
උදේ වරුවේ බස් එකේ කීරියන්කල්ලි ගිහින් ආ අපේ තාත්තා ගමේ ගොඩේ කියන විදිහට නම් මොලේ නහරයක් පුපුරා, නැත්නම් ඉංග්‍රිසි වෙදකමේ හැටියට ස්ට්‍රෝක් එකක් හෝ ඒකම සිංහලෙන් ලිව්වොත් ආඝාතයක් හේතුවෙන් ලෙඩවී වැටුනේ, නවසිය අසූ අටේ ජූලි මාසේ විසිහය වෙනිදා රාත්‍රියේය. එදා ඒ දේවල් වෙද්දී, ගෙදර හිටි අපේ අම්මාත්, චූටි නංගීත්, පණිවිඩ යවා ගෙන්නාගත් බාප්පාත්...