Monday, October 30, 2017

කින්නර ගීතය

Share it Please



ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඔබේ
ප්‍රේම ගීතය
කින්නරාවියනේ...

උච්ච ස්වරයෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

ගලා ගිය සඳ වතුර සිඳී ගිය රෑ
අන්ධකාරයේ ස්වර සත ගලගා
කණට නෑසෙන උච්ච සරයෙන්
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

තාරකා මල් ගෙල සිඳී
ලේ ගලා මියැදුනු රැයේ
වාලුකා තල සැඩ සුලං වැද ගිනි දවා
ගලන්නට ලෝ දිය ගඟක් වී
ගයනු මැනවී ඉතින්
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...

කණට නෑසෙන උච්ච සරයේ
තියුණු හී යෙන් දැදුරු කර ලය
සිඳී සුන්වී විසිර යන්නට කැබැලිවී
පලිඟු බඳුනේ රැඳුන ජීවය විසිරිලා
ගයනු මැනවී ඉතින්
ගයනු මැනවී ඉතින්...
ප්‍රේම ගීතය ගයනු මැනවී
කින්නරාවියනේ...



December 24, 2009 

4 comments:

  1. කණට නෑසෙන උච්ච සරයේ
    තියුණු හී යෙන් දැදුරු කර ලය
    ගයනු මැනවී ඉතින්...

    අගෙයි...
    ශ්‍රීලාල්

    ReplyDelete
    Replies
    1. කා ගැනවත් විශේෂයෙන් හිතලා ලියපු එකක් නං නෙවෙයි හැබැයි.
      තුති සටහනට.

      Delete

Blogroll

About