අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි.
එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවත්නා බවත්, ඒ ප්‍රසාරණ කාර්යාවලිය අතර තුරත්, බිලියන ගණන් තාරකා මියෙමින් උපදිමින් පවත්නා බවත් විද්‍යාඥයෝ උපකල්පනය කරති.
එහෙම බැළුවාම විශ්වය කියන්නේ, එක විදිහකින් නොනවතින ගිණිකෙලි සංදර්ශනයක් මෙන් යැයි මට සිතෙයි. එක් අහස් වෙඩිල්ලකින් විසිරෙන ගින්දර මල් පිපී නිවී යන්නාහාම තවත් අහස් වෙඩිල්ලක් අහසට නැග පුපුරා අලුත් මල් පුබුදුවයි. මේ ගිණි කෙළිය අවසන් වන්නේ, විශ්වයේ ප්‍රසාරණය අන්තයකට ගොස් නැවත සංකෝචනය වීමට පටන් ගැනීමෙනියි කියති. ඒ සංකෝචනය අවසානයේ නැවත මුළු මහත් විශ්වයම, කතාවට කියන්නා සේ අල්පෙනිති හිසක් තරමේ ඒකාත්මිකතාවයකට ගොනු වෙයි. ඒත් ආයෙත් නැවත පිපිරෙන්නටම විය යුතුමය. එනයින්, අර සැලියේ කකුළුවාත් අපත් පමණක් නොව මේ මහත් විශ්වයේ පැතිර ඇති සියළු ග්‍රහ තාරකාත්, දිය පැසෙන තුරු දිය කෙලින්නෝම වෙති.
මේ මොහොත අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාය. මන්දයත් මේ මොහොත ආපසු කවරාකාරයකින්වත් කොහේ කොතැනකදීවත් නැවත ප්‍රතිනිර්මාණය නොවන නිසාය. එසේ නිර්මාණය කරන්නට කවරෙකුට හෝ හැකිවන දවසක් පැමිණියද, ඒ මේ මොහොත නම් නොවන්නේමය.
එසේ ප්‍රතිනිර්මාණය කරනු තබා, සිතේ සිතුවිලිවත් නැවත එලෙසින්ම මවා ගත නොහැකි මොහොතවල් අටෝ රාසියකට අපි ජීවිතය යැයි කියමු. අර විශ්වය අැරඹුණාක් මෙන්ම අපේ ජීවිතවලටද ඇරඹුමක් තිබේ. විශ්වය මෙන්ම අපේ ජීවිතත්, හැදී වැඩී නොනවත්වා ප්‍රසාරණය වෙයි. ඒවායේත් අහස පුරා, නොනවැතීම, අහස් වෙඩි පුපුරා එළිය වෙයි.
පුංචි දරුවන්ට හැමදාම පුංචිවුන් වාගේම ඉන්නට පුළුවන් නම් යැයි අපට හිතුණු හිතෙන වාර ගණන නිමක් නැති මුත් උන් කවදාවත් එසේම සිටින්නේ නැත. එසේ සිටිනවා නම් මෙසේ මෙවැනි සටහන් ලියවෙන්නේත් නැත. සෑම මොහොතකම වටිනාකම රැඳී ඇත්තේ නොනැවතී වෙනස් වීම නම් වූ මේ පුංචි රහසේ ය. මේ ගලායාම තුල වසරකට වරක් අපි අපේ සිත්වලට බලකර සංකෝචනය වී නැවතත් අපේ විශ්වයේ උපතට හැරී බලමු.
ඉතින් අද දවස, අද මේ මොහොතේ මගේ සිතේ මතුවන්නාක් මෙන්ම, එදා මෙදාතුර ඔබේ විශ්වයේ අහස පුරා පිපුණු දිලිසුණු සියලුම ආලෝක බිඳිති වල ආලෝකය විඳින්නටත්, ඒ සතුට මැද සැනසෙන්නටත් තරම් වාසනාවන්ත දවසක් වේවා.
අම්මා, සුබ උපන්දිනයක්.
Continue Reading...