
මම හයේ හෝ හතේ පංතියේ ඉගෙන ගන්නා කාලයේ අපේ බාප්පා කසාද බැන්දේය.
තාත්තාගේ පවුලේ බාල පුතා වූ බාප්පා ඒ කාලයේ මරදානේ ටෙක්නිකල් කොලීජියේ ඉගෙනුම ලබමින් සිටි අතර ඊට අමතරව සීයාගේ ව්‍යාපාර කලමනාකරණයටද සහය විය. සීයාගේ ඇස් අන්ධය. මහගෙදර ඉදිරිපස ඉස්තෝප්පු කෑල්ලේ පුටුවක වාඩිවී සිටින සීයාගේ ප්‍රධාන කාරිය අසල කනප්පුවක් මත තිබෙන රේඩියෝවට සවන්...