------- එක--------
Ransirimal Fernando added 3 new photos.
පරණ කතාවල අළුත් පරිච්ඡේ ද....
71කේ සුද්ධ කිරිල්ලෙන් පසු එළඹෙන අපේ කාලයේ සරසවි මර්ධනය අැරඹෙන්නේ 1976 පේරාදෙණියේ වීරසූරිය ඝාතනයත් සමගයි. එදා කොළඹ සරසවිය අහල ඉන්දියානු තානාපති නිවසේ තාප්පයේ තාර අකුරින් ලියා තිබුනේ 'සිරිමාට ජපන් පොළු අපට බැටන් පොළු' කියාය. එ් නොවැම්බරයේ අැරඹුනු විරෝධතා රැල්ල, දේශපාලන සුනාමියක් වී නැගී බැසයන්නේ 70 වේ තුන්හවුල් අාණ්ඩුව හතර පහකට කඩා, ගෙදර යවා, ජේ.අාර්. ගේ ධර්මිෂ්ඨ සමාජය සිංහාසනාරූඨ කිරීමෙනි. වල්මත් වූ රටට අවශ්‍යය වන්නේ කෝවේ දමා මකා හැදීමක් බවත් එ්ක කරන්නට එ්කාධිපති ජේ.අාර්.ට පුළුවන් බවත් තරුණ අපේ කතා බහ අස්සේත් හුවමාරු වූ යුගයකි එ්.
එහෙත් ධර්මිෂ්ඨ සමාජයේ පොලිසිය හමුදාව හිටියේ නැත. කචල් දාන උන්ගේ අඬු කඩා, බෙලි කරකවා, සාමය අාරක්ෂා කලේ 'ජනතාවය'. ලංගම බස්වලින්, රජයේ අායතන වල වාහන වලින් ගමන් බිමන් ගිය, ජනතා අභිලාෂයන්ට එරෙහිව නීතිය රකින්නට ගිය අග විනිසුරු නිවෙස් වට කල ගල් පුජා කල 'ජනතාව' ය.
සරසවි සුද්ධය එදාත් අැරඹුනේ විදුලකරයෙනි. කැම්පස් හැතිකරයට ලොක්කෝ කවුද කියා දීමට පැමිණ, පුටු කකුල් වලින් පහරකා මියගිය, ක්‍රිස්ටෝපර් නම්වූ සිරිල් මැතිව් ගේ චණ්ඩියා ජනතා වීරයෙක් යැයි ජනාධිපති පැසසුම් ලැබීමෙනි.
එ්කට විරෝධයට කොළඹ සරසවියේ අසංග අබේසුන්දර අැටවූ ධර්මචක්‍ර තොරණේ, සම්මා අයි. අාර්. සී. කියා ත් තිබුණා මතකය.
තොරණ තිබුණේ දවස් දෙකක් විතරය.
තර්ස්ටන් පාරේ මාර ගස්යට සාක්කුවල ඩප්පිත් කලිසම් කකුල් අස්සේ කඩු කිරිචිචිත් වලින් සන්නද්ධ වී කල් මරමින් සිටි බොරැල්ලේ මොහමඩ් ගේ 'ජනතාව' ලංගම අාපදා රථ දෙකකින්, බස් එකකින් අැවිත්, වෙඩි තියා, කොල්ලන් කෙල්ලන් එලවා, තොරණ සුද්ධ කර පටවාගෙන යන තුරු විතරය. එදා රෑ ශිෂ්‍ය නායකයින්යැයි සැක කල තුන් දෙනෙක් බම්බලපිටියේ දී අත් අඩංගුවට ගත් මේ 'ජනතාව' බස් එකක පටවාගෙන ගෙන ගොස් රැයක් පුරා උන්ගෙන් කට උත්තර ගත්තේ සිරිකොතේ දීය.
අපි එදාත් මේ කතා ලියා තැබුවෙමු. කතාන්දර ලියා තැබීම, ඊළඟට නායකත්වය ගන්නා වුන්ට එ්වායින් ඉගෙන ගත හැකිවනසේ ජීවමානව තැබීම කවදාක හෝ එ් වැරදි හරිගස්සාගෙන රටක් ලෙස, හුස්ම ගන්නා ජනතාවක් ඉන්නා බව නායකයින් අවබෝධ කරගත් රටක් ලෙස අපේ රටට නැගිටින්නට රුකුලක් වේවියැයි සිතුවෙමු.
එ්ත් එ් කතන්දර උන් පාවිච්චි කරන්නේ කරන හැටි ඉගෙන ගැනීමට මිස, කරන දේ වෙනස් කරගන්නට, අඩුම ගානේ හිතන හිතිවිලිවත් වෙනස් කරගන්නට නොවේ.
කවුරු කොහොම කල්පනා කලත් කවර සිද්ධාන්ත සාධක ඉදිරිපත් කලත් ධර්මිෂ්ඨ සමාජය වර්ධනය වී ප්‍රවර්ධනය වී 83 එන්නේත්, එයිනුත් පසුව, 88-90 එන්නේත් මේ උද්ධච්ච කමම නිසායැයි මම සිතමි. අදත් මේ හිතිවිලි වල වෙනසක් වී නැත.
එසේ නොමැත්තේ නම්, සරසවි වල බල්ලන් බූරුවන් හරකුන් ගාල් කල හිටපු අැමැත්තයා තවමත් මේ කැබිනෙට්ටුවේ වාඩිවී ඉන්නේ නැත.
කොලු කෙල්ලන්ට එලව එලවා පොලුවලින් ගහන, ඔළු පලන පින්තූර මෙච්චර පෙන්නද්දී,
දැන් ඉන්න අධ්‍යාපන අැමැත්තයා ගේ හෝඩිපොතේ එස්කියුස් පත්තරේ යන්නේ නැත.
