අඬන වැලි පාගමින්
තව තවත් හඬවනා
බයිසිකල් රෝද දෙක
නැවත නැවතත් ඇවිත්
එකම කතිරය ගසයි
කතිරයේ උඩ යටින්
අඩ හඳේ හැඩ ඇඳී
හීන් කොටු ඉරිවලින්
වැලි මිදුල පිරවිලා
මුලින් මුල අලවාපු
කඳුළු බිඳු දෙකක් මෙන්
අටේ ඉලක්කම ඇඳෙයි...
“අඩේ උඹ දැන් හුඟ සැරයක් ගියා...
ඊළඟට මගෙ වාරෙ...”
“තව දහපාරකින් දෙන්නං...
බයිසිකලේ මගෙ...”ජනවාරි 5, 20...