Tuesday, October 10, 2017

පිණි බිංදු අවුණන සුරඟන

Share it Please


කඳුළු කඳු මුදුනත
දැවටෙන සිහින හිම මත
සුළැඟිලි අගින් මම
ලියන්නෙමි ඔබේ නම

අහස් ගඟ ඉවුර මල් මත
හෙමින් පා තබ තබා ඇවිදින
සිහින් විල්ලූද තටුවල
පිණි බිංදු අවුණන සුරඟන

පුංචි පොඩි තරු කැට
ඔය මුදු පා පොඩිති යට
කිති කැවී හිනාවෙන හඬ
ඇහෙනවා ඇහෙනවා මට

ලපැටි සමනල් තටුවක
පාට කුඩු ඇඟිලි තුඩගට
අරගෙන හෙමින් පිඹ
එවනවද කියා සුළඟට

නිසංසල සිහින අරගෙන
මද අඳුරු දම්පාට අහසක
පියවෙන නෙතු පියන් යට
රැඳවෙන්න එක රැයකට

3 comments:

  1. අච්චර ලස්සන කතා ලියන්න තියෙද්දී මොනවද බං මේ ලියන එලොවටත් මෙලොවටත් නැති මඟුල්.

    ReplyDelete
  2. :)
    හැබැයි කැන්ද කොලවලට ගතු කියන එක එ් තරං හරි නෑ නේද?

    ReplyDelete
  3. අමුතුම ෆීලින් එකක් තියෙනවා ඒකෙත්..

    ReplyDelete

Blogroll

About