හිටපු ජනාධිපති තුමාගේ අතනින් මෙතනින් කිරි එරෙන්නේත් නැත.
ප්‍රශ්නයක් අැති කර එ්ක වල්කරගෙනත් එ් ප්‍රශ්නයෙනුත් හැකිතාක් දේශපාලන ප්‍රයොා්ජනම ගන්නවා මිස, උත්තර හොයා දෙන්නට, විසඳුමක් දෙන්නට කාටවත් තදියමක් පේන්නේ නැත.
එ් නිසාම අපට අායෙත් මේ කතාන්දර ලියා තැබීමට සිදුවී තිබේ. එසේ කල යුතු වන්නේ මේ ගුටිකන පරම්පරාවට එ් සිද්ධිවල සුලමුල මතක තබාගැනීමටය.

බලාපොරොත්තුව වනාහි මිනිසුන් ජීවත් කරවන සාපයකි.
------- දෙක--------
හැත්තැ අටේ සිරිල් මැතිව් ගෙ තගා, ගෝනවල සුනිල්ගෙ ගෝලයා, ක්‍රිස්ටෝපර් ජයතිලක කැළණිය සරසවියට ඇවිත් මැරුම් කාපු වෙලේ, කොළඹ කැම්පස් එකේ ධර්ම චක්කර තොරණක් ගහල තිබුණා. ඒකෙ අනිත් සම්මා පාඨ එක්ක ම ‘සම්මා අයි. ආර්. සී‘ කියලත් ලියල තිබුණා. මට මතක හැටියට තොරණෙ කැටයං කලේ අසංග අබේසුන්දර.
දවසයි හරියට තිබුණෙ. හවස ආව සම්මා කට්ටිය. ලංගමේ ආපදා ට්‍රක් වලින් තුවක්කුත් අරන්....
අපි දියුණුයි දැන්....!

------- තුන --------
අැයි දැන් රස්සාවක් ගන්න මේ වගෙ ලියුමක් අවශ්‍ය නැද්ද?
රසායන විද්‍යා විශේෂ සෙකන්ඩ් ක්ලාස් අපර් ඩිවිෂන් එකක් තිබිලත්, එයිට ඉහලින් සුදුසුකම් තියෙන එක්කෙනෙක් වත් ඉන්ටවිව් අැවිත් නොහිටලත්, මට ලුණුවිල පොල් පර්යේෂණායතනයෙ රස්සාව ලැබුනෙ නෑනෙ මේ ලියුම නැතුව....!
එ් විතරක් නෙවෙයි මගෙ ඉස්කෝල සගයා නිමල්ට උන්ගෙ අයියට පින්සෙන්ඩු වෙලා පක්ෂ කාර්යාලෙට ගිහින් මේ විදිහෙ ලියුමක් හදාල ඉදිරිපත් කරන කං, ලයිබ්රේරියන් වැඩේ හරිගියෙ නෑ සී.අාර්.අයි එකේ. කරුමෙ කියන්නෙ නිමල්ලගෙ ගේ සී.අාර්.අයි. අල්ලපු වැටේ. වෙන්නප්පුවෙන් අැග්රිකල්චර් ගිය දෙන්නගෙන් එකෙක් නිමල්.
අර මම ඉල්ලපු කර්මාන්ත රසායන විද්‍යා වේකන්සියට එ් පාර කොළඹ වයි.එම්.බී. එකේ දවස් දෙකක්ද කොහෙද තිබ්බ ඉන්ටවිවි එකෙන් කාවවත් ගත්තෙ නෑ. හැබැයි මාස හතරකට විතර පස්සෙ අායෙ අැඩ්වටයිස් කෙරුවා. එ් වෙද්දි වෙන තැනක රස්සාවක් තිබුණත් මම අැප්ලයි කෙරුව අායෙත්.
අායෙත් ඉන්ටවිව් ගියා.
ඉන්ටවිව් එක අන්තිම හරියෙ අහනවනෙ....
"ඩූ යූ හෑව් එනි කුවෙස්ටන්ස්..." කියල.
මං අැහැව්ව ඉතින්...
අහවල් අහවල් දවසෙ වයි.එම්.බී. එකේ මේ ජොබටම ඉන්ටවිව් තිබ්බ. මාත් අාව, ඔයාලත් අාව ප්‍රශ්නත් අැහුව.... කාවවත් ගත්තෙ නං නෑ.... දැන් මේ පාර කාව හරි ගන්නවද කියල.
මහාචාර්ය අබේවික්‍රම, අාචාර්ය පෙතියගොඩගෙ මූණ බලනව... එයා අබේවික්‍රමගෙ මූණ බලනව....
"යේස් යේස් අයි රිමෙම්බර් යූ කමින්... නොට් ෂුවර්....."
අද ඊයෙ වෙච්ච සංගදියක් නෙවෙයි 1980 හලෝ...
ජේ. අාර්. ගෙ කාලෙ.
අාරේ ගුණ නෑ රේ කිව්වලු.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිවරයා විසින් තමාගේ ආධාරකරුවෙකුට අධ්‍යයන කාර්ය මණ්ඩල තනතුරක් වන විශ්ව විද්‍යාල කථිකාචාර්ය තනතුරක් ලබා දෙන්නැයි විශ්ව විද්‍යාල පරිපාලනයට ලිපියක් යවා තිබේ. කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයෙ අංශාධිපති උපාලි හෙට්ටිආරච්චි මහතාට මෙම ලිපිය යවා ඇත්තේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල විසිනි. එම ලිපිය පහත දැක්වෙයි.
http://www.helabima.lk/read.php?as=14087