහුණ වෙච්ච එක.

      Delete
  4. මං TOEFL කරන්න සල්ලි හොයා ගත්තේත් සෑහෙන අමාරුවෙන්. එතකොට රැකියාවක් කරනවා.

    ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලට අයැදුම්පත් දාන්න සල්ලි ගෙවන්න ඕනෑ බව (application fee, a minimum of $15) ඇමරිකන් සෙන්ටර් එකේ දී පොත් බලා දැන ගත්තා. ඉතිං අයැදුම්පත් දැම්මේ ඒසියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්ලොනොජි එකට විතරමයි (no application fee).

    ReplyDelete
  5. ටියුෂන් කෑලි දෙක තුනක් කරා මමත්. ඕකේ ලක්ෂ්මිගෙ 125 ඒම ආදායමක්. ඔයාට කැනේඩියන් එව්වා ට්රයි කරන්න තිබ්බේ. අපි කලේ මුලින්ම ඩිපාර්ට්මන්ට් වල එයා මේල් ( අර නිල් කොල) ලියුම් ලියන එක. එයාලා බොහෝ විට ප්රොපෙසර් කෙනෙක්ට දැම්මා. එයා එක්ක ලියුං ගනුදෙනු කරලා ඇඩ්මිෂන් යම් පමණකට ස්තිර වුනාම ඇප්ලිකේෂන් දැම්මේ.

    ReplyDelete
  6. ඩොක්ටර් ගෆාර් ගෙ කාලෙද TRI එකේ?

    ReplyDelete
    Replies
    1. මගේ මාමා කෙනෙකු වැඩ කළා මට මතක විදියට ටීආර්අයි එකේ, නම විතානගේ ප්‍රේමතිලක. (Amma's first cousin, a chemist, I guess) කොළඹ විවි උපාධිධාරී.

      Delete
    2. ඩොක්ට ගෆාර් ගේ අන්තිම වසරේ. 81 - 82. රසිකගේ මාමාගේ නම නම් හරි නිච්චියක් නැහැ.

      Delete
    3. මාව රස්සාවට ගත්තේත් ගෆාර් තමයි. වැඩ කලෙත් එයාට. ඒ කතාත් ලියන්නෝනා.

      Delete
    4. Dr. Gaff දැන් සෑහෙන්න වයසයි. ඒත් තාම වැඩ කරනවා, ප්‍රයිවට් සෙක්ටර් එකේ

      Delete
    5. PRA JAY
      ආරංචියට තුති. මට මතක එයා ගියේ අක්බාර් බ්‍රදර්ස්... තවම එතන ද? අපි ග්‍රීන් ටී ගැන වැඩ කලා.

      Delete
    6. Dr.G works for Stassen Exports

      Delete
    7. අහ්... තුති. මං හිතන්නෙ මගේ මතකය වැරදියි.

      Delete

Blogroll

About